The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල සුදුසුකම් ලැබීමේ ශූරතාව දිනයි

T

The Leader Desk

May 8, 2024 • 4:42 AM

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල සුදුසුකම් ලැබීමේ ශූරතාව දිනයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව දිනාගැනීමට අද (8) සමත් විය.
  • චමරි අතපත්තු නැවත වරක් ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණයේ දැවැන්තම කොටස්කාරී බවට පත්වෙමින් පන්දු 63 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහර 4  ක් සමගින් ලකුණු 102 ක් රැස්කිරීමට සමත් වූවාය.
  •     ශූරතාව දිනූ  ශ්‍රී ලංකාව සහ අනු ශූරතාව හිමිකරගත් ස්කොට්ලන්තය, බංගලාදේශයේදී ලබන ඔක්තෝම්බර් මස පැවැත්වෙන විස්සයි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීය.
  • තරගයේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළහ.
අකුරු ප්‍රමාණය (Font Size):

අබුඩාබිහිදී පැවැති අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල (169/5) ලකුණු 68 කින් ස්කොට්ලන්තය පිල (101/7) පරාජය කරමින් ශූරියෝ බවට පත්වූහ.

චමරි අතපත්තු නැවත වරක් ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණයේ දැවැන්තම කොටස්කාරී බවට පත්වෙමින් පන්දු 63 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහර 4  ක් සමගින් ලකුණු 102 ක් රැස්කිරීමට සමත් වූවාය.

 

438302576 845941727570945 3998162847448248423 n

 

ශූරතාව දිනූ  ශ්‍රී ලංකාව සහ අනු ශූරතාව හිමිකරගත් ස්කොට්ලන්තය, බංගලාදේශයේදී ලබන ඔක්තෝම්බර් මස පැවැත්වෙන විස්සයි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීය.


තරගයේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළහ.

ඒ අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 169ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 101ක් පමණි.

උදේෂිකා ප්‍රබෝධනී ලකුණු 13කට කඩුලු 3ක් දවා ගත්තාය.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...