The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
ක්‍රීඩා

බොක්සිං වළල්ලේ ඛේදවාචකය: පළමු වෘත්තීය තරගයෙන්ම මිය ගිය එංගලන්ත තරුණ සටන්කරුවා

T

The Leader Desk

May 24, 2024 • 5:09 PM

බොක්සිං වළල්ලේ ඛේදවාචකය: පළමු වෘත්තීය තරගයෙන්ම මිය ගිය එංගලන්ත තරුණ සටන්කරුවා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එංගලන්තයේ බොක්සිං ක්‍රීඩකයෙක් ඔහු සහභාගි වූ පළමු වෘත්තීය තරගයේදී ම හිසට එල්ල වූ පහරකින් මිය ගියා.
  • තරගය අතරතුර එල්ල කළ පහරක් නිසා හිසේ ඇතිවූ තුවාලයකින් ඔහු මිය ගිය බව තරගයේ ප්‍රවර්ධකයන් වන Warren බොක්සිං කළමනාකාරිත්වය නිවේදනය කළා.
  • ෂෙරීෆ් ලවල් මිය ගියේ පෘතුගාලයේ 33 හැවිරිදි මලෑම් වරිලා (Malam Varela) වෙතින් පහර කා බොක්සිං වළල්ලේ බිම ඇද වැටීමෙන් පසුව.
  • තරග විනිසුරුවරයා පහරින් බිම හෙළීමේ ගණන් කිරීම ආරම්භ කළ ද කැන්වසය මත වැටී සිටින ෂෙරීෆ්ගේ තත්ත්වයේ බරපතළකම වටහා ගත් සැණින් ඔහු තරගය අවසන් බවට තීරණය කළා.
අකුරු ප්‍රමාණය (Font Size):


ලන්ඩනයේ Harrow Leisure මධ්‍යස්ථානයේ පසුගියදා පැවති තරගයේදී මෙසේ ඛේදජනක අයුරින් මිය ගොස් තිබෙන්නේ ෂෙරීෆ් ලවල් (Sherif Lawal) නමැති 29 හැවිරිදි මිඩ්ල්වේට් අංශයේ බොක්සිං ක්‍රීඩකයෙක්.

තරගය අතරතුර එල්ල කළ පහරක් නිසා හිසේ ඇතිවූ තුවාලයකින් ඔහු මිය ගිය බව තරගයේ ප්‍රවර්ධකයන් වන Warren බොක්සිං කළමනාකාරිත්වය නිවේදනය කළා.

zdfse234d


ෂෙරීෆ් ලවල් මිය ගියේ පෘතුගාලයේ 33 හැවිරිදි මලෑම් වරිලා (Malam Varela) වෙතින් පහර කා බොක්සිං වළල්ලේ බිම ඇද වැටීමෙන් පසුව.

තරග විනිසුරුවරයා පහරින් බිම හෙළීමේ ගණන් කිරීම ආරම්භ කළ ද කැන්වසය මත වැටී සිටින ෂෙරීෆ්ගේ තත්ත්වයේ බරපතළකම වටහා ගත් සැණින් ඔහු තරගය අවසන් බවට තීරණය කළා.


අසල රෝහලට ගෙන යාමට පෙර ෂෙරීෆ් ට වෛද්‍යවරු බොක්සිං වළල්ල තුළම ප්‍රතිකාර ලබා දුන්නා. එහෙත් ඒ වෛද්‍ය උත්සාහයන් මධ්‍යයේත් ඔහු මිය ගිය බව නිවේදනය කෙරුනා.

වෛද්‍යවරුන් වහාම පැමිණ ෂෙරීෆ් ට බොක්සිං වළල්ල තුළ මිනිත්තු විස්සක් පමණ ප්‍රතිකාර කළ ද ඔහුගේ ජීවිතය බේරා ගැනිමට නොහැකි වුනා. මෙය සිදුවුනේ සෙනඟ පිරුනු ශාලාවක බැවින් සියළු දෙනාම ගල්ගැසී බලා සිටියා.

තරගයේ තෙවැනි වටය අවසන් වන විටත් ෂෙරීෆ් තුවාල ලබා සිටියා. එහෙත් තරගයේ සිවුවන හා අවසන් වටය සඳහා නැවත පිවිසි ඔහුගේ හිසට මාරාන්තික පහර එල්ල වුනේ ප්‍රතිවාදී ක්‍රීඩකයාගේ දකුණු අතින්.

ෂෙරීෆ්ගේ සිද්ධියත් සමග එදිනට නියමිතව තිබූ අනෙකුත් තරග සියල්ල කල් තැබුනා.

මේ බොක්සිං සටන්කරුවාගේ පවුල වෙනුවෙන් ක්‍රීඩා ලෝලීන් දහස් ගණනින් මුදල් එකතු කර ගත්තා.

මේ හදිසි මරණයෙන් පසුව ඔහුගේ සොයුරිය වන කෑතරින් (Katherine) ඇගේ සොහොයුරාගේ අවමඟුලට වියදම් කිරීමට උපකාර ලබා ගැනීමේ අරමුණෙන් GoFundMe පිටුවක් නිර්මාණය කළා.

dfg45rf
ඇය එහි මෙසේ ලියා තිබුනා: “ෂෙරීෆ්ඩීන් ඔහු ආදරය කළ සහ ඔහුගේ මුළු ජීවිතය ම කැප කළ ක්‍රීඩාව කරමින් සිටියදී මිය ගියා.”

“මානසික සෞඛ්‍ය රෝගීන්ට සාත්තු කරන්නෙක් බවට පත්වීමට කටයුතු කරමින් සිටින අතරතුර ඔහු මානසික සෞඛ්‍යයේ කැපවුනු ආධාරකරුවකු ද වී සිටියා.”

“මේ අරමුදල් රැස්කිරීමේ අරමුණ වන්නේ ඔහුගේ අවමංගල්‍යයට යන වියදම සොයා ගැනීම යි. ලබා දෙන ඔ්නෑම සහයෝගයක් ඉතාමත් අගය කොට සළකනවා” යනුවෙන් එම පිටුවේ ඇය සඳහන් කර තිබුනා.


පවුම් 15,000ක් ඉලක්ක කරමින් පිහිටුවූ මේ අරමුදලට දින තුනක් යාමට පෙර පවුම් 10,000කට වැඩි මුදලක් එකතු වී තිබුනා.

ෂෙරීෆ් ලවල්ගේ ලන්ඩනයේ St Pancras බොක්සිං සමාජය අභියස ක්‍රීඩා ලෝලීන් මල් වඩම් දමා ගොස් තිබුනු අතර ෂෙරීෆ්ගේ පුහුණුකරු වන ක්ලේයා විලියම්ස් (Claire Williams) වෙනම GoFundMe පිටුවක් මගින් තමාගේ මිය ගිය බොක්සිං තරගකරුවාගේ පවුල වෙනුවෙන් පවුම් 2,600ක් රැස්කර ගෙන තිබුනා.

ෂෙරීෆ් මිය යන විට උතුරු මිඩ්ල්සෙක්ස් සරසවියේ සාත්තු සේවය පිළිබඳව හදාරමින් සිටියා.

එංගලන්ත බොක්සිං ක්‍රීඩකයන් හා බොක්සිං බළධාරීන් ඇතුළු විශාල පිරිසක් ෂෙරීෆ්ගේ මරණය පිළිබඳව ශෝක පණිවුඩ එවා තිබුනා.

ෂෙරීෆ් ලවල් බොක්සිං ක්‍රීඩා කළේ 2018 වසරේ සිට. ඔහු සිය ආධුනික බොක්සිං ක්‍රීඩා දිවිය අකුලා ගෙන තමා වෘත්තීය බොක්සිං ක්‍රීඩාවට පිවිසෙන බව ප්‍රකාශ කළේ මේ වසර මුලදී.

ඒ වන විට ඔහුගේ පුහුණුකරුව සිටියේ ටයිසන් ෆියුරිගේ 2009 ප්‍රතිවාදියා වූ ජෝන් මැක්ඩමොට්ගේ ද පුහුණුකරු වූ CJ Hussein. වෘත්තීය බොක්සිං තරග බිම ෂෙරීෆ් ට වඩා හොඳින් ගැලපෙනු ඇතැයි තමා සිතන බවත් විශිෂ්ට මිඩ්ල්වේට් ක්‍රීඩකයෙක් බවට පත්වීමට අවශ්‍ය සියළු සහජ දක්ෂතාවන් ඔහු සතුව තිබෙන බවත් එම පුහුණුකරු එදා ප්‍රකාශ කර තිබුනා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...