The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකාවේ පළමු යොවුන් පාපන්දු ලීගයට 'ලයිකා' අනුග්‍රහය

T

The Leader Desk

May 28, 2024 • 2:58 PM

ශ්‍රී ලංකාවේ පළමු යොවුන් පාපන්දු ලීගයට 'ලයිකා' අනුග්‍රහය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලාංකේය පාපන්දු ක්‍රීඩාවේ අනාගතය සුරක්ෂිත කිරීම ඇතුළු ඉලක්ක රැසක් මූලික කරගනිමින් වයස අවුරුදු 19න් පහළ යොවුන් පාපන්දු
  • මේ සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය ලයිකා ඥානම් (Lyca Gnanam ) පදනම දක්වන අතර, ඔවුන් අඛණ්ඩ වසර 03ක් යනතුරු මෙම අනුග්‍රාහකත්වය ලබාදීමට තීරණය කර ඇත.
  • ‘වයස 19න් පහළ යොවුන් පාපන්දු ලීගය‘ ලෙසින් නම්කර තිබෙන මෙම තරගාවලිය, මෙරටදී පැවැත්වෙන පළමු යොවුන් ලීගය ලෙසින් ඉතිහාසයට එක්වේ.
  • තරගාවලිය පිළිබඳ දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (27දා) කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී පැවැති අතර, එහිදී අනාවරණය වූයේ මෙම තරගාවලිය එළබෙන ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු යොදා තිබෙනවා.

මේ සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය ලයිකා ඥානම් (Lyca Gnanam ) පදනම දක්වන අතර, ඔවුන් අඛණ්ඩ වසර 03ක් යනතුරු මෙම අනුග්‍රාහකත්වය ලබාදීමට තීරණය කර ඇත.

‘වයස 19න් පහළ යොවුන් පාපන්දු ලීගය‘ ලෙසින් නම්කර තිබෙන මෙම තරගාවලිය, මෙරටදී පැවැත්වෙන පළමු යොවුන් ලීගය ලෙසින් ඉතිහාසයට එක්වේ.

තරගාවලිය පිළිබඳ දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (27දා) කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී පැවැති අතර, එහිදී අනාවරණය වූයේ මෙම තරගාවලිය එළබෙන ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවයි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර්, ලයිකා ඥානම් පදනමේ සභාපති අලිරාජා සුභාස්කරන් ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කර සිටියේ, ඉදිරියේදී යොවුන් කාන්තා ලීගයක්ද පැවැත්වීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

එසේම මෙම හවුල්කාරීත්වය පළමු අදියර වසර 3ක කාලසීමාවක් සඳහා ක්‍රියාත්මක වන අතර එය අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාතමක වනු ඇති බවට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපතිවරයා කියා සිටියේය. ඊට අමතරව මෙම තරගාවලිය සඳහා රුපියල් මිලියන 50කට අධික මුදලක් වැයවනු ඇති බවට විශ්වාස කරන බවත් ජස්වර් උමාර් පැවැසීය.

මෙම තරගාවලිය එළබෙන ජූලි මස සිට දෙසැම්බර් මස දක්වා සෑම සති අන්තයකදීම පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ සඳහා දිවයිනේ ප්‍රධාන නගර 55ක් ආවරණය කරමින් කණ්ඩායම් 440ක ක්‍රීඩකයින් සංඛ්‍යාව 11,000කට අධික සංඛ්‍යාවක් තරගවැදීමට නියමිතව තිබෙනවා. එමෙන්ම ක්‍රීඩා සමාජ නිලධාරීන් 2,500ක් මෙන්ම පුහුණුකරුවන් හා තරග විනිසුරන් 1,000කට අධික සංඛ්‍යාවක්ද මේ සඳහා එක්වීමට නියමිතව ඇත.

මෙහි මූලික වටයේ තරග දිස්ත්‍රික් තරග ලෙසින් පැවැත්වේ. ඒ සෑම දිස්ත්‍රික්කයකින්ම ජයගන්නා කණ්ඩායම (කණ්ඩායම් 24ක්) දෙවැනි වටයට සුදුසුකම් ලබයි.

සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා දිස්ත්‍රික් තරග පැවැත්වෙන අතර, එම තරගද ලීග් ක්‍රමයටම පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මේ අතර මෙම මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපතිවරයා අනාවරණය කළ තවත් කරුණක් වූයේ, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ලබන වසරේ සිට පැවැත්වීමට සැලසුම්කර තිබෙන වයස 20න් පහළ ලෝක කුසලාන තරගාවලියට පිවිසීමට මෙම තරගාවලියද අවස්ථාවක් කරගන්නා බවයි.  එම තරගාවලියට ආසියානු කලාපයෙන් කණ්ඩායම් 06කට පමණක් අවස්ථාව හිමිවේ.

තවද මෙම තරගාවලියේ සාර්ථකත්වය අනුව ඉදිරියේදී වයස 16න් පහළ තරගාවලියක්ද පැවැත්වීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අදහස් කර ඇති බවද සඳහන්ය.

kjsdfjle

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශ්‍රී ලංකාවේ පළමු යොවුන් පාපන්දු ලීගයට 'ලයිකා' අනුග්‍රහය | The Leader