ඔවුන්ගේ වයස් ඛාණ්ඩවල විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වුනා.
මේ තරගාවලියේ වයස අවුරුදු 21න් පහළ අංශයේ රන් පදක්කම දිනා ගත්තේ සාන්ත තෝමස් කණ්ඩායමේ නායක රෝහිත් කිරිදෙන.
වයස අවුරුදු 17න් පහළ අංශයේදී සාන්ත තෝමස් විදුහල් කණ්ඩායමේ ලේකම් දිනෙත් ගුණවර්ධන හා සේනක ද සිල්වා පිළිවෙලින් රිදී හා ලෝකඩ පදක්කම් හිමිකර ගත්තා.
මේ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ප්‍රවීන දුනුවිදීමේ ක්‍රීඩක හා වෘත්තීය පුහුණුකරුවකු වන ජගත් වීරතුංග.
ආනන්ද, නාලන්දා, රාජකීය, ගේට්වේ, මලියදේව, ආසියානු ජාත්‍යන්තර පාසල සහ වයඹ දුනුවිදීමේ සමාජය, තුරඟ තරග පිටියේ දුනුවිදීමේ සමාජය හා ඌව දුනුවිදීමේ සමාජය ඇතුළු දිවයිනේ නොයෙකුත් පාසල් හා ක්‍රීඩා සමාජවල විශිෂ්ට දක්ෂතා මේ තරගාවලියේදී ප්‍රදර්ශනය වුනා.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

වමේ සිට: දිනෙත් ගුණවර්ධන (රිදී පදක්කම - අවුරුදු 17න් පහළ), රෝහිත් කිරිදෙන (රන් පදක්කම - අවුරුදු 21න් පහළ), සේනක ද සිල්වා (ලෝකඩ පදක්කම - අවුරුදු 17න් පහළ)
අවුරුදු 21න් පහළ ජයග්‍රාහී බාලක කණ්ඩායම
අවුරුදු 17න් පහළ ජයග්‍රාහී බාලක කණ්ඩායම



