The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
ක්‍රීඩා

අතුරුදන්ව තිබූ මැරඩෝනාගේ ‘රත්තරං බෝලය’ වෙන්දේසියේ

T

The Leader Desk

May 10, 2024 • 9:54 AM

අතුරුදන්ව තිබූ මැරඩෝනාගේ ‘රත්තරං බෝලය’ වෙන්දේසියේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 1986 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස ආජන්ටිනාවේ ඩිඒගෝ මැරඩෝනා ට ලැබුනු ‘රත්තරං බෝලය’ - Golden Ball -
  • නොදන්නා තත්ත්වයන් යටතේ දශක ගණනාවක් තිස්සේ ආගිය අතක් නැතිව තිබූ මේ කුසලානය ලබන මාසයේ පැවැත්වෙන වෙන්දේසියකදී ඩොලර් මිලියන ගණනක විශාල මුදලකට විකිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
  • මැරඩෝනාගේ දීප්තිමත් ක්‍රීඩා දිවියේ මේ වටිනා සිහිවටනය ජූනි 6 වැනිදා පැරිසියේ Aguttes වෙන්දේසි නිවහනේ දී අලෙවි කිරීමට නියමිතව තිබෙනවා.
  • මේ ජනප්‍රිය ගෝල් ද්විත්වය වාර්තා වූයේ මිනිත්තු පහකටත් අඩු කාලයක් ඇතුළත.
අකුරු ප්‍රමාණය (Font Size):

කුසලානය දීර්ඝ කාලයක් අතුරුදන්ව තිබී දැන් මතුවී තිබෙන්නේ ඩොලර් මිලියන ගණනක අලෙවියකට මං විවර වෙමින්.

නොදන්නා තත්ත්වයන් යටතේ දශක ගණනාවක් තිස්සේ ආගිය අතක් නැතිව තිබූ මේ කුසලානය ලබන මාසයේ පැවැත්වෙන වෙන්දේසියකදී ඩොලර් මිලියන ගණනක විශාල මුදලකට විකිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මැරඩෝනාගේ දීප්තිමත් ක්‍රීඩා දිවියේ මේ වටිනා සිහිවටනය ජූනි 6 වැනිදා පැරිසියේ Aguttes වෙන්දේසි නිවහනේ දී අලෙවි කිරීමට නියමිතව තිබෙනවා.

 

15875216 1246783535397780 2500646564118953735 o1986 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස ආජන්ටිනාවේ ඩිඒගෝ මැරඩෝනා ට ලැබුනු ‘රත්තරං බෝලය’ - Golden Ball - කුසලානය

මැරඩෝනාගේ නායකත්වය යටතේ ආජන්ටිනාව පාපන්දු ලෝක කුසලානය දිනා ගත් 1986 තරගාවලියේ මැරඩෝනා ඇඳ සිටි කමිසය 2022 වසරේදී ඩොලර් මිලියන 9.3කට ආසන්න මුදලකට අලෙවි වූයේ ක්‍රීඩා සිහිවටනයක අලෙවිය සඳහා තිබූ වාර්තාව ද බිඳ දමමින්.

ballමැරඩෝනා ඔහු‌ගේ අතින් පන්දුව දැල තුළට යවා ‘දේව හස්තය’ – Hand of God - ලෙසින් පසුව ප්‍රසිද්ධ වූ ගෝලය ලබා ගත් පාපන්දුව

 

එම තරගාවලියේ එංගලන්තය ට එරෙහිව පැවති අර්ධ අවසන් පූර්ව තරගයේදී මැරඩෝනා ඔහු‌ගේ අතින් පන්දුව දැල තුළට යවා ‘දේව හස්තය’ – Hand of God - ලෙසින් පසුව ප්‍රසිද්ධ වූ ගෝලය ලබා ගත් පාපන්දුව ඩොලර් මිලියන 2.4කට පසුගිය වසරේදී අලෙවි වුනා.

 



මේ ආන්දෝලනාත්මක ගෝලයෙන් පසුව මැරඩෝනා එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ බාධා මඟහරිමින් පන්දුව සමග අතිවිශිෂ්ට දිවීමක නිරත වී ලබා ගත් ගෝලය ‘ශතකයේ ගෝලය’ – Goal of the Century - නමින් ඉතිහාසගත වුනා.


මේ ජනප්‍රිය ගෝල් ද්විත්වය වාර්තා වූයේ මිනිත්තු පහකටත් අඩු කාලයක් ඇතුළත. මැරඩෝනා‌ නමැති ආජන්ටිනා පාපන්දු සුපිරි තරුව උපරිම දීප්තියෙන් බැබලෙන අයුරු ලෝකය දුටුවේ ඔහුගේ මේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩාවෙන්.

එම තරගාවලියේ අවසාන මහා තරගයේදී බටහිර ජර්මනිය ගෝල් 3-2කින් පරාජය කරමින් ආජන්ටිනාව ඔවුන්ගේ පාපන්දු ලෝක කුසලාන තුනෙන් දෙවැනි කුසලානය දිනා ගත්තා.

 

gold ballපැරිසියේදී ලබන මාසයේ වෙන්දේසියට තැබෙන ‘රත්තරං බෝලය’ කුසලානයේ ඉතිහාසය අභිරහසකින් වැසී තිබෙනවා.

පැරිසියේදී ලබන මාසයේ වෙන්දේසියට තැබෙන ‘රත්තරං බෝලය’ කුසලානයේ ඉතිහාසය අභිරහසකින් වැසී තිබෙනවා.

එක කතාවකට අනුව එම කුසලානය, මැරඩෝනා ඉතාලියේ Napoli කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටි අවධියේ මාෆියා සංවිධානය විසින්  සොරකම් කර පසුව රන් කුට්ටිවලට උණුකළ බව පැවසුනා. අනෙක් කතාවලින් ඇඟවුනේ මැරඩෝනා පෝක තරගයකදී එම කුසලානය පරාජය වූ බව හෝ ඔහු‌ එම කුසලානය විකුණා ඔහුගේ ණය ගෙවූ බව යි.



අතුරුදන්ව තිබූ මේ කුසලානය වසර 38කට පසුව දැන් මතුවී තිබෙනවා. මැරඩෝනාගේ ජීවිත චරිතාපදාන පොත් දෙකක් තිබුන ද ඉන් එකක හෝ මේ කුසලානය සොරකම් කෙරුනු බවක් සඳහන් වන්නේ නැහැ.

 

230103210753 pba maradonaමැරඩෝනාගේ ජීවිත චරිතාපදාන පොත් දෙකක් තිබුන ද ඉන් එකක හෝ මේ කුසලානය සොරකම් කෙරුනු බවක් සඳහන් වන්නේ නැහැ.

අවසානයේ සොයා ගෙන තිබෙන්නේ මේ කුසලානය නිර්නාමික ගැනුම්කරුවෙකු විසින් වෙන්දේසියකදී මිලදී ගෙන ඇති බව. මේ පුද්ගලයා තවත් කුසලාන කිහිපයක් සමග මේ කුසලානය ද මිලදී ගෙන ඇතත් එය මෑරඩෝනාගේ ‘රත්තරං බෝලය’ බව ඒ අවස්ථාවේ දැන සිට නැහැ.

මේ නිර්නාමික පුද්ගලයා මැරඩෝනාගේ කුසලානය මිලදී ගෙන තිබෙන්නේ 2016 වසරේ ප්‍රංශයේ පැවති වෙන්දේසියකින්. එය ‘රත්තරං බෝලය’ විය හැකි බවට ඔහුට වැටහී තිබෙන්නේ අන්තර් ජාලයේ මේ පිළිබඳව කළ සෙයා බැලීමකින් පසුව. ඒ අවස්ථාවේදී ඔහු මැරඩෝනා සහ ජගත් පාපන්දු සම්මේලනය සම්බන්ධ කර ගැනීමට ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වී තිබෙනවා.

 



ඩිඒගෝ මැරඩෝනාගේ ‘රත්තරං බෝලය’ කුසලානය සොයා ගෙන වසරක පමණ කාලයක් තිස්සේ සිදු කළ දීර්ඝ පරීක්ෂාවකින් පසුව මේ කුසලානයේ සැබෑ නිවැරදි බව Aguttes වෙන්දේසි නිවහනේ විශාරදයින් විසින් තහවුරු කරගෙන තිබෙනවා.


සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...