The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
ක්‍රීඩා

ප්‍රංශය ජයගත් ශ්‍රී ලාංකික කැරම් ශුරයෝ

T

The Leader Desk

June 1, 2024 • 4:40 PM

ප්‍රංශය ජයගත් ශ්‍රී ලාංකික කැරම් ශුරයෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රංශයේ ජාතික කැරම් පෙඩරේෂණය විසින් වසරකට වරක් අන්තර් පලාත් අතර පවත්වන කැරම් ක්‍රීඩාවේ ශුරයන් තේරීමේ තරග
  • ඊට අමතරව මෙම කැරම් ශුරතා තරඟ මාලාවෙන් පසු එම ක්‍රීඩාවේ ජාතික ශ්‍රේණිගත කිරීම් වලට අනුව ඔවුන් ලබා ගත් ලකුනු ගනනයෙන් පසු ලකුනු 13520 ක් ලබා ගත් අන්ජුල ප්‍රනාන්දු හා මොහාන් ප්‍රනාන්දු ප්‍රංශයේ ජාතික මට්ටමේ ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමටද සමත්වී ඇත්තේය.
  • මාලාවකින් පසු පැවැති යුගල තරග වලින් සමන්විත තරඟ වටයන් කිහිපයක් පරදවා අවසාන තරඟයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු එම ශුරතාවේ දෙවෙනි ස්ථානය දිනා ගනිමින් එයට හිමි ජයග්‍රාහී පදක්කම් දිනා ගැනීමට සමත් වූයේය.
අකුරු ප්‍රමාණය (Font Size):

මාලාවකින් පසු පැවැති යුගල තරග වලින් සමන්විත තරඟ වටයන් කිහිපයක් පරදවා අවසාන තරඟයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු එම ශුරතාවේ දෙවෙනි ස්ථානය දිනා ගනිමින් එයට හිමි ජයග්‍රාහී පදක්කම් දිනා ගැනීමට සමත් වූයේය.

ඒ අනුව ප්‍රංශයේ පැවැති කැරම් ශුරතාවයක් ජය ගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයන් වීමේ ගෞරවය ද ඔවුන් වෙත හිමි වන්නේය

 2024 මැයි මස 25 හා 26 යන දෙදින තුල පැරීසියේ සිට කි:මී: 400 ක් පමණ ප්‍රංශයේ ඊසාන දිග පිහිටි නැන්සි (Nancy) නගරයේ පැවැත්වූ මෙම ශුරතාවේ අවසන් වටයන් සඳහා සුදුසුකම් ලැබූ යුගල කන්ඩායම් 22ක් තරඟ වැදුනෝය. එහිදි යුගල තරඟ 6ක් ජය ගනිමින් අවසාන තරඟයට තේරී පත් වෙමින් මෙම ශුරතාවයන් සඳහා පැරීසිය ප්‍රධාන කොට ක්‍රියාත්මක වන පැරීසියේ ජාතික කැරම් සංගමය වෙනුවෙන් ඉදිරිපත්වූ ප්‍රංශයේ වෙසෙන අන්ජුල ප්‍රනාන්දු සහ මොහාන් ප්‍රනාන්දු එම ශුරතාවේ යුගල වශයෙන් පැවැත්වූ ඉසව්වේ දෙවෙනි ස්ථානය දිනා ගැනීමට සමත් වූයේය.

ඊට අමතරව මෙම කැරම් ශුරතා තරඟ මාලාවෙන් පසු එම ක්‍රීඩාවේ ජාතික ශ්‍රේණිගත කිරීම් වලට අනුව ඔවුන් ලබා ගත් ලකුනු ගනනයෙන් පසු ලකුනු 13520 ක් ලබා ගත් අන්ජුල ප්‍රනාන්දු හා මොහාන් ප්‍රනාන්දු ප්‍රංශයේ ජාතික මට්ටමේ ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමටද සමත්වී ඇත්තේය.

සටහන :
(සුනිල් ආනන්ද පැරීසියේ සිට)
sunilanandadisney@gmail.com

knhsdklf

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...