The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
ක්‍රීඩා

කොවිඩ් ලොක්ඩවුන් යළි සිහිගන්වන ඔලිම්පික් පෝස්ටර

T

The Leader Desk

May 12, 2024 • 10:12 AM

කොවිඩ් ලොක්ඩවුන් යළි සිහිගන්වන ඔලිම්පික් පෝස්ටර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන කාලයේදී ‘නිවසේ සිට වැඩ කරන්න’- Work from Home - යනුවෙන් සඳහන් රජයේ පෝස්ටර මෙට්රෝ
  • මේ දක්වා විකිණී තිබෙන ප්‍රවේශපත් මිලියන අටෙන් ප්‍රංශ ජනතාව මිලියන තුනකට වැඩි ටිකට් ප්‍රමාණයක් මිලදී ගෙන ඇති අතර පැරිස් කලාපයේ වෙසෙන ජනයා මිලදී ගත් මිලියන 1.7ක ප්‍රවේශපත් ද මීට ඇතුළත්.
  • ඔබේ නගරයේ පැවැත්වෙන මේ ක්‍රීඩා උළෙල ඔබට ඇදහිය නොහැකි තරමේ දෙයක් බවට පත්වේවි.” ප්‍රංශ ටෙනිස් තරුවක් මෙන්ම ප්‍රංශ පිරිමි පැරාලිම්පික් ටෙනිස් කණ්ඩායමේ නායකයා ද වන Yannick Noah මෙසේ කියනවා: “ඔලිම්පික් ගැන ඔය මැසිවිලි කිරීම දැන්වත් නතර විය යුතුයි.
  • ඒ ගැන හරියට වටහා නොගන්නා පුද්ගලයන් බොහෝ දෙනෙක් ඉන්නවා කියලයි මම හිතන්නේ.”   ස්වේච්ඡා ඔලිම්පික් රැකියා 45,000ක් වෙනුවෙන් පුද්ගලයන් 300,000ක් ඉල්ලුම් කළ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ප්‍රංශ ජනාධිපතිවරයා හඳුන්වන්නේ ‘ජාතියේ ආඩම්බරය’ ලෙසින්.
අකුරු ප්‍රමාණය (Font Size):
දුම්රිය ස්ථානවල මෑතකදී ප්‍රදර්ශනය වී තිබෙනු දැකීමෙන් පැරිසියේ ජනතාවගේ කොවිඩ් වසංගත කාලයේ මතකය අලුත් වී තිබෙනවා. 
 
මේ පෝස්ටරවලින් රජය පැරිස්වාසීන්ට ලබා දී තිබෙන්නේ ප්‍රමාණයට වඩා වැඩිවන මහජන ප්‍රවාහන සේවයේ තදබදය මඟහරින උපදෙසක් වූවත් සමහර පැරිසියානුවන් මේ පෝස්ටර දැකීමෙන් අන්දමන්දව සිටිනවා.
 
“ඒක ටිකක් කොවිඩ් ලොක්ඩවුන් එක ආයෙත් ඇවිත් වගේ හැඟීමක්” යනුවෙන් සරණාගතයින්ට සහාය වන ස්වේච්ඡා සේවිකාවක වන 24 හැවිරිදි ජූලි කියනවා.

 methode times prod web bin d429be52 c36b 40b5 8c91 096d69f1169fඔලිම්පික්වලට ඉඩ දීම සඳහා, නගරය මැද ඉන්න නිවෙසක් නැති පුද්ගලයින්ව ඔවුන් සිටින ස්ථානවලින් ඉවත් කිරීම මම අනුමත කරන්නේ නැහැ
 
“ඒක හරියට, ‘පැරිස් ජනතාවනි, මෙතරම් විශාල මුදලක් ඔලිම්පික් වෙනුවෙන් වැය කරද්දී, එයින් ඉවත්ව ඔබ ගෙදරට වෙලා ඉන්න’ කියනවා වගෙයි. පෞද්ගලිකව, මම නම් ඉන්නේ ඔ්වයින් ඉවත් වෙලායි.”

“ඔලිම්පික්වලට ඉඩ දීම සඳහා, නගරය මැද ඉන්න නිවෙසක් නැති පුද්ගලයින්ව ඔවුන් සිටින ස්ථානවලින් ඉවත් කිරීම මම අනුමත කරන්නේ නැහැ” යනුවෙන් ඇය සඳහන් කරන්නේ පොලිසිය විසින් පැරිසියේ සිටින සරණාගතයින්ගේ කූඩාරම් කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන්.

පැරිසිය ඔලිම්පික් හා පැරාලිම්පික් උළෙලට සූදානම් වන මේ අවස්ථාවේදී, දේශපාලනඥයින්, ක්‍රීඩා තරු සහ ජනාධිපති Emmanuel Macron, විප්ලවීය වශයෙන් වෙනස් ආකාරයේ යැයි හඳුන්වනු ලබන ක්‍රීඩා උළෙලකට මහජන සහයෝගය දිනා ගැනීමේ උත්සාහයක නිරතව සිටිනවා.
 
සෙන් නදියේ ඔලිම්පික් උත්සවය ගැන නැවත හිතන්න වෙනවා -ප්‍රංශ ජනාධිපතිජනාධිපති Emmanuel Macron
 
පැරිස්වාසීන් බොහෝ දෙනෙක් පසුවන්නේ උද්යෝගයෙන්. මේ දක්වා විකිණී තිබෙන ප්‍රවේශපත් මිලියන අටෙන් ප්‍රංශ ජනතාව මිලියන තුනකට වැඩි ටිකට් ප්‍රමාණයක් මිලදී ගෙන ඇති අතර පැරිස් කලාපයේ වෙසෙන ජනයා මිලදී ගත් මිලියන 1.7ක ප්‍රවේශපත් ද මීට ඇතුළත්. නමුත් ප්‍රංශයේ අගනුවර ජීවත් වන අනෙක් ජනතාවට මේ කලබලකාරී තදබදයෙන් මිදීම පිණිස නගරයෙන් පලා යාමට හෝ ඔවුන්ගේ මහල් නිවාස ලොකු මුදලකට කුලියට දීමට අවශ්‍යව තිබෙනවා. 
000 32VG69KAnne Hidalgo
 
පැරිස් පුරපතිනි Anne Hidalgo මෑතකදී එනුවර වැසියන්ගෙන් මෙසේ ඉල්ලා තිබුනා: “නගරය අතහැර යන්න එපා. ඒක ලොකු මෝඩකමක් වේවි. ඔබේ නගරයේ පැවැත්වෙන මේ ක්‍රීඩා උළෙල ඔබට ඇදහිය නොහැකි තරමේ දෙයක් බවට පත්වේවි.”

ප්‍රංශ ටෙනිස් තරුවක් මෙන්ම ප්‍රංශ පිරිමි පැරාලිම්පික් ටෙනිස් කණ්ඩායමේ නායකයා ද වන Yannick Noah මෙසේ කියනවා: “ඔලිම්පික් ගැන ඔය මැසිවිලි කිරීම දැන්වත් නතර විය යුතුයි. මුළු ලෝකය ම මෙතන ඉඳීවි. එය ඉතාමත් අලංකාරයක් ගෙන දේවි. ඒ ගැන හරියට වටහා නොගන්නා පුද්ගලයන් බොහෝ දෙනෙක් ඉන්නවා කියලයි මම හිතන්නේ.”
 
ස්වේච්ඡා ඔලිම්පික් රැකියා 45,000ක් වෙනුවෙන් පුද්ගලයන් 300,000ක් ඉල්ලුම් කළ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ප්‍රංශ ජනාධිපතිවරයා හඳුන්වන්නේ ‘ජාතියේ ආඩම්බරය’ ලෙසින්. ඔලිම්පික් මැරතන් තරග මාර්ගයේ රාත්‍රියේදී දිවීමට ප්‍රථම වතාවට සාමාන්‍ය ජනතාවට අවස්ථාව උදා වී තිබීම නිසා පැරිසිය මේ ඉසව්ව හඳුන්වන්නේ ‘ජනතාව වෙනුවෙන් තිබෙන ඔලිම්පික් උළෙලක්’ වශයෙන්. ඔලිම්පික් ගම්මානය සහ ඔලිම්පික් ජලක්‍රීඩා මධ්‍යස්ථානය යන ප්‍රධාන ඉදිකිරීමේ ව්‍යාපෘති දෙක ම දැන් නිමවී තිබෙන අතර මෙයින් අගනුවරට උතුරෙන් පිහිටි ප්‍රදේශවල තිබෙන අඩු ආදායම්ලාභී පෙදෙස් දිරි ගැන්වීමට අදහස් කර තිබෙනවා.
පැරිස් ඔලිම්පික්: සෙන් ගංගාවේ පැය හතරක සමාරම්භක උළෙලක්සෙන් ගංගාවේ පැවැත්වීමට නියමිත සමාරම්භක උළෙල තවමත් අසීරු කාර්යයක් ලෙසින් සැලකෙනවා.
 
නමුත් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට තවත් මාස කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී අභියෝග තවමත් පවතිනවා. සෙන් ගංගාවේ පැවැත්වීමට නියමිත සමාරම්භක උළෙල තවමත් අසීරු කාර්යයක් ලෙසින් සැලකෙනවා. ප්‍රධාන මලල ක්‍රීඩා ක්‍රීඩාංගණයෙන් පිට ප්‍රථම වරට පවත්වනු ලබන මේ ඔලිම්පික් සමාරම්භක උළෙල වෙනුවෙන් ගුවන් ප්‍රදේශය වසා දැමෙන අතර පොලිස් නිලධාරීන් 45,000කට වැඩි ප්‍රමාණයක් සෙන් නදිය දිගේ ආරක්ෂක මුරකාවලේ යෙදීමට නියමිතව තිබෙනවා. ආරක්ෂාව හා හමුදා මෙහෙයුම් පැරිස් ඔලිම්පික් උළෙල අරබයා මතුව තිබෙන ප්‍රධානතම ගැටළුව වී තිබෙන්නේ ත්‍රස්ත තර්ජන නිසා.
 
තුන්ප්‍රයාම හා විවෘත ජල පිහිනුම් ඉසව් සඳහා සෙන් ගංගාවේ පිරිසිදුකම තවත් ප්‍රධාන ප්‍රශ්නයක්. භයානක අපවිත්‍ර ජල තත්ත්වය හේතුවෙන් සෙන් ගංගාවේ පිහිනීම පසුගිය වසර සියයක් තිස්සේ ම තහනම් කර තිබෙනවා. එහෙත් ඔලිම්පික් උළෙල වන විට එහි ජලය ශුද්ධ පවිත්‍ර කිරීම පිණිස පැරිසිය දැවැන්ත වෙහෙසක් දරමින් සිටිනවා. තමා ද සෙන් ගංගාවේ බැස පිහිනන බවට ප්‍රංශ ජනාධිපතිවරයා පොරොන්දු වී තිබෙනවා. 
පැරිස් ඔලිම්පික්' පිහිනුම් තරග සෙන් නදියේ පවත්වන්න හැකිවේවිද ?“එය සෙන් ගංගාවේ ඉතිහාසය මකා දැමීමක් නෙවෙයි. 
 
බැක්ටීරියා සඳහා සෙන් ජලය පරීක්ෂා කිරීම ජූනි මාසයේදී සිදු කෙරෙන අතර ප්‍රධාන ඉලක්කය වී තිබෙන්නේ වැසි පතිත වුවහොත් අපවිත්‍ර ද්‍රව්‍ය සෙන් ගංගාවට ගසා ගෙන ඒම නතර කිරීම යි. ජලයේ තත්ත්වය පිහිනීමට සුදුසු මට්ටමේ නැත්නම් පිහිනුම් තරග වෙනත් තැනක පැවැත්වීම සඳහා ‘බී’ සැලැස්මක් තිබිය යුතු බව බ්‍රසීලියානු ඔලිම්පික් ශූර විවෘත ජල පිහිනුම් ක්‍රීඩිකා Ana Marcela Cunha ප්‍රකාශ කර තිබෙනවා. “එය සෙන් ගංගාවේ ඉතිහාසය මකා දැමීමක් නෙවෙයි. 

Alexandre 111 පාලම සහ අයිෆල් කුළුණ නියෝජනය කරන්නේ මොනවාද කියා අපි දන්නවා. නමුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සෞඛ්‍යයට පළමු තැන දිය යුතුයි” ඇය අවධාරණය කරනවා.
 
ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැරිසියට ලබා ගැනීමේ උත්සාහයේ මුල් අවස්ථාවේදී මහජන ප්‍රවාහනය නොමිලේ සිදු කරන බව ප්‍රකාශ වූවද, දැන් කියන්නේ ඔලිම්පික් උළෙල පැවැත්වෙන කාලය තුළ එහි ප්‍රවේශ පතක මිල දෙගුණයකින් වැඩි වනු ඇති බව. හෝටල මිල ගණන් වැඩි වී තිබෙන්නේ රොකට්ටුවක වේගයෙන්. පසුගිය වසරේ මේ කාලයේ යුරෝ 90 ට තිබූ හෝටල ගාස්තුව ඔලිම්පික් සමය තුළ යුරෝ 1,363කට ඉහළ ගොස් තිබෙන බව වාර්තා වනවා. කෙසේ වෙතත්, මුලදී තුන් ගුණයකින් පමණ වැඩියෙන් කියූ මිල ගණන් දැන් ක්‍රමක්‍රමයෙන් පහළ බැස ස්ථාවර තත්ත්වයකට පත්වෙමින් තිබෙන බවක් පෙන්නුම් කරනවා.
 
ඔලිම්පික් උළෙල පැවැත්වෙන කාලයේ වැඩවර්ජන ඇති නොවීම පිණිස ප්‍රංශ රජය වෘත්තීය සමිති සමග නිරන්තර සාකච්ඡාවල යෙදී සිටින අතර පොලිස් වෘත්තීය සමිති ඔලිම්පික් කාලය තුළ විශේෂ බෝනස් මුදලක් ලබා ගැනීම දැනටමත් ස්ථිර කරගෙන සිටිනවා. 
 
2020 09 01t080426z 723871296 rc2kpi9yrbrk rtrmadp 3 health coronavirus france school 0
ප්‍රංශයේ සෑම ප්‍රාථමික විදුහල් දරුවෙකු ට ම රජය විසින් යුරෝ 2 විශේෂ සිහිවටන කාසියක් හා පොත් පිංචක් පසුගියදා ලබා දුන් අවස්ථාවේදී සමහර ගුරු වෘත්තීය සමිති චෝදනා කළේ ඒ සඳහා වැය වූ යුරෝ මිලියන 16ක මුදල පාසල්වල දියුණුව පිණිස යෙදවූවා නම් වඩා හොඳ බව.

මෙවැනි දැවැන්ත ඉසව්වකදී ප්‍රශ්න මතුවීම නොවැළැක්විය හැකි කරුණක් වූවත් සංවිධාන කටයුතු සාර්ථකව ඉදිරිය යමින් තිබෙන බව පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ප්‍රධාන සංවිධායක Tony Estanguet සඳහන් කරනවා. “ඔලිම්පික් ගම්මානය නියමිත කාලයට පෙර ඉදිකර අවසන් කළා. ක්‍රීඩා උළෙල ආරම්භ වීමට මාස හයකට පෙර අපි ටිකට් මිලියන අටකට වඩා විකුණා තිබෙනවා. මැරතන් තරගය දුවන්න 400,000කට වැඩි පුද්ගලයන්ට අවශ්‍ය වුනා. ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යාම පිණිස ස්ථාන 10,000ක් පමණක් තිබියදී 100,000කට වැඩි පිරිසක් ඊට ඉල්ලුම් කළා. ජනතාව තුළ ඇත්ත වශයෙන් ම තිබෙන උනන්දුව අපට දැනෙනවා. සියල්ල නියමිත පරිදි සිදුවෙමින් තිබෙනවා. වඩා වැදගත් වන්නේ එයයි” Estanguet පවසනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...