The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ප්‍රංශ ක්‍රීඩා ඇමතිවරිය සෙන් ගඟට පනී

T

The Leader Desk

July 14, 2024 • 5:39 PM

ප්‍රංශ ක්‍රීඩා ඇමතිවරිය සෙන් ගඟට පනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිහිනුම් ඉසව් සෙන් නදියේ පැවැත්වීමට යෝග්‍ය තරමට එහි ජලය පවිත්‍ර බවට ඇගේ මේ ක්‍රියාවෙන් ලොවට ප්‍රදර්ශනය වනු ඇතැයි බලධාරීන් බලාපොරොත්තු වනවා.
  • අමෙලී උඩෙයා කැස්ටේහා (Amelie Oudea Castera) ප්‍රංශ ක්‍රීඩා ඇමතිවරිය‌ගේ පිහිනීමේ අවස්ථාවට පසුගිය ටෝකියෝ 2020 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි PTS4 ඉසව්වේ රන් පදක්කම දිනා ගත් ඇලෙක්සිස් හැන්කෙන්කාන්ට් (Alexis Hanquinquant) තුන්ප්‍රයාම ශූරයා ද ඊයේ සහභාගි වුනා.
  • සෙන් ජලය අපවිත්‍ර වීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබීම මධ්‍යයේ පැරිසියේ Alexandre 111 සහ Invalides පාලම් අසල සෙනසුරාදා ක්‍රීඩා ඇමතිවරියගේ කිමිදීම පිළිබඳව ඇය X සමාජ මාධ්‍යයේ සටහන් කළා.
  • එම පෝස්ටුවේ කැප්ෂනයේ මෙසේ සඳහන්: “පොරොන්දුව ඉටු කළා!” ඔලිම්පික් තුන්ප්‍රයාම හා පිහිනුම් අදියර පැවැත්වීමට නියමිතව තිබෙන්නේ සෙන් ගංගාවේ Alexandre 111 පාලම අසල.
අකුරු ප්‍රමාණය (Font Size):

පිහිනා තිබෙනවා. 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිහිනුම් ඉසව් සෙන් නදියේ පැවැත්වීමට යෝග්‍ය තරමට එහි ජලය පවිත්‍ර බවට ඇගේ මේ ක්‍රියාවෙන් ලොවට ප්‍රදර්ශනය වනු ඇතැයි බලධාරීන් බලාපොරොත්තු වනවා.

අමෙලී උඩෙයා කැස්ටේහා (Amelie Oudea Castera) ප්‍රංශ ක්‍රීඩා ඇමතිවරිය‌ගේ පිහිනීමේ අවස්ථාවට පසුගිය ටෝකියෝ 2020 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි PTS4 ඉසව්වේ රන් පදක්කම දිනා ගත් ඇලෙක්සිස් හැන්කෙන්කාන්ට් (Alexis Hanquinquant) තුන්ප්‍රයාම ශූරයා ද ඊයේ සහභාගි වුනා. පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ ක්‍රීඩක පෙළපාලියේදී ප්‍රංශ ධජය රැගෙන යාම පිණිස තමා තෝරා ගැනීම සැමරීමටයි හැන්කෙන්කාන්ට් මේ පිහිනීමට සහභාගි වුනේ.

tgw45df
සෙන් ජලය අපවිත්‍ර වීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබීම මධ්‍යයේ පැරිසියේ Alexandre 111 සහ Invalides පාලම් අසල සෙනසුරාදා ක්‍රීඩා ඇමතිවරියගේ කිමිදීම පිළිබඳව ඇය X සමාජ මාධ්‍යයේ සටහන් කළා. ඇය පැරාලිම්පික් තුන්ප්‍රයාම ශූරයා සමග සෙන් නදියේ පිහිනන අයුරු පෝස්ටුගත කළ වීඩියෝවෙන් දර්ශනය වනවා.

එම පෝස්ටුවේ කැප්ෂනයේ මෙසේ සඳහන්: “පොරොන්දුව ඉටු කළා!”

ඔලිම්පික් තුන්ප්‍රයාම හා පිහිනුම් අදියර පැවැත්වීමට නියමිතව තිබෙන්නේ සෙන් ගංගාවේ Alexandre 111 පාලම අසල.

සෙන් නදියේ සියල්ල යහපත් බවට තම රටවැසියන්ට හා සංචාරක ඔලිම්පික් පිහිනුම් ක්‍රීඩකයන්ට පෙන්වීම සඳහා සෙන් ගඟේ පිහිනන බව ප්‍රංශයේ ජනාධිපති එමෑනුඅල් මැක්රොන් හා පැරිසියේ නගරාධිපතිනි ඈන් හිඩල්ගෝ ද පවසා තිබෙනවා.

හිඩල්ගෝ මුලින් සැලසුම් කර තිබුනේ පසුගිය මාසයේ 23 වැනි ඉරු දිනයේ සෙන් ගංගාවේ පිහිනීමට. නමුත් එදින සෙන් ජලයට මල පහකරන බවට පැරිස්වාසීන් තර්ජනය කර තිබුනා. ඒ, ඔලිම්පික් වෙනුවෙන් සෙන් ගංගාව ශූද්ධ කිරීම පිණිස අතිවිශාල මුදලක් පැරිසිය වැය කිරීමට විරෝධය පාමින්.

නමුත් නගරාධිපතිනිය ඇගේ පිහිනීම කල්දැමුවේ ජනාධිපති මැක්රොන් හදිසි මැතිවරණයක් කැඳවමින් ප්‍රංශය දේශපාලන නොසන්සුන්තාවකට ඇද දමා බොහෝ දෙනෙකුට ඔලිම්පික් උනන්දුව නැති කිරීමෙන් පසුව.

කෙසේ වෙතත් ඇය පසුගිය බදාදා ප්‍රකාශයක් කරමින් ඉදිරි දිනවලදී තමා සෙන් ගංගාවේ පිහිනා එහි ජලයේ පිරිසිදුකම පෙන්වන බවට අවධාරණය කළා.

zdfw454df

“මම ලබන සතියේ සෙන් ගඟට පනිනවා. එහි ජලය පිරිසිදුව තියේවි. ඒක මට සහතිකයි” හිඩල්ගෝ ප්‍රංශ අන්තර් ගුවන්විදුලියට පවසා තිබුනා.

මැක්රොන් ජනාධිපතිවරයා සෙන් නදියේ පීනා යන දිනයක් තවමත් නිවේදනය කර නැහැ.

මේ අතර, දේශපාලන දිය සුළියක් තමන් හා ප්‍රංශ ඔලිම්පික් ක්‍රීඩා උළෙල වටා කැරකෙමින් තිබියදී ඔලිම්පික් ප්‍රධාන සංවිධායක ටෝනි එස්ටොන්ගේ (Tony Estanguet) සිටින්නේ ඉතාමත් සැහැල්ලුවෙන්.

මැක්රොන් ජනාධිපතිවරයා විසින් ජූනි මුල ප්‍රකාශයට පත්කළ හදිසි මැතිවරණයෙන් ඔලිම්පික් උළෙලට කෙරෙන සූදානම වැසී ගොස් රට දේශපාලන අවිනිශ්චිතතාවකට පත්කර තිබෙනවා.

පසුගිය ඉරිදා පැවති මැතිවරණයේ අවසන් වටයෙන් පසුව අස්ථාවර පාර්ලිමේන්තුවක් පත්ව තිබෙන්නේ කිසිම පාර්ශවයකට පැහැදිලි බහුතරයක් නැතිව. මේ නිසා, තව නොබෝ දිනකින් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ වන විට ප්‍රධාන ඇමතිවරුන් තවදුරටත් ඔවුන්ගේ රැකියාවන්හි නිරතව සිටීවිද යන සැකය මතුව තිබෙනවා.

අලුත් ආණ්ඩුවක් පත්කර ගත යුත්තේ කවුරුන්ද යනුවෙන් මැතිවරණයට ඉදිරිපත්වූ පාර්ශවයන් තුන අතර ආරවුලක් දැන් හටගෙන තිබුනද, මැතිවරණය අවසන් වීම එස්ටොන්ගේ ට මහත් අස්වැසිල්ලක්. මැතිවරණය නිසා ඔලිම්පික් සූදානම ප්‍රමාද නොවීම හොඳ ප්‍රවෘත්තියක් බව ඔහු පවසනවා.

නමුත් නරක ප්‍රවෘත්තිය වී තිබෙන්නේ අන්තිම මිනිත්තුව දක්වා ම සෙන් ගංගාව විසින් ගැටළු මතු කිරීම.

සෙන් ගංගාවේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් සමාරම්භක උත්සවයේ සම්පූර්ණ පෙරහුරුවක් තවමත් පැවැත්වීමට නොහැකි වී තිබෙන්නේ අධික වර්ෂාව නිසා. මීට අමතරව, මහ වැස්සට ජලාපවහන පද්ධතියේ ක්‍රියාකාරිත්වය ප්‍රමාණවත් නොවී කුණුකසලවලින් ජලය අපවිත්‍ර වීම හේතුවෙන් සෙන් විවෘත ජලයේ පිහිනුම් හා තුන්ප්‍රයාම ඉසව් පැවැත්වීමට නොහැකි වේවිද යන සැකය විටින් විට මතුවෙමින් තිබෙනවා.

මේ ජූලි මාසය ආරම්භයේ සිට සෙන් ජලයේ තත්ත්වය හොඳ අතට හැරී තිබෙන බවට ‌මේ අතර වාර්තා වනවා.

 සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...