The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
ක්‍රීඩා

රුසියානු ප්‍රකෝපනය නොසලකන්නැයි යුක්රේනුවන්ට අවවාදයක්

T

The Leader Desk

May 29, 2024 • 8:31 AM

රුසියානු ප්‍රකෝපනය නොසලකන්නැයි යුක්රේනුවන්ට අවවාදයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී රුසියානු ක්‍රීඩකයන් විසින් සිදු කරන කිසිම ප්‍රකෝප කිරීමකට අවධානය යොමු නොකර සන්සුන්ව සිටින ලෙසට යුක්රේන් ක්‍රීඩකයන්ට උපදෙස් දී තිබෙනවා.
  • එවැනි දෙයක් නැවත සිදුවුවහොත් එය තමන් ලද ජයග්‍රහණයක් බවට රුසියානුවන් ප්‍රතාශ කරනු ඇතැයි යන කාරණය පිළිබඳව යුක්රේනයේ අවධානය යොමුව තිබෙනවා.
  • “මේ ප්‍රකෝපනය ඔවුන් කරන්නේ සිතාමතා බව තේරුම් ගන්න.
  • එවැනි තත්ත්වයන්ට මුහුණ දීමට යුක්රේනය සූදානම්ව සිටිය ද, එවැනි සිද්ධියක් උග්‍ර තත්ත්වයකට ගෙන යාම සඳහා යුක්රේන් ක්‍රීඩකයන් ඉත්තන් බවට පත්නොවනු ඇතැයි ඔහු පවසනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


රුසියාව ඔවුන්ගේ ප්‍රචාරක මෙහෙයුමේ කොටසක් ලෙස පැරිසියට යන ඔවුන්ගේ ක්‍රීඩකයන් පාවිච්චි කිරීමට ඉඩ තිබෙන බැවින් මතභේදයන්ට පැටලීමෙන් මඟහැර සිටින ලෙසට යුක්රේන් වැඩබලන ක්‍රීඩා ඇමති Matviy Bidnyi සිය රටේ ක්‍රීඩකයන්ට අවවාද කරනවා.

 

යුක්රේන් කඩු සරඹ ක්‍රීඩිකා Olha Kharlan ඇගේ රුසියානු ප්‍රතිවාදිනිය සමග අතට අත දීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඇයව පසුගිය ජූලි මාසයේ පැවති ලෝක ශූරතාවලියෙන් නෙරපා දැමුනා. එවැනි දෙයක් නැවත සිදුවුවහොත් එය තමන් ලද ජයග්‍රහණයක් බවට රුසියානුවන් ප්‍රතාශ කරනු ඇතැයි යන කාරණය පිළිබඳව යුක්රේනයේ අවධානය යොමුව තිබෙනවා.

31a75b799b1462048600871eb1983ffbයුක්රේන් වැඩබලන ක්‍රීඩා ඇමති Matviy Bidnyi

 

මධ්‍යස්ථ ක්‍රීඩකයෙකු ලෙස තරග කරන රුසියානුවෙක් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී යුක්රේන් ක්‍රීඩකයෙකුගෙන් ප්‍රතිචාර ලබා ගැනීම ඉලක්ක කර යම් පොළඹවන දෙයක් සිදු කළහොත් නියම ආකාරයෙන් තැන්පත්ව ඊට ප්‍රතිචාර දක්වන ලෙස Bidnyi කියා සිටිනවා.

“මේ ප්‍රකෝපනය ඔවුන් කරන්නේ සිතාමතා බව තේරුම් ගන්න. සන්සුන් මනසකින් යුතුව ඒ ප්‍රකෝප කිරීම නොසලකා හරින්න” යනුවෙන් ඔහු අවවාද දෙනවා. එවැනි තත්ත්වයන්ට මුහුණ දීමට යුක්රේනය සූදානම්ව සිටිය ද, එවැනි සිද්ධියක් උග්‍ර තත්ත්වයකට ගෙන යාම සඳහා යුක්රේන් ක්‍රීඩකයන් ඉත්තන් බවට පත්නොවනු ඇතැයි ඔහු පවසනවා. “රුසියානුවන් කරන්නේ මොකක්ද කියලා අපි බලමු. අපේ ක්‍රීඩකයන්ට ඒකට ලෑස්තියි.''

skynews kharlan olga ukraine 6233879Kharlan ට 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල අහිමි වන ලකුණු පහළව තිබුන ද, ඇයට ලබන අගෝස්තුවේදී ඔලිම්පික් තරග බිමට පිවිසීමට අවස්ථාව ලැබී තිබෙනවා.

 

ලෝක ශූරතාවලියෙන් ඉවත් කිරීමෙන් පසුව Kharlan ට නියත වශයෙන් ම 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල අහිමි වන ලකුණු පහළව තිබුන ද, ජගත් ඔලිම්පික් කමිටුවේ සභාපති Thomas Bach ඇයව දඩුවමෙන් මුදවා තිබෙන බැවින් ඇයට ලබන අගෝස්තුවේදී ඔලිම්පික් තරග බිමට පිවිසීමට අවස්ථාව ලැබී තිබෙනවා.

 

රුසියානු හා බෙලරුසියානු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් යන්න වරම් !යුක්රේන් ක්‍රීඩකයන් රුසියානු ක්‍රීඩකයන් සමග අන්‍යෝන්‍යව කටයුතු කළ යුත්තේ අවසර දී තිබෙන අවම මට්ටමෙන් පමණක් බවට යුක්රේනය ඔවුන්ගේ ඔලිම්පික් ක්‍රීඩකයන්ට තරයේ උපදෙස් දී තිබෙනවා.
යුක්රේන් ක්‍රීඩකයන් රුසියානු ක්‍රීඩකයන් සමග අන්‍යෝන්‍යව කටයුතු කළ යුත්තේ අවසර දී තිබෙන අවම මට්ටමෙන් පමණක් බවට යුක්රේනය ඔවුන්ගේ ඔලිම්පික් ක්‍රීඩකයන්ට තරයේ උපදෙස් දී තිබෙනවා. යුක්රේනය මූලිකත්වය දී තිබෙන්නේ ඔවුන්ගේ ක්‍රිඩකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. සෘණාත්මක වශයෙන් ඔවුන් වෙත අවධානය ඇද ගැනීමට යුක්රේනයට කැමැත්තක් නැහැ.

“අපි රුසියානු ක්‍රීඩයන්ව සලකන්නේ ඔවුන් දෙමුහුන් බලපෑමක ඒජන්තයන් හැටියටයි” යුක්රේන් වැඩබලන ක්‍රීඩා ඇමතිවරයා සඳහන් කරනවා.

 

සෑම රුසියානු ක්‍රීඩක මධ්‍යස්ථ කොඩියකම ලේ පැල්ලම් තියෙනවා - යුක්රේනයඔවුන්ගේ ජාතික ධජය යටතේ මාධ්‍යවේදීන්ටවත් ඔලිම්පික් උළෙලේ පෙනී සිටින්න බැහැ.

“රුසියාව යුද්ධය පටන් ගන්නේත් යුද්ධය කරගෙන යන්නේත් මේ ආකාරයට කියා අපි තේරුම් ගෙන ඉන්නවා. ඔවුන් අපේ සිතිවිලිවලට බලපෑම් ඇති කරන්නේත් ඒවා හසුරවන්නේත් කෙසේද කියා අපි දන්නවා. ක්‍රීඩාව රුසියානුවන්ගේ ප්‍රචාරක කටයුතුවල ඉතාම වැදගත් අංගයක්. ඔවුන් ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් ඉවත් කර තබා ගැනීම සඳහා අපි ලෝකයට ගොඩක් දේවල් කර තිබෙනවා. ඔවුන්ගේ ජාතික ධජය යටතේ මාධ්‍යවේදීන්ටවත් ඔලිම්පික් උළෙලේ පෙනී සිටින්න බැහැ. රුසියානු කොඩිය නුසුදුසු බවටත් එය ජාත්‍යන්තර ඉසව්වකදී පිලිගත නොහැකි බවටත් මෙය සාක්ෂියක් වන අතර එය ඉතාම ප්‍රබල සංකේතාත්මක සිද්ධියක්.”

යුක්රේනය පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග කිරීමට තීරණය කර තිබෙන්නේ මේ ආදර්ශ පාඨයෙන් බවට දැන් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

“ජයග්‍රහණයේ අධිෂ්ඨානය!”

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...