The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
ක්‍රීඩා

දකුණු ආසියාවේ යොවුන් ටේබල් ටෙනිස් හැකියාවන් උරගා බැලෙන ශූරතාවලිය මහනුවර දී

T

The Leader Desk

May 22, 2024 • 10:57 AM

දකුණු ආසියාවේ යොවුන් ටේබල් ටෙනිස් හැකියාවන් උරගා බැලෙන ශූරතාවලිය මහනුවර දී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු ආසියාවේ තරුණ ටේබල් ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවන් සහ තරගකාරිත්වය උරගා බැලෙන දකුණු ආසියානු යොවුන් ටේබල්
  •   අවුරුදු 15න් පහළ බාලක බාලිකා ශ්‍රී ලංකා ටේබල් ටෙනිස් සංගමය මහනුවර මහනගර සභාවේ ද සහයෝගය ඇතිව මේ ශූරතාවලිය සංවිධානය කරන්නේ ආසියානු ටේබල් ටෙනිස් සංගමයේ මග පෙන්වීම යටතේ.
  • ජූනි මස අග  චීනයේ පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් ටේබල් ටෙනිස් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම් තෝරා ගැණෙන සුදුසුකම් තරගාවලියක් ලෙස ද මහනුවර තරගාවලිය සැලකෙනවා.
  • චීනයේ පෑවැත්වීමට නියමිත තරගාවලිය සඳහා අවුරුදු 15න් හා 19න් පහළ බාලක බාලිකා වශයෙන් කණ්ඩායම් 4ක් සහභාගි කරවීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ටෙනිස් ශූරතාවලිය මැයි 26 සිට 29 දක්වා මහනුවරදී පැවැත්වෙනවා.

බංග්ලාදේශය, ඉන්දියාව, නේපාලය, මාල දිවයින්, පාකිස්තානය හා සත්කාරක ශ්‍රී ලංකාව යන රටවල තරුණ ටේබල් ටෙනිස් හැකියාවන් සිවු දිනක් තිස්සේ ප්‍රදර්ශනය වන මේ තරගාවලිය පැවැත්වෙන්නේ මහනුවර මහනගර සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ.

 

442473834 784956987094656 7959870414163902534 nඅවුරුදු 15න් පහළ බාලක බාලිකා

ශ්‍රී ලංකා ටේබල් ටෙනිස් සංගමය මහනුවර මහනගර සභාවේ ද සහයෝගය ඇතිව මේ ශූරතාවලිය සංවිධානය කරන්නේ ආසියානු ටේබල් ටෙනිස් සංගමයේ මග පෙන්වීම යටතේ. ජූනි මස අග  චීනයේ පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් ටේබල් ටෙනිස් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම් තෝරා ගැණෙන සුදුසුකම් තරගාවලියක් ලෙස ද මහනුවර තරගාවලිය සැලකෙනවා. චීනයේ පෑවැත්වීමට නියමිත තරගාවලිය සඳහා අවුරුදු 15න් හා 19න් පහළ බාලක බාලිකා වශයෙන් කණ්ඩායම් 4ක් සහභාගි කරවීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරනවා.



අවුරුදු 15න් පහළ සහ 19න් පහළ වයස් ඛාණ්ඩ යටතේ දකුණු ආසියාවේ ටේබ්ල් ටෙනිස් බාලක හා බාලිකාවන් මහනුවරදී තරග වැදීමට නියමිතව තිබෙන්නේ කණ්ඩායම්, කේවල, යුගල සහ මිශ්‍ර යුගල ඇතුළත් විවිධ ඉසව්වල.

 

442436174 784956320428056 7628797582937308504 nඅවුරුදු 19න් පහළ වයස් ඛාණ්ඩ

මේ තරගාවලිය සඳහා චීනය සහ ඉන්දියාවේ වටිනා සහයෝගය ලැබී තිබෙන බව ශ්‍රී ලංකා ටේබල් ටෙනිස් සංගමයේ තරගාවලි සංවිධාන කමිටුවේ සභාපති චන්දන පෙරේරා මහතා පවසනවා. ඒ අනුව Yinhe China ආයතනය රුපියල් මිලියන අටක් වටිනා ක්‍රීඩා උපකරණ ලබා දී තිබෙන අතර Stag India ආයතනය ක්‍රීඩක ක්‍රීඩිකාවන්‌ගේ ක්‍රීඩා ඇඳුම් සපයා තිබෙනවා.



මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද මේ තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයෙකු වශයෙන් ඉදිරියට එමින් තරගාවලියේ සාර්ථකත්වය වෙනුවෙන් රුපියල් මිලියන 5ක මුදලක් පිරිනමා තිබෙනවා.

දකුණු ආසියානු යොවුන් ටේබල් ටෙනිස් ශූරතාවලියේ අරමුණ වන්නේ දකුණු ආසියාවේ තරුණ ටේබල් ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් හඳුනාගෙන ඒවා දියුණු කිරීම පමණක් නොව කලාපයේ රටවල ටේබල් ටෙනිස් කණ්ඩායම් අතර අන්‍යෝන්‍ය විශ්වාසය හා සුහදශීලිත්වය මෙන්ම ක්‍රීඩාශීලිත්වය ද පෝෂණය කිරීම බව චන්දන පෙරේරා ප්‍රකාශ කරනවා.



සටහන :
warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...