The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
ක්‍රීඩා

ඔලිම්පික් සමාරම්භක උත්සවය: ගොඩනැගිලිවල බැල්කනි කඩා වැටේවිදැයි බියක්

T

The Leader Desk

May 13, 2024 • 7:54 AM

ඔලිම්පික් සමාරම්භක උත්සවය: ගොඩනැගිලිවල බැල්කනි කඩා වැටේවිදැයි බියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පැරිස් ඔලිම්පික් සමාරම්භක උළෙල නැරඹීම සඳහා රොක්වන පුද්ගලයන්ගේ අමතර බරෙන් සෙන් ගංගාව දිගේ තිබෙන දහස් සංඛ්‍යාත පැරණි
  • එබැවින් එම බැල්කනි පරීක්ෂා කරන ලෙසට අනතුරු ඇඟවීම කර තිබෙන්නේ පැරිස් පොලිසිය හා නගර සභාවේ නිලධාරීන් විසින්.
  • ප්‍රතිපත්තියක් ලෙස, 19 වැනි සියවසේ Haussmann යුගයේ සිට ඉදිකරන ලද පැරිසියානු ගොඩනැගිලිවල සඳලුතලයකට වැඩිහිටි පුද්ගලයන් තිදෙනෙකුගේ බර ට සමාන කිලෝග්‍රෑම් 350ක බරක් දරා ගැනීමේ හැකියාව තිබෙනවා.
  • නමුත් දුර්වල නඩත්තුව හා වැඩි සෙනඟක බරෙන් ඒ සමහරක් බැල්කනි කඩා වැටීමට ඉඩ තිබෙන බවට බලධාරීන් බිය පළ කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ගොඩනැගිලිවල බැල්කනි සහ ඒවායේ ගරාදි වැටවල් කඩා වැටීමට ඉඩ තිබෙන බවට අනතුරු අඟවා තිබෙනවා.

එබැවින් එම බැල්කනි පරීක්ෂා කරන ලෙසට අනතුරු ඇඟවීම කර තිබෙන්නේ පැරිස් පොලිසිය හා නගර සභාවේ නිලධාරීන් විසින්.

ප්‍රතිපත්තියක් ලෙස, 19 වැනි සියවසේ Haussmann යුගයේ සිට ඉදිකරන ලද පැරිසියානු ගොඩනැගිලිවල සඳලුතලයකට වැඩිහිටි පුද්ගලයන් තිදෙනෙකුගේ බර ට සමාන කිලෝග්‍රෑම් 350ක බරක් දරා ගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් දුර්වල නඩත්තුව හා වැඩි සෙනඟක බරෙන් ඒ සමහරක් බැල්කනි කඩා වැටීමට ඉඩ තිබෙන බවට බලධාරීන් බිය පළ කරනවා.

 

2016 වසරේ සාදයක් පැවැත්වෙන අතරතුර බැල්කනියක් කඩා වැටීමෙන් බටහිර ප්‍රංශයේ Angers නුවර පුද්ගලයන් සිවු දෙනෙකු මිය ගියා.

2016 වසරේ සාදයක් පැවැත්වෙන අතරතුර බැල්කනියක් කඩා වැටීමෙන් බටහිර ප්‍රංශයේ Angers නුවර පුද්ගලයන් සිවු දෙනෙකු මිය ගියා. පසුගිය වසරේ මැයි මාසයේ පැරිසියේ තවත් නගරයක ගරාදි වැටක් හා සඳලුතලයක කොටසක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනකුට දිවි අහිමි වුනා.

බැල්කනි සහ ඒවායේ අත් වැට විධිමත්ව පරීක්ෂා කිරීම ඉඩ කඩම් හිමියන්, සමාජ නිවාස ලබා දෙන්නන් සහ කළමනාකාර ආයතනවලට පනවා තිබෙන නීතියක්. නමුත් සෑම කෙනෙක්ම එය පිළිපදින්නේ නැහැ.

 

GettyImages 1004269522ඔලිම්පික් සමාරම්භක උළෙල පැවැත්වෙන කිලෝමීටර් 6ක් දුර සෙන් ගංගා මාර්ගයේ ගොඩනැගිලි දහස් ගණනක් සම්බන්ධයෙන්

ඔලිම්පික් සමාරම්භක උළෙල පැවැත්වෙන කිලෝමීටර් 6ක් දුර සෙන් ගංගා මාර්ගයේ ගොඩනැගිලි දහස් ගණනක් සම්බන්ධයෙන් වන මේ පරීක්ෂාව පිළිබඳ කාරණය සාකච්ඡාවට බඳුන් වූව ද ඒ පිළිබඳව තීරණයක් ගෙන නැත්තේ එවැනි සම්පූර්ණ ගොඩනැගිලි පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් වෙනුවෙන් යන විශාල වියදම නිසා බව පැරිස් පොලිසිය හා පැරිස් නගර ශාලාවේ නිලධාරීන් ප්‍රකාශ කරනවා.

මේ අතර ප්‍රංශ ජනාධිපතිවරයා, සෙන් ගංගා ඉවුර දිගේ තිබෙන පරණ පොත් අලෙවි කරන්නන්ගේ කුටි ඉවත් කිරීමට යෝජනා කරමින් තමන් වෙත ඉදිරිපත් කෙරුනු සැලසුම් ඉරා දමා තිබෙන්නේ ඔවුන් අගනගරයේ ජීවමාන උරුමය ලෙසින් තමා සලකන බව ප්‍රකාශ කරමින්.

 

bookshopසෙන් ගංගා ඉවුර දිගේ තිබෙන පරණ පොත් අලෙවි කරන්නන්ගේ කුටි ඉවත් කිරීමට යෝජනා කරමින් තමන් වෙත ඉදිරිපත් කෙරුනු සැලසුම් ඉරා දමා තිබෙන්නේ ඔවුන් අගනගරයේ ජීවමාන උරුමය ලෙසින් තමා සලකන බව ප්‍රකාශ කරමින්.

ආරක්ෂක හේතුන් මත පරණ පොත් කඩවලින් සියයට 60ක ප්‍රමාණයක් වන කුටි 570ක් ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන කාලය තුළ විශේෂ ‘පොත් අලෙවි කරන්නන්ගේ ගම්මානය’කට තාවකාලිකව ගෙන යාමට සිදුවන බව පොලිසිය පොත් අලෙවි කරන්නන්ට පසුගිය වසරේ දන්වා තිබුනා.

එහෙත්, කොළ පැහැති තමන්ගේ පරණ පොත් කුටි ඔලිම්පික් සමාරම්භක උළෙල පැවැත්වෙන වේලාවේ වසා දැමීමට සිදුවුනත්, ඒවා එම ස්ථානයේ දිගටම තබා ගැනීම පිණිස මේ පොත් අලෙවි කරන්නන් ඉතාමත් ක්‍රියාශීලීව උද්ඝෝෂණය කළා. Eiffel Tower හෝ Notre Dame Cathedral මෙන්ම තමන් ද පැරිසියේ කොටසක් බව ඔවුන් කියා සිටියා.

 

booksellඅවුරුදු 400කට වැඩි කාලයක් තිස්සේ සෙන් ගංගා ඉවුර දිගේ පරණ පොත් විකුණමින් සිටින පොත් අලෙවිකරුවන්ගේ කුටි එලෙසින්ම තිබීම

ඔලිම්පික් සමාරම්භක උත්සවය සඳහා ආරක්ෂක පියවර යොදන විට, අවුරුදු 400කට වැඩි කාලයක් තිස්සේ සෙන් ගංගා ඉවුර දිගේ පරණ පොත් විකුණමින් සිටින පොත් අලෙවිකරුවන්ගේ කුටි එලෙසින්ම තිබීම සහතික වන පරිදි කටයුතු කරන ලෙසට ප්‍රංශ ජනාධිපතිවරයා නිලධාරීන්ට තරයේ උපදෙස් දී තිබෙනවා.


සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...