The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

තරුණ මෙසී හා යමාල් බබාගේ ‘පුරාවෘත්ත දෙකක ආරම්භයේ’ ඡායාරූපය

T

The Leader Desk

July 11, 2024 • 10:07 AM

තරුණ මෙසී හා යමාල් බබාගේ ‘පුරාවෘත්ත දෙකක ආරම්භයේ’ ඡායාරූපය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ, ඔහු පුණ්‍යායතනයක කැලැන්ඩරයක් වෙනුවෙන් ඡායාරූප ගැනීමකට මුහුණ දුන් අවස්ථාවේ.
  • වැනි වියේ පසුවෙමින් සිටි මෙසී ඒ වන විටත් පාපන්දු තරග බිමේ තම නාමය සනිටුහන් කරමින් සිටියේ එදා මෙදා තුර ලොව බිහිවූ අතිවිශිෂ්ටතම පාපන්දු තරුව බවට පත්වීමට යන ගමන අතරතුර.
  • නමුත් මේ බබා තව අවුරුදු 17කටත් අඩු කාලයක් ගතවීමට පෙර මෙසී මෙන්ම ජාත්‍යන්තර පාපන්දුවේ පෙලහර පානු ඇතැයි මේ සේයාරුව ගත් ඡායාරූප ශිල්පියා එදා කිසිසේත්ම සිතුවේ නැහැ.
  • මෙසී එදා වතුරෙන් නාවමින් සිටියේ ජර්මනියේ දැන් පැවැත්වෙන Euro 2024 යුරෝපීය පාපන්දු ශූරතාවලිය කළඹවමින් සිටින ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායමේ 16 හැවිරිදි ලෙමීන් යමාල් (Lamine Yamal) ක්‍රීඩකයාව.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ, ඔහු පුණ්‍යායතනයක කැලැන්ඩරයක් වෙනුවෙන් ඡායාරූප ගැනීමකට මුහුණ දුන් අවස්ථාවේ.

මෙසී මේ බබා සමග ඡායාරූපයට පෙනී සිටියේ ස්පාඤ්ඤයේ බාසෙලෝනා නුවර පිහිටි බාසෙලෝනා පාපන්දු ක්‍රීඩා සමාජයීය ක්‍රීඩාංගණය වන කම්ප් නෝ (Camp Nou) හි විවේක කාමරයකදී.

20 වැනි වියේ පසුවෙමින් සිටි මෙසී ඒ වන විටත් පාපන්දු තරග බිමේ තම නාමය සනිටුහන් කරමින් සිටියේ එදා මෙදා තුර ලොව බිහිවූ අතිවිශිෂ්ටතම පාපන්දු තරුව බවට පත්වීමට යන ගමන අතරතුර.


මෙසී ඒ වන විටත් පාපන්දු තරග බිමේ තම නාමය සනිටුහන් කරමින් සිටියේ එදා මෙදා තුර ලොව බිහිවූ අතිවිශිෂ්ටතම පාපන්දු තරුව බවට පත්වීමට යන ගමන අතරතුර.
නමුත් මේ බබා තව අවුරුදු 17කටත් අඩු කාලයක් ගතවීමට පෙර මෙසී මෙන්ම ජාත්‍යන්තර පාපන්දුවේ පෙලහර පානු ඇතැයි  මේ සේයාරුව ගත් ඡායාරූප ශිල්පියා එදා කිසිසේත්ම සිතුවේ නැහැ.

මෙසී එදා වතුරෙන් නාවමින් සිටියේ ජර්මනියේ දැන් පැවැත්වෙන Euro 2024 යුරෝපීය පාපන්දු ශූරතාවලිය කළඹවමින් සිටින ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායමේ 16 හැවිරිදි ලෙමීන් යමාල් (Lamine Yamal) ක්‍රීඩකයාව.


ප්‍රංශය ට එරෙහි අවසන් පූර්ව තරගයේදී ඔහු ලබා ගත් ගෝලය බොහෝ කලක් යන තුරු පාපන්දු ක්‍රීඩා ලෝලීන්‌ගේ මතකයේ රැඳී තිබෙනු ඇති අතර ස්පාඤ්ඤය ට අවසාන මහා තරගයට පිවිසීමේ මාර්ගය විවර කර දුන්නේ යමාල්ගේ එම දර්ශනීය ගෝලය යි.

 

yamalයමාල් ලබා ගත් එම ගෝලය ඔහුව ‘යුරෝ’ තරගාවලි ඉතිහාසයේ ළාබලතම ගෝල්ලාභියා බවට පත් කළා.

වයස අවුරුදු 16යි දවස් 362ක්ව තිබියදී යමාල් ලබා ගත් එම ගෝලය ඔහුව ‘යුරෝ’ තරගාවලි ඉතිහාසයේ ළාබලතම ගෝල්ලාභියා බවට පත් කළා.

බොහෝ කලක් තිස්සේ අමතකව ගොස් තිබූ මෙසී හා යමාල්ගේ මේ ඡායාරූපය නැවත මතුවූයේ යමාල්ගේ පියා එය ‘ඉන්ස්ටග්‍රෑම්’හි සටහන් කළ මොහොතේ. එම පෝස්ටුවේ ඔහු මෙසේ සටහන් කර තිබුනා.

“පුරාවෘත්ත දෙකක ආරම්භය” – The Beginning of Two Legends.

 

linal messiයමාල්ගේ මව ද මෙසි හා බබා පසෙකින් සිටින අයුරු මේ එක් ඡායාරූපයකින් දිස්වනවා.

සමාජ මාධ්‍ය පුරා වේගයෙන් පැතිරී ගොස් තිබෙන මේ වටිනා ඡායාරූපය ගෙන තිබෙන්නේ Associated press මාධ්‍ය ආයතනයේ නිදහස් ඡායාරූප ශිල්පියෙකු වන Joan Monfort. ඒ වන විට යමාල්ගේ වයස වී තිබුනේ මාස කිහිපයක් පමණයි.

ඔහු මේ සේයාරුව ගෙන තිබෙන්නේ යමාල්ගේ පවුල ජීවත් වන ස්පාඤ්ඤයේ මෙටාරෝ නගරයේදී යුනිසෙෆ් ආයතනය පැවැත්වූ ලොතරැයි දිනුම් ඇදීමකින් පසුව.

යමාල්ගේ පවුලේ උදවිය මේ ලොතරැයි දිනුම් ඇදීමට සහභාගි වී තිබෙන්නේ කම්ප් නෝ ක්‍රීඩාංගණයේදී බාසෙලෝනා ක්‍රීඩකයෙකු සමග ඡායාරූපයකට පෙනී සිටීමේ අවස්ථාවක් ලබා ගැනීම පිණිස. එහිදී ඔවුන් එම ලොතරැයිය දිනුවා.

ඇක්වටෝරියල් ගෙනී (Equatorial Guinea) නමැති මධ්‍යම අප්‍රිකානු රටවැසියකු වන යමාල්ගේ මව ද මෙසි හා බබා පසෙකින් සිටින අයුරු මේ එක් ඡායාරූපයකින් දිස්වනවා.

 

336033ඔහු සිටියේ තවත් විවේක කාමරයක වතුර පිරුනු ප්ලාස්ටික් බාල්දියක් හා ඒ තුළ සිටින බබෙක් සමග.

“මෙසී විවේක කාමරයේ සිට එළියට එමින් සිටියා. හදිසියේම ඔහු සිටියේ තවත් විවේක කාමරයක වතුර පිරුනු ප්ලාස්ටික් බාල්දියක් හා ඒ තුළ සිටින බබෙක් සමග.

එය අවුල් සහිත මොහොතක්. බබාව කොහොමද අතේ රඳවා ගෙන තියා ගන්නේ කියලවත් මෙසී මුලදී දැන සිටියේ නැහැ” යනුවෙන් එම ඡායාරූප ශිල්පියා පවසනවා.

2007 වසරේ තමා ගත් ඡායාරූපවල සිටින්නේ යමාල් බව මේ ඡායාරූප ශිල්පියා දැන සිට නැහැ. මිතුරෙක් ඔහුට ඒ බව දන්වා තිබෙන්නේ සමාජ මාධ්‍යයේ එම සේයාරුව පැතිර යාමෙන් පසුව.
 

BB1ptvM1යමාල්                                                        මෙසී

 

මෙසී මෙන්ම යමාල් ද බාසෙලෝනා කණ්ඩායමට ක්‍රීඩා කරන්නට වූ අතර එහිදී යමාල් එම කණ්ඩායමේ තරගයක් ආරම්භ කළ ළාබාලතම ක්‍රීඩකයා සහ ගෝල්ලාභියා මෙන්ම ස්පාඤ්ඤ පාපන්දු ලීගයේ ගෝලයක් ලබා ගත් වයසින් අඩුම ක්‍රීඩකයා බවට ද පත්වුනා.


එංගලන්තය හා ස්පාඤ්ඤය අතර බර්ලින් නුවරදී ඉරිදා පැවැත්වෙන Euro 2024 අවසාන මහා තරගයට පෙර දිනයේ ලෙමීන් යමාල් 17 වැනි වියට පා තබනවා.




සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තරුණ මෙසී හා යමාල් බබාගේ ‘පුරාවෘත්ත දෙකක ආරම්භයේ’ ඡායාරූපය | The Leader