The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

චමරි නිසා ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයට නව උදාවක් - ෂම්මි සිල්වා ගෙන් පොරොන්දුවක්

T

The Leader Desk

July 7, 2024 • 6:06 PM

චමරි නිසා ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයට නව උදාවක් - ෂම්මි සිල්වා ගෙන් පොරොන්දුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මධ්‍ය මහා විද්‍යාලීය ශ්‍රවනාගාරයේදි පසුගියදා පැවැත්විණි.
  • ජයවර්ධන බණ්ඩාර (2008 දි මියගොස් ඇත) සහ ඩී.බී.
  • චන්ද්‍රා ජයවර්ධන (සේමසිංහ) දෙපලටදාව උපන් චමරි සිය මූලික අධාපනය සදහා ගොකරැල්ල මහා විද්‍යාලයට ඇතුලත් වී, පස්වන පංතියේ ශිෂ්‍යත්වයෙන් සමත්ව වැඩිදුර අධ්‍යාපනය සදහා ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලත් වී තිබේ.
  • මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු උපදේශක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පුද්ගලික ලේකම්ව සිටි යුනයිටඩ් යූත් සංවිධානයේ සභාපති සුදත් චන්ද්‍රසේකර විශේෂ ආරාධිත අමුත්තන් ලෙස එක්ව සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

මධ්‍ය මහා විද්‍යාලීය ශ්‍රවනාගාරයේදි පසුගියදා පැවැත්විණි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් වූ ඒ.එම්. ජයවර්ධන බණ්ඩාර (2008 දි මියගොස් ඇත) සහ ඩී.බී. චන්ද්‍රා ජයවර්ධන (සේමසිංහ) දෙපලටදාව උපන් චමරි සිය මූලික අධාපනය සදහා ගොකරැල්ල මහා විද්‍යාලයට ඇතුලත් වී, පස්වන පංතියේ ශිෂ්‍යත්වයෙන් සමත්ව වැඩිදුර අධ්‍යාපනය සදහා ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලත් වී තිබේ.

ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලීය සිසු දරු දුරියන් සහ ආදි ශිෂ්‍ය සංගමය විසින් මෙම උපහාර උළෙල සන්විධානය කර තිබූ අතර, රථ පෙරහරකින් කුරුණෑගල සිට ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය දක්වා කැදවාගෙන එනු ලැබුවේ මාර්ගය අවට රැස්ව සිටි ජනතා ඔල්වරසන්මධ්‍යයේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු උපදේශක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පුද්ගලික ලේකම්ව සිටි යුනයිටඩ් යූත් සංවිධානයේ සභාපති සුදත් චන්ද්‍රසේකර විශේෂ ආරාධිත අමුත්තන් ලෙස එක්ව සිටියේය.

මෙම උත්සව අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා උත්සව සභාව අමතමින්, ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයට නව ක්‍රීඩාගාරයක්, අංග සම්පූර්ණ ක්‍රීඩා පිටියක්, පැති විකට්ටුවක් සහ කායවර්ධන මධ්‍යස්ථානයක් ලබාදෙන බවට සහතික විය.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රීඩාව දේශපාලනයෙන් මුදා ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසිය.

''මම ආසයි තව චමරිලා හතර පස් දෙනෙක් මෙම විදුහලෙන් බිහි වෙනවා දකින්න''

'' මේ ඉස්කෝලයට මං පළවෙනි සැරේට මේ ආවේ.  මම ගිය පාසල කොළඹ නාලන්ද විද්‍යාලය. අප පාසලේ ඉගෙන ගෙන ක්‍රිකට් වාර්තාවක් තියපු අපේ ක්‍රිකට් නායකයා තමයි මෙම විදුහලේ ප්‍රින්සිපල් හැටියට ඒ කාලයේ ඇවිල්ල තියෙන්නේ. මම ඔබතුමාලගේ විදුහලේ ධජය දිහා බැලුවා ම, මට තේරුනා එතුමා කොච්චර මේ ඉස්කෝලයට කැපවීමකින් වැඩ කරාල තියෙනවද කියලා. ඇත්තටම එතුමා මගේ ඉස්කෝල ධජය මෙතැන ඔබතුමාලගේ පාසැලේ ධජයට සමාන කරලා තියෙනවා. අප විදුහල් දෙකේ ම ධජය එකයි. ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය අතර තියෙන ලොකු සමාන කම මට පේනවා.

ඇත්තටම මම අද මෙතැනට ආවේ මගේ ගැන කතා කරන්න නෙමෙයි. චමරි අතපත්තු ගැන කතා කරන්න. මම නාලන්ද විද්‍යාලයේ මලල ක්‍රීඩා කරන සමයේ මට මතකයි මලල ක්‍රීඩා තරග වලට යන්න ඉස්සෙල්ලා දක්ෂ ක්‍රීඩකයෝ ඉන්න ඉස්කෝල දෙක තුනක් ගැන සොයා බලනවා. ඉන් පළමුවැනි ඉස්කෝලයක් තමයි ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය. එතන දන්නේ නැති ළමයි ඉන්නවා එකසැරේට ඇවිල්ලා ලංකාවේ පරිසාධන මට්ටමට එනවා. මේ ක්‍රීඩා පාසල හැංගිලා තිබුණාට එච්චර දියුණු පාසලක්. මම ඉතින් ඉස්සර බලනවා, කවුද ඉබ්බාගමුවෙන් එන්නේ කියලා. ඇත්තටම කලේ යගුළිය, කවපෙත්ත සහ හෙල්ල විසිරීම. ඉතින් ඒ වගේ මේකට මට හොඳ මතකයක් තියෙනවා ඉබ්බාගමුව මහා විද්‍යාලයට ගැන.

 

'' මගේ භාග්‍යයකට මම මෙතැනට ආවා කියලා මට හිතෙනවා. චමරි අතපත්තු හින්ද තමයි මම මෙතැනට ආවේ. ඒ වගේ මං දැක්ක ඔබ විද්‍යාලයේ ක්‍රීඩා පිටියත්. මේ පිටියෙන් මම හිතනවා මට එන අවුරුදු 2, 3 වෙන කොට චමරි අතපත්තු ලා හතර පස් දෙනෙක් බිහි වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා''

ඒ අතරතුර මම ඔබ විදුහලේ ක්‍රීඩා භූමිය බලන කොට මට හිතුණා මෙතනට අලුත් පැවිලියන් එකක් ගහන්න ඕන. අංග සම්පූර්ණ ගෘහස්ථ ක්‍රිකට්ගාරයක්, පැති විකට්  එකක් හදන්න ඕන, අංග සම්පූර්ණ ජිම් එකක් හදන්න අවශ්‍යයි කියලා. මම පොරොන්දු වෙනවා ඒ සියල්ල ඉතා ඉක්මනින් නිම කරලා දුන්නට පස්සේ මේ ක්‍රීඩා පාසල ලංකාවේ තියෙන හොඳම ක්‍රීඩා පාසල හැටියට වැජඹෙයි කියලා.


''මම චමරිගේ විශ්‍රාම ගැනීම නැවැත්තුවා''
 
'' මම චමරි අතපත්තු ගැන දැන් කතා කරන්නන්. චමරි අතපත්තු ළඟ දී ඇවිල්ලා මට කියනවා,”මට ක්‍රිකට් ගැහුවා ඇති දැන් නතර වෙන්න ඕන කියලා. මං කිව්වා තව අවුරුදු හතරක් පහක් ඔයාගෙ ඇගේ ක්‍රිකට් තියෙනවා. දැන් නතර වෙන්න බෑ. ඉතිං ඊට පස්සේ චමරි අතපත්තු ඒක පිළිගත්තා. දැන් ඉස්සරහට එන හුඟත් ලෝක කුසලාන තරග තියෙනවා. අපේ ඉන්නවා තව හුඟක් හොඳ ළමයි, දැන් මෙයාට අනුගමනය කරන්න තමයි ඒ ගොල්ලන් බලා ගෙන ඉන්නේ.
 

'' චමරි ඔබ තමයි ලෝකයේ අංක එකේ සිටින ක්‍රිකට් ක්‍රීඩිකාව. ඇත්තටම ගත්තොත් සුසන්තිකා ජයසිංහ ඉන්නවා. මේ විදුහලෙන් බිහි වූ ශ්‍රීයානි කුලවංශ ඉන්නවා. ඇත්තටම සුසන්තිකා ජයසිංහ කියන්නේ ලංකාවේ පමණක් නොව ලෝකයේ හිටපු හොඳම ක්‍රීඩිකාවක්. මට හරි ආඩම්බරයෙන් කියන්න පුළුවන් සුසන්තිකා ජයසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අපිත් එක්ක වැඩ කරනවා''


ලංකාවේ පළමු වන ක්‍රිකට් ආයතන සභාපතිනිය
 
එතකොට චමරි අතපත්තු තව අවුරුදු පහකින් පසුව විශ්‍රාම ගන්න විට, චමරි අතපත්තු ඊට පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ, සමහර විට මගේ තනතුරට පවත්වන පලවෙනි කාන්තාව වෙන්ඩ පුළුවන්.

අපි ඒ බලාපොරොත්තුව තියලා චමරිට තව අවුරුදු 5 ක් තව ගහන්න කියලා කියනවා. මෙම ක්‍රීඩාංගණය දඹුල්ල වෙලගෙදරට පස්සේ තියෙන හොඳම ක්‍රීඩාංගණය හැටියට මම මේක  දියුණු කරලා ඔබලාට බාර දෙනවා.

 
චමරි අතපත්තු ක්‍රීඩාංගණය
 
මම එක ඉල්ලීමක් කරනවා මේ ක්‍රීඩාංගණය නිමකල පසුව චමරි අතපත්තු ක්‍රීඩාංගණය නමින් නම් කරන්න කියලා. අපි එනවා මෙතැනට, තව වැඩිකල් යන්නේ නෑ. මම මාස හතරකින් එය ඉටු කරන්න අපේක්ෂා කරනවා.

චමරි වගේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ළඟට ඇවිල්ලා ඔබට උදව් කරයි. ඒ වගේ තව අවුරුදු 2 ඇතුළත ක්‍රීඩිකාවන් විතරක් නෙමෙයි හොඳ ක්‍රීඩකයෝත් මෙම විදුහලෙන් බිහි වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

සුදත් චන්ද්‍රසේකර මහතා කිව්වා වගේ මාස හයකට හතකට ඉස්සෙල්ලා අපේ ලංකාවේ ක්‍රීඩාව නැති වෙලා තිබ්බේ. අපේ රග්බී, ෆුට්බෝල්, ක්‍රිකට් තහනම් වෙලා තිබ්බා. ඒක මේ ජනාධිපතිතුමා ඇවිල්ල ලංකාවේ ක්‍රීඩාවෙන් දේශපාලනය නැති කරලා ඒක අපට නැවත ලබා දුන්නා.''
 

kklsdrt5434
 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...