එදා මෙදා තුර එවරස්ට් කන්ද මුදුනට වැඩිම වාර ගණනක් ගිය පුද්ගලයා ලෙස නේපාලයේ ෂර්පාවරයෙක් (නේපාලය හා ටිබෙට් ගෝත්‍රයකට අයත් සාමාජිකයෙක්) ද, වැඩිම වාර ගණනක් ඒ හපන්කම පෑ විදේශිකයා ලෙසින් බ්‍රිතාන්‍ය ජාතිකයෙක් ද මේ නව ලෝක වාර්තා ද්විත්වය බිහි කළා.
ලෝකයේ උසම කන්ද නේපාලයේ 54 හැවිරිදි Kami Rita Sherpa මෙවර තරණය කළේ 29 වැනි වතාවට. බ්‍රිතාන්‍ය ජාතික කෙන්ටන් කූල් (Kenton Cool) සටහන් කළේ ඔහුගේ 18 වැනි එවරස්ට් කඳු මුදුනට පිවිසීම.
Kami Rita Sherpa and Kenton Cool
දැනටමත් ලෝක වාර්තාව උසුලන නේපාලයේ ෂර්පාවරයා ඉරිදා බිඳ දැමුවේ ඔහුගේ ම දක්ෂතාවක්.
මඟ පෙන්වන්නකු ලෙස දශක දෙකකට වැඩි කාලයක් කටයුතු කරන ඔහු ප්‍රථම වතාවට එවරස්ට් කන්ද මුදුනට ගියේ 1994 වසරේ දී. එදා සිට වසරකට වතාවක් පාහේ ඔහු එම කඳු මුදුනට යනවා.
එවරස්ට් කන්ද නැගීමේ සමය දැන් ආරම්භ වී ඇති අතර ඉදිරි සතිවලදී කඳු නගින්නන් සිය ගණනින් මේ ගමනේ යෙදෙනු ඇතැයි බලාපොරොත්තු වනවා.
මීටර් 8,849ක් (අඩි 29,000) උස එවරස්ට් කඳු මුදුනට Kami Rita ෂර්පාවරයා ඉරිදා ළඟා වූයේ දේශීය වේලාවෙන් පෙරවරු 7.30 ට පමණ.
මීටර් 8,849ක් (අඩි 29,000) උස එවරස්ට් කඳු මුදුනට Kami Rita ෂර්පාවරයා ඉරිදා ළඟා වූයේ දේශීය වේලාවෙන් පෙරවරු 7.30 ට පමණ.
පසුගිය සතියේදී, ඔහු එවරස්ට් කඳු තරණයේ ආරම්භක කඳවුරේ සිට ‘ඉන්ස්ටග්‍රෑම්’ පෝස්ටුවක් තබමින් කියා තිබුනේ ලෝකයේ උසම තැනට යන්න 29 වැනි වරටත් උත්සාහ කිරීම සඳහා නැවත පැමිණ සිටින බව.
“එක් මිනිසෙකුගේ රැකියාව තවත් පිරිමියෙකුගේ හෝ කාන්තාවකගේ සිහිනය යි” ඔහු ලියා තිබුනා.
එවරස්ට් කන්ද නැගීම සිය රැකියාව බවත් නමුත් පසුගිය වසරේදී ඔහු මේ ගමනේ දෙවතාවක් යෙදුනේ ඔහුගේ දීර්ඝ කාලීන ප්‍රතිවාදියා සහ සියරැටියා වන Pasang Dawa Sherpaගෙන් තමාගේ කිරුළ නැවත ලබා ගැනීමට බවත්
එවරස්ට් කන්ද නැගීම සිය රැකියාව බවත් නමුත් පසුගිය වසරේදී ඔහු මේ ගමනේ දෙවතාවක් යෙදුනේ ඔහුගේ දීර්ඝ කාලීන ප්‍රතිවාදියා සහ සියරැටියා වන Pasang Dawa Sherpaගෙන් තමාගේ කිරුළ නැවත ලබා ගැනීමට බවත් Kami Rita Sherpa මීට කළින් මාධ්‍ය ට කියා තිබුනා.
එංගලන්තයේ ග්ලොස්ටෂා ප්‍රාන්තයේ කෙන්ටන් කූල් ද ඉරිදා එවරස්ට් කන්දේ මුදුනට පිවිසියා. මේ පුද්ගලයාත් කඳු තරණයේ මඟ පෙන්වන්නෙක්.
කෙන්ටන් කූල් පුද්ගලයාත් කඳු තරණයේ මඟ පෙන්වන්නෙක්.
මේ දක්වා වැඩිම වාර ගණනක් එවරස්ට් කන්ද තරණය කළ කාන්තාව බවට පත්ව සිටින්නේ Lhakpa Sherpa. 2022 වසරේ ඇගේ 10 වැනි ලෝක වාර්තාගත කඳු නැගීම වෙනුවෙන් අරමුදලක් ද පිහිටුවනු ලැබුවා.
වැඩිම වාර ගණනක් එවරස්ට් කන්ද තරණය කළ කාන්තාව බවට පත්ව සිටින්නේ Lhakpa Sherpa.
අප්‍රේල් සිට ජූනි දක්වා දිවෙන වසන්ත සෘතුව සඳහා කඳු නගින්නන් 400 දෙනෙකුට පමණ නේපාල රජය විසින් කඳු නැගීමේ බලපත්‍ර මේ වසරේදී නිකුත් කර තිබෙනවා.
සියළුම කඳු නගින්නන් පාහේ දේශීය මඟ පෙන්වන්නකු සමග යන බැවින් ඒ අනුව පුද්ගලයන් 800ක් පමණ එවරස්ට් කන්ද තරණයේ යෙදෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
පුද්ගලයන් 600කට වැඩි දෙනෙක් පසුගිය වසරේදී එවරස්ට් කන්ද මුදුනට පිවිසීමට සමත් වුනා
පුද්ගලයන් 600කට වැඩි දෙනෙක් පසුගිය වසරේදී එවරස්ට් කන්ද මුදුනට පිවිසීමට සමත් වුනා. එහෙත් එය මෙතෙක් තිබූ එක් වඩාත්ම මාරක එවරස්ට් කඳු නැගීමේ සෘතුවක් බවට පත්වූයේ ඒ කන්දේ දී මරණ 18ක් වාර්තා වූ බැවින්.
සටහන :

(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



