The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

යමාල්ගේ මිනිත්තු අනූවේ ක්‍රීඩාවට හරස් වන ජර්මන් කම්කරු නීතිය

T

The Leader Desk

July 12, 2024 • 4:12 PM

යමාල්ගේ මිනිත්තු අනූවේ ක්‍රීඩාවට හරස් වන ජර්මන් කම්කරු නීතිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හැවිරිදි ලෙමීන් යමාල් කරන සෑම දෙයක් ම නව වාර්තාවක් පිහිටුවීමක් හෝ පැරණි වාර්තාවක් බිඳ දැමීමක් බවට පත්වන සෙයක් පෙනෙනවා.
  • එහෙත් මෙවැනි සාර්ථකත්වයක් මධ්‍යයේත් මේ සුපිරි ක්‍රීඩකයාව ‘යුරෝ’ තරග බිමේදී මිනිත්තු 90ක සම්පූර්ණ තරගයක් ක්‍රීඩා කරවීමට ස්පාඤ්ඤ පුහුණුකරුට අසීරු වී තිබෙනවා.
  • ජර්මනියේ කම්කරු නීතියට අනුව, බාලවයස්කාරයන්ට පස්වරු 8.00න් එහා වැඩ කිරීමට අවසර නැහැ.
  • ක්‍රීඩකයන් වෙනුවෙන් මේ නීතියේ යම් ලිහිල් කිරීමක් තිබුනත් ඔවුන්ට ද පස්වරු11.00 වශයෙන් අවසන් කාල සීමාවක් පනවා තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

16 හැවිරිදි ලෙමීන් යමාල් කරන සෑම දෙයක් ම නව වාර්තාවක් පිහිටුවීමක් හෝ පැරණි වාර්තාවක් බිඳ දැමීමක් බවට පත්වන සෙයක් පෙනෙනවා.

zdf45df

එහෙත් මෙවැනි සාර්ථකත්වයක් මධ්‍යයේත් මේ සුපිරි ක්‍රීඩකයාව ‘යුරෝ’ තරග බිමේදී මිනිත්තු 90ක සම්පූර්ණ තරගයක් ක්‍රීඩා කරවීමට ස්පාඤ්ඤ පුහුණුකරුට අසීරු වී තිබෙනවා. ඒ, මෙම තරගාවලියේ සත්කාරක රට වන ජර්මනියේ එය තහනම් නිසා.

ජර්මනියේ කම්කරු නීතියට අනුව, බාලවයස්කාරයන්ට පස්වරු 8.00න් එහා වැඩ කිරීමට අවසර නැහැ. ක්‍රීඩකයන් වෙනුවෙන් මේ නීතියේ යම් ලිහිල් කිරීමක් තිබුනත් ඔවුන්ට ද පස්වරු11.00 වශයෙන් අවසන් කාල සීමාවක් පනවා තිබෙනවා.

ජර්මනිය ට එරෙහි ස්පාඤ්ඤයේ අර්ධ අවසන් පූර්ව තරගය ආරම්භ වූයේ පස්වරු 6.00 ට වූව ද, ප්‍රංශය සමග අවසන් පූර්ව තරගය ද ඇතුළුව මෙතෙක් පැවති ස්පාඤ්ඤ කණ්ඩායමේ බොහෝ තරග ආරම්භ වූයේ ජර්මන් වේලාවෙන් පස්වරු 9.00 ට.

තරගයක් පැවැත්වීමට නියමිත කාලය වන මිනිත්තු 90 සහ තුවාල ලැබීම වෙනුවෙන් තරගයේ සෑම භාගයකම වෙන් කරන කාලයත්, මිනිත්තු 15ක විවේක කාලය හා තරගයෙන් පසුව පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවන්ට ගතවන කාලයත් සමග බලන විට යමාල් ට පස්වරු 11.00න් එහා රැකියාව කිරීමට සිදුවනවා.

xdfg4634
ජර්මනියේ කම්කරු නීතිය හේතුවෙන් තරගාවලියේ මූලික වටයේදී යමාල්ව ක්‍රොඒෂියාව, ඉතාලිය හා ඇල්බේනියාව සමග තරගවලදී පිළිවෙලින් 88 වැනි මිනිත්තුවේ, 71 වැනි මිනිත්තුවේ හා 19 වැනි මිනිත්තුවේදී පිටියෙන් ඉවත් කර ආදේශ ක්‍රීඩකයෙකු යෙදවීමට ස්පාඤ්ඤ පුහුණුකරුට සිදුවුනා. යමාල් පස්වරු 11.00න් පසුව රැකියාවේ නියුතු වුවහොත්, එනම් ක්‍රීඩා කළහොත්, යුරෝ 30,000ක දඩයක් ගෙවීමට ස්පාඤ්ඤ පාපන්දු සංගමයට සිදුවනවා.

’16 දෙනාගේ තරග වටයේ’ ජෝජියාව ට එරෙහිව ස්පාඤ්ඤය ගෝල් 4-1කින් ජයග්‍රහණය කළ තරගය යමාල් සම්පූර්ණයෙන්ම ක්‍රීඩා කළා. එහෙත්, මෙයින් ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනය ඩොලර් 32,500කට ආසන්න දඩයකට මුහුණ දීමට සිදුවිය හැකි තත්ත්වයකට පත්ව සිටිනවා. ජර්මන් බළධාරීන් විසින් ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයට මේ දඩය පමුණුවනු ඇත්ද නැද්ද යන්න තවමත් අවිනිශ්චිතයි.

Euro 2024 අවසාන මහා තරගය ඉරිදා ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ ජර්මනියේ වේලාවෙන් පස්වරු 9.00 ට. මෙහිදී, තෙවතාවක් ‘යුරෝ’ ශූරයින් වූ ස්පාඤ්ඤය හැරී කේන් මෙහෙයවන එංගලන්ත කණ්ඩායම සමග තරග වැදීමට නියමිතයි. යමාල් පැහැදිලිවම මේ තරගයේ ආරම්භක ක්‍රීඩකයෙක් වනු ඇතත් පසුව ඔහු වෙනුවට ආදේශ ක්‍රීඩකයෙකු යොදවා යමාල්ව පිටියෙන් ඉවතට ගන්නවාද නැද්ද යන්න ස්පාඤ්ඤ කඳවුරට තිබෙන දැවැන්ත ප්‍රශ්නයක්.

zdfw3
තරගයේ දෙවැනි භාගයේදී යමාල් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීමේ විකල්පය ස්පාඤ්ඤයට තිබෙනවා. කෙසේ වෙතත්, එසේ නොකර සිටීමට ඔවුන් තීරණය කළහොත්, ජර්මන් නීතිය යටතේ සැලකිය යුතු නීතිමය ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට ස්පාඤ්ඤ පාපන්දු බළධාරීන්ට සිදුවනවා.

මුළු තරග කාලයේ ම ලෙමීන් යමාල් ක්‍රීඩා කරවීමට ගනු ලබන තීරණයක ප්‍රතිඵලය වනු ඇත්තේ සැලකිය යුතු මූල්‍ය දඩයකට යටත් වීමට ස්පාඤ්ඤ කණ්ඩායමට සිදුවීමයි. කෙසේ වෙතත්, එමගින් අවසාන තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට ස්පාඤ්ඤ කණ්ඩායමට හැකි වුවහොත්, ඒ මුදල ප්‍රයෝජනවත් වැඩකට වියදම් කළ බවට සලකමින් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය හා කළමනාකාරිත්වයට සතුටු වීමට හැකිවනවා.


සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

යමාල්ගේ මිනිත්තු අනූවේ ක්‍රීඩාවට හරස් වන ජර්මන් කම්කරු නීතිය | The Leader