The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
ක්‍රීඩා

කාවා නේෂන්ස් ලීග් වොලිබෝල්: ශ්‍රී ලංකා කණ්ඩායම අද පාකිස්තානයට

T

The Leader Desk

May 8, 2024 • 10:53 AM

කාවා නේෂන්ස් ලීග් වොලිබෝල්: ශ්‍රී ලංකා කණ්ඩායම අද පාකිස්තානයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට පෙර සමූහ ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව: මේ සිට (අසුන් ගෙන) අභ්‍යාසක සුසිරි මංගල, ප්‍රධාන පුහුණුකරු චන්න ජයසේකර, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්.නාලක, සම්මේලනයේ සභාපති කංචන ජයරත්න, කළමනාකරු ශ්‍රීමාල් ද සිල්වා, නායක දීප්ති රොමේෂ්, සහාය පුහුණුකරු නිශාන් ඉන්දික. (පසුපෙල ) මනෝජ් සුරංග, මලීෂ රවිශාන්, ඉසුරු මධුෂාන්, ප්‍රනීත් දිනේන්ද්‍ර, ෂෙහාන් විමුක්ති, සනුක මධුභාෂන, වසන්ත ලක්මාල්, අයේෂ් දිල්හාන්, ලහිරු ප්‍රමුදිත, මන්ජුල නලීන්, දුලංජන් සංදීප මහේෂ් වන්නිගමගේ, විමුක්ති සාගර
  • ඉස්ලාමාබාද් නුවර PSB ක්‍රීඩා සංකීර්ණයේ Liaqat Gymnasium හි මැයි 11 සිට 17 දක්වා මේ ශූරතාවලිය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, ඉරානය, කිර්ගිස්තානය හා ටර්ක්මෙනිස්තානය යන රටවල් හයේ සහභාගිත්වයෙන්.
  •   දීප්ති රොමේෂ්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම දීප්ති රොමේෂ්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ චන්න ජයසේකර.
  • එය මේ තරගාවලියේ ආරම්භක දිනය වන මැයි 11 වැනිදා දෙවැනි තරගය ලෙස ක්‍රීඩා කිරීමටයි නියමිතව තිබෙන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමය (Central Asian Volleyball Association – CAVA) මෙහෙයවන කාවා නේෂන්ස් ලීග් (පිරිමි) වොලිබෝල් තරගාවලියට සහභාගි වීම පිණිස ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ජාතික වොලිබෝල් කණ්ඩායම අද පාකිස්තානය බලා පිටත්ව යනවා.

ඉස්ලාමාබාද් නුවර PSB ක්‍රීඩා සංකීර්ණයේ Liaqat Gymnasium හි මැයි 11 සිට 17 දක්වා මේ ශූරතාවලිය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, ඉරානය, කිර්ගිස්තානය හා ටර්ක්මෙනිස්තානය යන රටවල් හයේ සහභාගිත්වයෙන්.

 

274367672 105691278722956 3980191787025084157 nදීප්ති රොමේෂ්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම


දීප්ති රොමේෂ්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ චන්න ජයසේකර.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය පැවැත්වෙන්නේ කිර්ගිස්තානය ට එරෙහිව. එය මේ තරගාවලියේ ආරම්භක දිනය වන මැයි 11 වැනිදා දෙවැනි තරගය ලෙස ක්‍රීඩා කිරීමටයි නියමිතව තිබෙන්නේ.

ශ්‍රී ලංකාව ඊළඟට තරග වදින්නේ සත්කාරක පාකිස්තානය සමග. එම තරගය මැයි 12 වැනිදා පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර තරගය මැයි 13 වැනිදාත්, ශ්‍රී ලංකාව හා ඉරානය අතර ගැටුම මැයි 15 වැනිදාත්, ශ්‍රී ලංකාව හා ටර්ක්මෙනිස්තානය අතර සටන මැයි 16 වැනිදාත් පැවැත්වෙන අතර මැයි 17 පස්වරුවේ අවසන් තරග ක්‍රීඩා කිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ තරගාවලිය නිමා වී දින 8කට පසුව ඔස්ට්‍රේලියානු වොලිබෝල් කණ්ඩායම ඉතිහාසයේ ප්‍රථම වතාවට පාකිස්තානයේ තරග තුනක සංචාරයක් සඳහා පැමිණීමට නියමිතයි.

 

439078438 476968434661199 4361151518804153597 n

සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කාවා නේෂන්ස් ලීග් වොලිබෝල්: ශ්‍රී ලංකා කණ්ඩායම අද පාකිස්තානයට | The Leader