The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
ක්‍රීඩා

යුක්රේන් යුද්ධය පළමු ඔලිම්පික් ක්‍රීඩක බිල්ල ගනී

T

The Leader Desk

May 8, 2024 • 10:24 AM

යුක්රේන් යුද්ධය පළමු ඔලිම්පික් ක්‍රීඩක බිල්ල ගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුක්රේනයේ පවතින යුද්ධයෙන් මිය ගිය පළමු ඔලිම්පික් ක්‍රීඩකයා බවට බර ඉසිලීමේ ක්‍රීඩකයෙක් පත්ව සිටිනවා.
  • යුද්ධයේ නිරතව සිටියදී Pielieshenko මරුමුවට පත්වූ බව යුක්රේනයේ ජාතික ඔලිම්පික් කමිටුව නිවේදනය කළා.
  •   යුද්ධයේ නිරතව සිටියදී Pielieshenko මරුමුවට පත්වූ බව යුක්රේනයේ ජාතික ඔලිම්පික් කමිටුව නිවේදනය කළා.
  • රුසියානුවන් යුක්රේනය ආක්‍රමණය කළ පළමු දිනයේ පටන් යුද හමුදාවට බැඳී සිටි මේ 30 හැවිරිදි බර ඉසිලීමේ ක්‍රීඩකයා දෙවතාවක් ම යුරෝපීය ශූරයා බවට පත්ව සිටියා.
අකුරු ප්‍රමාණය (Font Size):

 Oleksandr Pielieshenko

 

රුසියානුවන්ගෙන් යුක්රේනය ආරක්ෂා කරමින් සිටියදී ඉරිදා රට වෙනුවෙන් දිවි පිදූ Oleksandr Pielieshenko බර ඉසිලීමේ ක්‍රීඩකයා  2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 85 ලයිට්-හෙවිවේට් අංශයේ සිවු වැනි ස්ථානයට පත්වුනා. මීට අමතරව ඔහු යුරෝපීය ශූරතාව දෙවතාවක් දිනා ගැනීමට ද සමත් වුනා.


යුද්ධයේ නිරතව සිටියදී Pielieshenko මරුමුවට පත්වූ බව යුක්රේනයේ ජාතික ඔලිම්පික් කමිටුව නිවේදනය කළා.

 

යුද්ධයේ නිරතව සිටියදී Pielieshenko මරුමුවට පත්වූ බව යුක්රේනයේ ජාතික ඔලිම්පික් කමිටුව නිවේදනය කළා.


රුසියානුවන් යුක්රේනය ආක්‍රමණය කළ පළමු දිනයේ පටන් යුද හමුදාවට බැඳී සිටි මේ 30 හැවිරිදි බර ඉසිලීමේ ක්‍රීඩකයා දෙවතාවක් ම යුරෝපීය ශූරයා බවට පත්ව සිටියා. කෙසේ වෙතත්, 2018 වසරේදී තහනම් ශරීර උත්තේජන පරීක්ෂණයකින් අසමත් වීමෙන් තරග තහනමකට ලක්වූ බැවින් ඔහු ඉන්පසු තරග බිමට පිවිසියේ නැහැ.

වෘත්තීය ක්‍රීඩාවන්ට සම්බන්ධ යුක්රේනුවන් 450 දෙනෙකු පමණ මේ වන විට යුද්ධයෙන් මිය ගොස් සිටින බව වාර්තා වනවා.

“මේ පුද්ගලයන් සිටිය යුත්තේ අපේ රටේ ක්‍රීඩාව නගා සිටුවමින් ඔවුන්ගේ සාමාන්‍ය ජීවිත ගත කරමින්. නමුත් දැන් සිදුවී තිබෙන්නේ ඔවුන්ව මරා දැමීමයි” තවත් යුක්රේන් ඔලිම්පික් ක්‍රීඩකයෙකු වන Vladyslav Heraskevych පවසනවා.

 

“මේ පුද්ගලයන් සිටිය යුත්තේ අපේ රටේ ක්‍රීඩාව නගා සිටුවමින් ඔවුන්ගේ සාමාන්‍ය ජීවිත ගත කරමින්. නමුත් දැන් සිදුවී තිබෙන්නේ ඔවුන්ව මරා දැමීමයි”


“ඒ අතරතුර යුද්ධයට සහාය දක්වන රුසියානු ක්‍රීඩකයන් දැන් ජාත්‍යන්තර ක්‍රීඩාවල තරග කරනවා. ඒක එහෙම වෙන්නේ කොහොමද කියා මට තේරුම් ගන්න බැහැ. මේක නම් මහ පිස්සුවක්” ඔහු කියනවා.

යුක්රේනයේ විරෝධතාව මධ්‍යයේ සමහර රුසියානුවන්ට ‘මධ්‍යස්ථ’ ක්‍රීඩකයන් ලෙස මේ වසරේ පැරිස් ඔලිම්පික් උළෙලේ තරග කිරීම සඳහා අවසර දීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) ගත් තීරණය සම්බන්ධයෙන් මතුව තිබෙන ප්‍රශ්න Pielieshenkoගේ මරණයෙන් පසුව වැඩි වීමට ඉඩ තිබෙනවා.

 



රුසියානු ක්‍රීඩකයන් 54 දෙනෙක් දක්වා පිරිසක් පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබනු ඇතැයි IOCය අපේක්ෂා කරනවා. කෙසේ වෙතත්, යුක්රේනයේ සිදුකර ගෙන යන යුද්ධයට ප්‍රසිද්ධියේ සහයෝගය දක්වන රුසියානුවන් හෝ එහි හමුදාවන්ට සම්බන්ධකමක් තිබෙන රුසියානුවන්ට ඔලිම්පික් සහභාගිත්වය තහනම් කර තිබෙනවා.

පැරිසියට යන රුසියානු ක්‍රීඩකයන්ට ඔලිම්පික් සමාරම්භක උත්සවයට සහභාගි වීමටත්, ඔවුන්ගේ රටේ ධජය හෝ ජාතික ගීය භාවිතා කිරීමටත්, පාපන්දු හා බාස්කට්බෝල් වැනි කණ්ඩායම් ක්‍රීඩාවලට සහභාගි වීමටත් අවසර ලැබෙන්නේ නැහැ. බෙලරුසියාවේ ක්‍රීඩකයන්ටත් මේ බාධක ම පනවා තිබෙනවා.

 

np file 238622හිටපු අමෙරිකා විවෘත ටෙනිස් ශූරයා වන Daniil Medvedev  

 

රුසියානු කණ්ඩායම ජූඩෝ ක්‍රීඩකයන් 10-12ක්, මල්ලවපොර ක්‍රීඩකයන් කිහිප දෙනෙක් සහ හිටපු අමෙරිකා විවෘත ටෙනිස් ශූරයා වන Daniil Medvedev ඇතුළු ලොව ඉහළ ම පෙලේ ටෙනිස් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගෙන් සමන්විත වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. අවම වශයෙන් පාපැදි තරගකරුවන් තිදෙනෙකු හා කරණම ගැසීමේ ක්‍රීඩකයෙකු ද රුසියානු කණ්ඩායමට ඇතුළත් වීමට ඉඩ තිබෙනවා.

 

රුසියාව 2021 ටෝකියෝ ඔලිම්පික් උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 335 දෙනෙක් සහභාගි කරවමින් රන් පදක්කම් 20ක් සමග පදක්කම් 71ක් දිනා ගත්තා. එම ක්‍රීඩා උළෙලේදී සහ 2018 හා 2022 ශීත සෘතු ඔලිම්පික් උළෙලවලදී ඔවුන් ජාතික ලාංජනය නොමැතිව තරග කළේ රුසියානු රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කෙරුනු අපකීර්තිමත් තහනම් ශරීර උත්තේජන භාවිතය ලෝකයට අනාවරණය වීම නිසාවෙන්.

සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...