රියාද් නුවරදී පැවැත්වෙනවා.
ඒ සටන පැවැත්වෙන්නේ Gypsy King ලෙසින් හැඳින්වෙන බ්‍රිතාන්‍යයේ 35 හැවිරිදි ටයිසන් ෆියුරි (Tyson Fury) සහ යුක්රේනයේ 37 හැවිරිදි ඔලෙක්සැන්ඩ ඌසික් (Oleksandr Usyk) අතර.
ඌසික් ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය (IBF), ලෝක බොක්සිං සංවිධානය (WBO) හා ලෝක බොක්සිං සංගමයේ (WBA) හෙවිවේට් ශූරයා වන අතර ලෝක බොක්සිං කවුන්සලයේ (WBC) හෙවිවේට් කිරුළ හිමිකර ගෙන සිටින්නේ ෆියුරි. ඒ අනුව, මැයි 18 වැනිදා සටනේ ජයග්‍රාහකයා මේ ශූරතා හතර ම ඒකාබද්ධ කරමින් අවිවාදයෙන් පිළිගැනෙන ලෝක හෙවිවේට් බොක්සිං ශූරයා බවට පත්වනවා. අවසන් වතාවට මේ සියළු ශූරතා හිමිකර ගෙන අවිවාදිත ලෝක හෙවිවේට් බොක්සිං ශූරයා බවට පත්ව සිටියේ එංගලන්තයේ ලෙනික්ස් ලුවිස් (Lennox Lewis). ඒ 2000 වසරේදී.

ෆියුරි සහ ඌසික් යන බොක්සිං ශූරයන් දෙදෙනා ම ඔවුනොවුන්ගේ යෝධ වෘත්තීය ක්‍රීඩා දිවියේ තවමත් අපරාජිතව සිටින බැවින් මේ සටන වටා අතිවිශාල මුදල් ප්‍රමාණයක් තිබෙන බව රහසක් නෙවෙයි.
මේ තරගය වෙනුවෙන් තිබෙන මුදල් පසුම්බියේ සම්පූර්ණ වටිනාකම ඩොලර් මිලියන 150ක් (පවුම් මිලියන 116)ක් පමණ වන බව පැවසෙනවා. මෙයින් සියයට 70ක මුදලක් ලබා ගැනීමට Fury ගිවිසුම්ගතව සිටින අතර ඒ අනුව ඔහුට හිමිවන මුදල පවුම් මිලියන 81.2ක්.
කෙසේ වෙතත්, මේ උපයන මුදලින් පවුම් මිලියනයක් ඌසික් රුසියාව සමග යුද වැදී සිටින යුක්රේනයට පරිත්‍යාග කළ යුතු වන්නේ එම අවශ්‍යතාව ඔහුගේ තරග කොන්ත්‍රාත්තුවට ඇතුළත් කර තිබෙන බැවින්.
ෆියුරි ට ලැබෙන මුදල කොතරම්ද නිසැකවම දැනගත හැකිවන්නේ තරගයෙන් පසුව පමණයි. නමුත් ඔහුගේ අමෙරිකානු ප්‍රවර්ධකයා වන Bob Arum පවසන්නේ ඔහුගේ සටන්කරුවා ඩොලර් මිලියන 100කට (පවුම් මිලියන78) වැඩි මුදලක් උපයනු ඇති බව යි.
“ඔහු මේ තරගයෙන් ඩොලර් මිලියන 100ක් උපයා ගන්නා බව ඔබ ටයිසන් ෆියුරි ට කීවොත් ඔහුට හොඳටම තරහ යාවි. මොකද, එයා වගේම මමත් හිතන්නේ ඔහු ඊට වඩා ගොඩාක් වැඩි මුදලක් උපයා ගනීවි කියලයි” Arum ප්‍රකාශ කරනවා. “ගාණ කීයද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒක ඩොලර් මිලියන 100කට වඩා ගොඩක් වැඩියි.”
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



