The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
ක්‍රීඩා

මැරඩෝනාගේ රත්තරං බෝලය අලෙවි කිරීම වළක්වන්න උරුමක්කාරයෝ අසමත් වෙති

T

The Leader Desk

May 31, 2024 • 12:05 PM

මැරඩෝනාගේ රත්තරං බෝලය අලෙවි කිරීම වළක්වන්න උරුමක්කාරයෝ අසමත් වෙති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 1986 මෙක්සිකෝ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් ආජන්ටිනා පාපන්දු පුරාවෘත්තය වන ඩිඒගෝ මැරඩෝනා ට
  • මේ කුසලානය පැරිසියේ Aguttes වෙන්දේසි නිවසේදී ජූනි 6 වැනිදා විකිණීමට නියමිතව තිබෙනවා.
  •   මැරඩෝනාගේ පවුලේ අයට අනුව, 1986 නොවැම්බරයේ පැරිසියේ Lido Cabaret ශාලාවේදී ඔවුන්ගේ පියාට පිරිනැමුනු මේ කුසලානය ඊට තෙවසරකට පසුව ඉතාලියේ නේපල්ස් නගරයේ සිදුවූ බැංකු මංකොල්ලයකදී සොරකම් කර තිබෙනවා.
  •   මැරඩෝනාගේ ජීවිත කාලය තුළ ඔහු මේ සොරකම පිළිබඳව දැමූ සාපරාධී නඩුවක කිසිම ලිපි ගොනුවක් මැරඩෝනාගේ උරුමක්කාරයන් විසින් ඉදිරිපත් කර නැතැයි පැරිස් උසාවියක් ඊයේ ප්‍රකාශ කළා.
අකුරු ප්‍රමාණය (Font Size):
ලැබුනු ‘රත්තරං බෝලය’ – Golden Ball - කුසලානය අලෙවි කිරීම නතර කිරීමට මැරඩෝනාගේ උරුමක්කාරයන් ගත් නීතිමය උත්සාහය ප්‍රංශයේදී ව්‍යර්ථ වුනා.

ප්‍රංශ අගනුවර පුරාවස්තු ගනුදෙනු කරන්නෙකු විසින් සොයා ගැනීමට පෙර මේ කුසලානය දශක ගණනාවක් තිස්සේ අතුරුදන්ව තිබුනා.

මේ කුසලානය පැරිසියේ Aguttes වෙන්දේසි නිවසේදී ජූනි 6 වැනිදා විකිණීමට නියමිතව තිබෙනවා.
 
අතුරුදන්ව තිබූ මැරඩෝනාගේ 'රත්තරං බෝලය' වෙන්දේසියේ‘රත්තරං බෝලය’ – Golden Ball - කුසලානය අලෙවි කිරීම නතර කිරීමට මැරඩෝනාගේ උරුමක්කාරයන් ගත් නීතිමය උත්සාහය ප්‍රංශයේදී ව්‍යර්ථ වුනා.
 
මැරඩෝනාගේ පවුලේ අයට අනුව, 1986 නොවැම්බරයේ පැරිසියේ Lido Cabaret ශාලාවේදී ඔවුන්ගේ පියාට පිරිනැමුනු මේ කුසලානය ඊට තෙවසරකට පසුව ඉතාලියේ නේපල්ස් නගරයේ සිදුවූ බැංකු මංකොල්ලයකදී සොරකම් කර තිබෙනවා.
 
මැරඩෝනාගේ ජීවිත කාලය තුළ ඔහු මේ සොරකම පිළිබඳව දැමූ සාපරාධී නඩුවක කිසිම ලිපි ගොනුවක් මැරඩෝනාගේ උරුමක්කාරයන් විසින් ඉදිරිපත් කර නැතැයි පැරිස් උසාවියක් ඊයේ ප්‍රකාශ කළා.

මේ සොරකම පිළිබඳ සාක්ෂි මාධ්‍ය වාර්තා මත පමණක් පදනම් විය නොහැකි බව උසාවිය කියා සිටියා.
 
gold ballමිලියන ගණන් මුදලකට අලෙවි වනු ඇතැයි අපේක්ෂා කෙරෙන මේ සිහිවටනය නියම වශයෙන් අයිති විය යුත්තේ ඔහුගේ උරුමක්කාරයන් පස් දෙනාට බවට තර්ක කළා.
 
හැට වැනි වියේ පසුවෙමින් සිටියදී 2020 වසරේදී මිය ගිය මැරඩෝනාගේ පවුල වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින්, මිලියන ගණන් මුදලකට අලෙවි වනු ඇතැයි අපේක්ෂා කෙරෙන මේ සිහිවටනය නියම වශයෙන් අයිති විය යුත්තේ ඔහුගේ උරුමක්කාරයන් පස් දෙනාට බවට තර්ක කළා. ඔවුන් බ්‍රහස්පතින්දා තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.
judi n“අපි මේ කතා කරන්නේ පාපන්දු පුරාවෘත්තයකට පිරිනැමුනු කුසලානයක් ගැනයි. එය යා යුත්තේ ආජන්ටිනාවටයි” මැරඩෝනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආයතනය පවසනවා.
 
“අපි මේ කතා කරන්නේ පාපන්දු පුරාවෘත්තයකට පිරිනැමුනු කුසලානයක් ගැනයි. එය යා යුත්තේ ආජන්ටිනාවටයි” මැරඩෝනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආයතනය පවසනවා.

මේ කුසලානය සම්බන්ධයෙන් තිබෙන එක් කතාවක් වනුයේ කුසලානය පිරිනැමුනු සන්ධ්‍යාවේ මැරඩෝනා එය Lido ශාලාවේ අමතක කර දමා ගොස් ඇති බව යැයි වෙන්දේසි නිවහනේ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කරනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...