The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
ක්‍රීඩා

මැරඩෝනාගේ ‘රත්තරං බෝලය’ වෙන්දේසිය නතර කිරීමේ වෑයමක්

T

The Leader Desk

May 18, 2024 • 11:09 AM

මැරඩෝනාගේ ‘රත්තරං බෝලය’ වෙන්දේසිය නතර කිරීමේ වෑයමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඩිඒගෝ මැරඩෝනාගේ ‘රත්තරං බෝලය’ කුසලානය වෙන්දේසිය කිරීම නතර කිරීම සඳහා නඩු මගට බැසීමට මැරඩෝනාගේ උරුමක්කාරයන්
  •   1986 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස මැරඩෝනා ට පිරිනැමුනු Golden Ball කුසලානය අපැහිදිළි වාතාවරණයන් යටතේ නැතිවී තිබූ මේ කුසලානය නැවත මතුවුනේ මෑතකදී.
  • මේ කුසලානය සොරකම් කර තිබූ බවත් එය විකිණීම සඳහා එහි වර්තමාන අයිතිකරුට සුදුසුකමක් නැති බවත් මැරඩෝනාගේ උරුමක්කාරයන් ප්‍රකාශ කරනවා.
  • වෙන්දේසියෙන් ‘රත්තරං බෝලය’ ඉවත් කර ගැනීම පිණිස පැරිසියේ නඩු පවරන බව මැරඩෝනාගේ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා පවසනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

කටයුතු කරමින් සිටිනවා.

1986 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස මැරඩෝනා ට පිරිනැමුනු Golden Ball කුසලානය දශක ගණනාවක් තිස්සේ අතුරුදන්ව තිබුනා.

 

230103210753 pba maradona1986 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස මැරඩෝනා ට පිරිනැමුනු Golden Ball කුසලානය

අපැහිදිළි වාතාවරණයන් යටතේ නැතිවී තිබූ මේ කුසලානය නැවත මතුවුනේ මෑතකදී. දැන් එය පැරිසියේ Aguttes වෙන්දේසි නිවහනේදී ලබන මාසයේ වෙන්දේසි කිරීමට නියමිතව තිබෙනවා.

මේ කුසලානය සොරකම් කර තිබූ බවත් එය විකිණීම සඳහා එහි වර්තමාන අයිතිකරුට සුදුසුකමක් නැති බවත් මැරඩෝනාගේ උරුමක්කාරයන් ප්‍රකාශ කරනවා.

වෙන්දේසියෙන් ‘රත්තරං බෝලය’ ඉවත් කර ගැනීම පිණිස පැරිසියේ නඩු පවරන බව මැරඩෝනාගේ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා පවසනවා.

කුසලානය සඳහා අධිකරණ තහනමක් ඉල්ලා එය සොරකම් කිරීම හා සොරකම් කර ළඟ තබා ගැනීමේ චෝදනා මත නඩු පැවරීමට කටයුතු කරන බව නීතිඥවරයා පවසනවා.

 

gold ball2016 වස‌රේ පැරිසියේ පැවති වෙන්දේසියකින් තම ආයතනය මිලදී ගත් පෞද්ගලික භාණ්ඩ එකතුවක් අතර මේ කුසලානය ද තිබූ බව Aguttes කියනවා.

2016 වස‌රේ පැරිසියේ පැවති වෙන්දේසියකින් තම ආයතනය මිලදී ගත් පෞද්ගලික භාණ්ඩ එකතුවක් අතර මේ කුසලානය ද තිබූ බව Aguttes කියනවා.

පෝක තරගයකදී මැරඩෝනා මේ කුසලානය පරාජය වූ බව සමහරු පවසන අතර මැරඩෝනා ඔහුගේ ණය පියවීම සඳහා මේ කුසලානය උපයෝගී කර ගත් කතාවක් ද පැතිර ගොස් තිබෙනවා. මැරඩෝනා 1989 වසරේ ඉතාලි පාපන්දු ලීගයේ ක්‍රීඩා කළ අවධියේ ඔහු නේපල්ස් නුවර බැංකු සේප්පුවක මේ කුසලානය තැන්පත් කර තිබියදී දේශීය මැරවරයන් එය සොරකම් කළ බව තවත් සමහරු කියනවා. කුසලානය බැංකුවෙන් සොරකම් කළ බව මැරඩෝනාගේ උරුමක්කාරයන්ගේ ද විශ්වාසය වී තිබෙනවා.



කුසලානය සොරකම් කර ඇති බවට මැරඩෝනාගේ උරුමක්කාරයන් දැනගෙන තිබෙන්නේ මෑතකදී බව මැරඩෝනාගේ දියණියන් දෙදෙනෙකු නියෝජනය කරන Gilles Moreu නීතිඥවරයා සඳහන් කරනවා. ‘රත්තරං බෝලය’ අයිති ඔවුන්ට නිසා එහි වෙන්දේසියේ අලෙවිය තහනම් කිරීමට මැරඩෝනාගේ පවුලේ උදවියට අවශ්‍යව තිබෙන බව Moreu කියා සිටිනවා.

 

9587fcca3cfa36ddb1e0a4524b1086ec ‘රත්තරං බෝලය’ වෙන්දේසියේ අලෙවිය තහනම් කිරීමට මැරඩෝනාගේ පවුලේ අයට අවශ්‍යව තිබෙනවා


වෙන්දේසි නිවහනේ තර්කය වී තිබෙන්නේ වසර ගණනාවකට පෙර මේ කුසලානය මිලදී ගත් පුද්ගලයා එය සොරකම් කළ දෙයක් යැයි දැන නොසිටි බව.

ජූනි 6 වැනිදා පැවැත්වෙන වෙන්දේසියට සහභාගි වීමට නම් ඉල්ලුම්කරුවන් යුරෝ 150,000 (ඩොලර් 161,000)ක මුදලක් තැන්පත් කළ යුතු බවට වෙන්දේසිකරුවන් දන්වා තිබෙනවා.

 

ballමෙක්සිකෝ නුවර පැවති 1986 ලෝක කුසලාන පාපන්දු අවසාත මහා තරගයේදී ගෝල් 3-2කින් බටහිර ජර්මනිය පැරදවූ ආජන්ටිනා කණ්ඩායමේ නායකත්වය දැරුවේ ඩිඒගෝ මැරඩෝනා

මෙක්සිකෝ නුවර පැවති 1986 ලෝක කුසලාන පාපන්දු අවසාත මහා තරගයේදී ගෝල් 3-2කින් බටහිර ජර්මනිය පැරදවූ ආජන්ටිනා කණ්ඩායමේ නායකත්වය දැරුවේ ඩිඒගෝ මැරඩෝනා. ඔහුගේ ඉතිහාසගත ‘දේව හස්තය’ ගෝලය සහ ‘ශතකයේ ගෝලය’ වාර්තා වූයේ එම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේ එංගලන්තය ට එරෙහිව ආජන්ටිනාව ලබා ගත් ගෝල් 2-1 ජයග්‍රහණයේ දී.

 

 





සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මැරඩෝනාගේ ‘රත්තරං බෝලය’ වෙන්දේසිය නතර කිරීමේ වෑයමක් | The Leader