The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
ක්‍රීඩා

පොන්ටිංගේ අනාවැකිය: හොඳම පන්දු යවන්නා - බුම්රා ; හොඳම පිතිකරුවා - හෙඩ්

T

The Leader Desk

June 2, 2024 • 10:56 AM

පොන්ටිංගේ අනාවැකිය: හොඳම පන්දු යවන්නා - බුම්රා ; හොඳම පිතිකරුවා - හෙඩ්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලුලාභියා ලෙස ඉන්දියාවේ වේග පන්දු යවන ජස්ප්‍රිට් බුම්රා (Jasprit Bumrah) සහ
  • මේ ක්‍රීඩකයන් දෙදෙනා ම T20 ක්‍රිකට් ක්‍රීඩාවේ අතිවිශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කර තිබෙන අතර ලෝක වේදිකාවේ දීප්තිමත්ව බැබලෙමින් ඔවුන්ගේ දක්ෂතාවන් තුළින් ඉහළ මට්ටමේ බලාපොරොත්තු ඇති කරවීමට ඔවුන්ට තිබෙන හැකියාව පොන්ටිංගේ මේ නිගමණයට ප්‍රධාන හේතුව වී තිබෙනවා.
  •   ජස්ප්‍රිට් බුම්රා විස්සයි20 ලෝක කුසලාන තරග බිමට පිවිසෙන්නේ ඉතාමත් සාර්ථක IPL ක්‍රීඩා වාරයකින් පසුව.
  • එහිදී තරග 13කින් ඔහු කඩුලු 20ක් ලබා ගත්තේ ලකුණු 6.48ක සිත්ගන්නා සකසුරුවම් පන්දු යැවීමකින්.
අකුරු ප්‍රමාණය (Font Size):

වැඩිම ලකුණුලාභියා ලෙස ඔස්ට්‍රේලියාවේ ආක්‍රමණශීලී පිතිකරු ට්‍රැවිස් හෙඩ් (Travis Head) පත්වනු ඇති බවට හිටපු ඔස්ට්‍රේලියා නායක රිකී පොන්ටිං (Ricky Ponting) අනාවැකි පළ කරනවා.

 

ricky yහිටපු ඔස්ට්‍රේලියා නායක රිකී පොන්ටිං (Ricky Ponting)

සිය ක්‍රිකට් විචක්ෂණභාවය පිළිබඳව ප්‍රසිද්ධියක් උසුලන පොන්ටිං, තීරණාත්මක අවස්ථාවන්හිදී තරගය වෙනස් කිරීමේ බුම්රාගේ දක්ෂතාව විසින් ඔහු තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගන්නා පන්දු යවන්නා බවට පත්කරවනු ඇති බවත් පිතිකරණයේදී හෙඩ්ගේ ප්‍රවේගකාරී හා නොවෙනස් පිතිහරඹය නිසා ඔහු තරගාවලියේ වැඩිම ලකුණු රැස් කරන පිතිකරුවා වනු ඇති බවත් ප්‍රකාශ කරනවා.

මේ ක්‍රීඩකයන් දෙදෙනා ම T20 ක්‍රිකට් ක්‍රීඩාවේ අතිවිශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කර තිබෙන අතර ලෝක වේදිකාවේ දීප්තිමත්ව බැබලෙමින් ඔවුන්ගේ දක්ෂතාවන් තුළින් ඉහළ මට්ටමේ බලාපොරොත්තු ඇති කරවීමට ඔවුන්ට තිබෙන හැකියාව පොන්ටිංගේ මේ නිගමණයට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

 



ජස්ප්‍රිට් බුම්රා විස්සයි20 ලෝක කුසලාන තරග බිමට පිවිසෙන්නේ ඉතාමත් සාර්ථක IPL ක්‍රීඩා වාරයකින් පසුව. එහිදී තරග 13කින් ඔහු කඩුලු 20ක් ලබා ගත්තේ ලකුණු 6.48ක සිත්ගන්නා සකසුරුවම් පන්දු යැවීමකින්. මෙය වඩාත් විශේෂත්වයක් ගන්නේ ඉතාමත් ඉහළ ලකුණු ලබා ගැනීමක් තිබෙන තරගාවලියකදී මේ පන්දු යැවීම ප්‍රදර්ශනය කිරීම නිසා.

“ඔහු කඩුලු ලබා ගන්නවා. ඔහු අසීරු ඕවරත් ගොඩක් යවනවා. විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවේ අසීරු ඕවර යවද්දී, කඩුලු ගොඩක් ලබා ගැනීමේ අවස්ථාවක් ද ඒ අතර ලැබෙනවා. ඒ නිසායි මම කියන්නේ බුම්රා මෙවර තරගාවලියේ වැඩියෙන්ම කඩුලු ලබා ගන්නවා කියලා” යනුවෙන් පොන්ටිං පවසන්නේ ඔහුගේ අනාවැකිය සාධාරණීකරණය කරමින්.

 

“වැඩිම ලකුණු ලබා ගන්නා පිතිකරුවා ලෙස මම දකින්නේ ට්‍රැවිස් හෙඩ්. රතු පන්දුව වේවා සුදු පන්දුව වේවා මේ සෑම ක්‍රීඩාවකදීම ඔහු පසුගිය අවුරුදු කිහිපය තුළ කළ සියළු ක්‍රියාවන් මගේ මතකයට එනවා. ඒ සියළු දස්කම් තිබුනේ ඉතාමත් ඉහළ මට්ටමක. මේ මොහොතේ ඔහු නිර්භීත ක්‍රිකට් ක්‍රීඩාවක් කරන බව මම හිතනවා” රිකී පොන්ටිං සඳහන් කරනවා.

පසුගිය වසරේ පැවති ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භයේදී ම හෙඩ් ආබාධයකට ලක්වුනා. එහෙත් ඔහුගේ කුසලතාව පිළිබඳව ඔස්ට්‍රේලියාව ට තිබූ විශ්වාසය කොතරම් ප්‍රබල ද යත් ඔහු සුවය ලබන තුරු ඔවුන් හෙඩ්ව සංචිතය සමග රඳවා තබා ගත්තා.

එම තරගාවලියේ හෙඩ් නැවත තරග බිමට පිවිස නවසිලන්තය ට එරෙහිව ක්‍රීඩා කළ තරගයේදී, කණ්ඩායම තමා කෙරෙහි තබා තිබූ විශ්වාසයේ ණය ආපසු ගෙවා දැමුවේ ඉතා වේගවත් ශතකයකින්. ඔහු ඒ ලෝක කුසලාන තරගාවලිය චමත්කාරජනක වාර්තාවකින් අවසන් කළේ ශතක දෙකක් සහ අර්ධ ශතකයක් ලබා ගනිමින්. ලකුණු 50 ට වැඩි සාමාන්‍යක් පවත්වා ගෙන ගිය ඔහු 127.52ක විශිෂ්ට ප්‍රහාරාත්මක වේගයක් සටහන් කළා.

1802460861

 

ඉන්දියා ප්‍රිමිය ලීගයේ 2024 ක්‍රීඩා වාරයේදී ද සිය දස්කම් දිගටම පවත්වා ගෙන යාමට ට්‍රැවිස් හෙඩ් සමත් වුනා. එහිදී ‘සන්රයිසර්ස් හයිදරාබාද්’ කණ්ඩායමේ තරග මෙහෙයුමේදී ආරම්භක පිතිකරුවෙකු ලෙස තීරණාත්මක කාර්යභාරය ඔහු අවසාන තරගය දක්වා ම කරගෙන ගියා. එම තරගාවලිය මුළුල්ලේ, ඔහු තරග 15කදී ලකුණු 567ක් රැස් කළේ 191.55ක අපූර්ව ප්‍රහාරාත්මක වේගයක් පවත්වා ගෙන යමින්. 

ට්‍රැවිස් හෙඩ්ගේ IPL ක්‍රීඩා වාරයේ සමාප්තිය ප්‍රබල නොවූව ද, අමෙරිකාවේ හා කැරිබියන් දූපත්වල ඉදිරියේ පැවැත්වෙන තරගවලදී ඔහු ඔහුගේ ප්‍රතාපවත් එඩිතරකම හා දක්ෂතාව දිගටම ප්‍රදර්ශනය කරනු ඇතැයි රිකී පොන්ටිං අපේක්ෂා කරනවා.

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...