The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
ක්‍රීඩා

ටයිසන් ‌ෆියුරි: 'ඉතිහාසයේ පළමු පවුම් මිලියන පන්සීයේ හෙවිවේට් බොක්සිංකාරයා වීම මගේ අරමුණයි

T

The Leader Desk

May 17, 2024 • 8:46 AM

ටයිසන් ‌ෆියුරි: 'ඉතිහාසයේ පළමු පවුම් මිලියන පන්සීයේ හෙවිවේට් බොක්සිංකාරයා වීම මගේ අරමුණයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බොක්සිං ඉතිහාසයේ ප්‍රථම පවුම් මිලියන පන්සියයේ හෙවිවේට් බොක්සිං ක්‍රීඩකයා වීම ටයිසන් ෆියුරිගේ ඒකායන අරමුණ වී තිබෙනවා.
  • ලෙනික්ස් ලුවිස් ට පසුව ලෝකයේ පළමු අවිවාදිත හෙවිවේට් බොක්සිං ශූරයා බවට පත්වීමට උත්සාහ කරමින් මේ තරගකරුවන් දෙදෙනා මේ සතිඅන්තයේ සෞදි අරාබියේ රියාද් නුවරදී එකිනෙකා සමග ගැටෙනවා.
  • නමුත් පුහුණු වෙමින් සිටියදී ෆියුරිගේ ඇසට උඩින් සිදුවූ දරුණු තුවාලයක් හේතුවෙන් තරගය මැයි 18 වැනිදාට කල්තැබුනා.
  • 36 වැනි උපන්දිනයක් හා ඓතිහාසික ජයග්‍රහණයක් කරා ළඟාවෙමින් සිටින ‘ජිප්සි රජු’ ලෙසින් ප්‍රකට ටයිසන් ෆියුරි තමා ළඟදීම තරග බිමෙන් සමුගන්නා බවට ප්‍රකාශ කළහොත් එය එතරම් අරුමයක් නොවීමට ඉඩ තිබුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

ෆියුරි ඔහුගේ මේ අදහස ප්‍රකාශ කරන්නේ ඔලෙක්සැන්ඩ ඌසික් සමග හෙට සෙනසුරාදා දැවැන්ත සටනකට සූදානම් වෙමින් සිටින මොහොතක.

ලෙනික්ස් ලුවිස් ට පසුව ලෝකයේ පළමු අවිවාදිත හෙවිවේට් බොක්සිං ශූරයා බවට පත්වීමට උත්සාහ කරමින් මේ තරගකරුවන් දෙදෙනා මේ සතිඅන්තයේ සෞදි අරාබියේ රියාද් නුවරදී එකිනෙකා සමග ගැටෙනවා.

 

පුහුණු වෙමින් සිටියදී ෆියුරිගේ ඇසට උඩින් සිදුවූ දරුණු තුවාලයක්

මේ සටන පැවැත්වීමට මුලින් තීරණය වී තිබුනේ පෙබරවාරියේ. නමුත් පුහුණු වෙමින් සිටියදී ෆියුරිගේ ඇසට උඩින් සිදුවූ දරුණු තුවාලයක් හේතුවෙන් තරගය මැයි 18 වැනිදාට කල්තැබුනා.

36 වැනි උපන්දිනයක් හා ඓතිහාසික ජයග්‍රහණයක් කරා ළඟාවෙමින් සිටින ‘ජිප්සි රජු’ ලෙසින් ප්‍රකට ටයිසන් ෆියුරි තමා ළඟදීම තරග බිමෙන් සමුගන්නා බවට ප්‍රකාශ කළහොත් එය එතරම් අරුමයක් නොවීමට ඉඩ තිබුනා.


නමුත් සෙනසුරාදා තරගයට පෙර සිය අරමුණ ලෝකයට දන්වමින්, තමා වයස අවුරුදු 40 වන තෙක් තවත් තරග අටක් හා දහයක් අතර ප්‍රමාණයකට සහභාගි වන බව ෆියුරි පවසා තිබෙන්නේ ඔහුගේ අවසාන ඉලක්කය අනාවරණය කරමින්.

 

840d49e1886ead142d2c3176cb043ae0ඒ තරගවලින් මම පවුම් මිලියන 500කින් පොහොසත් ඉතිහාසයේ පළමු හෙවිවේට් බොක්සිංකාරයා බවට පත්වේවි. එය සැලකිය යුතු තරමේ උරුමයක් වේවි”

“ඒ තරගවලින් මම පවුම් මිලියන 500කින් පොහොසත් ඉතිහාසයේ පළමු හෙවිවේට් බොක්සිංකාරයා බවට පත්වේවි. එය සැලකිය යුතු තරමේ උරුමයක් වේවි” යනුවෙන් ෆියුරි කියනවා.



තමා බොක්සිං සටන් කරන්නේ මුදල් උපයා ගැනීමට පමණක් බව ෆියුරි සඳහන් කරනවා.

 



“වෘත්තීය බොක්සිං ක්‍රීඩාවේ යෙදී සිටින කවුරු හරි මට කීවොත් ඔවුන් එය කරන්නේ මුදලට නෙවෙයි කියලා, ඔවුන් කරන්නේ බොරුවක්. මම කතා කරන්නේ මගේ හද පත්ලෙනුයි” ෆියුරි පවසනවා.

“මම මේක කරන්නේ මුදලටයි. ගනුදෙනුව වැඩිවන තරමට වඩා හොඳයි. මම මුදලින් ලැබෙන ත්‍යාග වෙනුවෙන් සටන් කරන බොක්සිං විශාරදයෙක්. ඒක තමයි මගේ රස්සාව. ඒක රත්තරංවලින් ද,රන් කාසිවලින් ද, මුදල්වලින් ද, කාර්වලින් ද කියලා මට කමක් නැහැ. මල්ල පිරෙන්න මට ඒවයින් ගෙවනවා නම් එච්චරයි. මට ඕන සල්ලි.”

 

4280186 215275450ගල්ෆ් දේශයේ මූල්‍ය බලවත්කම සහ බොක්සිං සටන්වලට සෞදි අරාබියේ ඇමතිවරයෙකු වන Turki Alalshikhගේ තිබෙන දැඩි ආශාව නිසා ෆියුරිගේ මේ අභිප්‍රාය මුදුන්පත් කර ගැනීමට අවස්ථාව උදා වී තිබෙනවා.

ගල්ෆ් දේශයේ මූල්‍ය බලවත්කම සහ බොක්සිං සටන්වලට සෞදි අරාබියේ ඇමතිවරයෙකු වන Turki Alalshikhගේ තිබෙන දැඩි ආශාව නිසා ෆියුරිගේ මේ අභිප්‍රාය මුදුන්පත් කර ගැනීමට අවස්ථාව උදා වී තිබෙනවා.

රියාද් නුවර සෙනසුරාදා පැවැත්වෙන තරගයේ සම්පූර්ණ මුදල් පසුම්බියෙන් සියයට 70ක් ෆියුරි ට ලැබෙන පරිදියි ගිවිසුම්ගතව තිබෙන්නේ. පවුම් මිලියන 116කින් ඒ පසුම්බිය පිම්බී තිබෙන අතර එයින් තේරුම් ගත යුත්තේ ෆියුරි ට පවුම් මිලියන 81.2ක් ලැබිය යුතු බව.

කෙසේ වෙතත්, ඒ මුදලින් පවුම් මිලියනයක් රුසියාවේ ආක්‍රමණයට ලක්ව සිටින ඌසික්ගේ උපන්බිම වන යුක්රේනයට පරිත්‍යාග කිරීමට ෆියුරි ට සිදුවන්නේ ඒ අවශ්‍යතාව ඔහුගේ තරග කොන්ත්‍රාත්තුවට ඇතුළත් කර තිබෙන බැවින්.

 

tysan furyකණ්ඩායම් දෙක මාලිගාවක් වැනි රියාද් හෝටලයේ මුහුණට මුහුණ හමුවූ අවස්ථාවේදී ප්‍රතිවාදී කඳවුරු දෙකේ කෝපය ඇවිස්සුනා.

මේ සටන් සතියේ පළමු ඉසව්ව ලෙසින් පෙරේදා පැවති රැස්වීමට පැමිණි කණ්ඩායම් දෙක මාලිගාවක් වැනි රියාද් හෝටලයේ මුහුණට මුහුණ හමුවූ අවස්ථාවේදී ප්‍රතිවාදී කඳවුරු දෙකේ කෝපය ඇවිස්සුනා.

ෆියුරිගේ ආධාරකරුවන් ඉදිරියේ ඌසික්ගේ ආධාරකරුවන් නොනවත්වා ඌසික්ගේ නම කෑගැසීම නිසා කෝපයට පත් ෆියුරිගේ පියා එම කණ්ඩායමේ සිටි කෙනෙකුට හිසෙන් ඇන්නා. මේ අශෝභන සිදුවීම ඔහුගේ පුතා නොදුටුවේ ඒ අවස්ථාවේ ඔහු වෙනත් කාමරයක මාධ්‍ය සාකච්ඡාවක නියැලී සිටි නිසා. පසුව ඔහුට සිද්ධිය ගැන දැන්වූ විට ෆියුරි එය තුට්ටුවකට හෝ මායිම් නොකළේ, “මම ඔයිට වැඩිය දරුණු දේවල් දැක තියෙනවා” යනුවෙන් පවසමින්.

 



ඔහුගේ පියා වන ජෝන් ෆියුරි එංගලන්තයේදී පුද්ගලයෙකුට පහර දීම හේතුවෙන් වසර තුනක් සිරබත් කෑ මිනිසෙක්. පියාව ටයිසන් ෆියුරි පුතුගේ පුහුණු කඳවුරට නැවත ඇතුළත් කර ගත්තේ ඉතාමත් මෑතකදී.

 

john furyඔහුගේ පියා වන ජෝන් ෆියුරි එංගලන්තයේදී පුද්ගලයෙකුට පහර දීම හේතුවෙන් වසර තුනක් සිරබත් කෑ මිනිසෙක්

සටහන :


(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...