The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ජස්වර් උමාර්: 'කවුරු මොනවා කිවුවත් ශ්‍රී ලංකා පාපන්දුව යන්නේ හරි පාරේ'

T

The Leader Desk

July 17, 2024 • 3:22 PM

ජස්වර් උමාර්: 'කවුරු මොනවා කිවුවත් ශ්‍රී ලංකා පාපන්දුව යන්නේ හරි පාරේ'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ පිළිබඳව අසත්‍ය කතා පැතිරවීමට සමහරු උත්සාහ කළත් ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ගමන් කරන්නේ නිවැරදි දිසාවට බවත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා අවධාරණය කරනවා.
  • දිවයිනේ ප්‍රධානතම පාපන්දු ලීගයන් දෙකක් වන කොළඹ හා සිටි ලීගයන් දෙක එක්ව පවත්වනු ලබන මේ පාපන්දු සැණකෙළියෙන් දේශීය පාපන්දු ක්‍රීඩා වාරය නැවත පණගන්වන බව පාපන්දු සභාපතිවරයා කියා සිටියා.
  • ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් සිදු කළ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විගණනය දැන් අවසන් වෙමින් තිබෙන බවත් ලබන වසරේ සිට ජාත්‍යන්තර සම්මේලනයෙන් මුදල් ලැබෙනු ඇති බවත් උමාර් මහතා සඳහන් කළා.
  • අපේ ඉලක්කය 2025 සාෆ් තරගාවලිය ජයග්‍රහණය කිරීමයි.” ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් වර්තමානයේ ජාතික කණ්ඩායම් හතරක් සූදානම් කරමින් සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ පිළිබඳව අසත්‍ය කතා පැතිරවීමට සමහරු උත්සාහ කළත් ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ගමන් කරන්නේ නිවැරදි දිසාවට බවත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා අවධාරණය කරනවා.

කොළඹ පාපන්දු නිවහනේදී ඒ මහතා එසේ කියා සිටියේ දේශීය පාපන්දු තරග යළි ආරම්භ කරමින් පැවැත්වෙන ‘කොළඹ - සිටි අභියෝග කුසලාන තරගාවලිය’ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී. දිවයිනේ ප්‍රධානතම පාපන්දු ලීගයන් දෙකක් වන කොළඹ හා සිටි ලීගයන් දෙක එක්ව පවත්වනු ලබන මේ පාපන්දු සැණකෙළියෙන් දේශීය පාපන්දු ක්‍රීඩා වාරය නැවත පණගන්වන බව පාපන්දු සභාපතිවරයා කියා සිටියා.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් සිදු කළ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විගණනය දැන් අවසන් වෙමින් තිබෙන බවත් ලබන වසරේ සිට ජාත්‍යන්තර සම්මේලනයෙන් මුදල් ලැබෙනු ඇති බවත් උමාර් මහතා සඳහන් කළා.

“ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් දැනට අපට මුදල් ලැබෙන්නේ මාසෙන් මාසෙට. ඒකත් සීමිත මුදලක්. එම මුදල් යොදවන්නේ ජාතික කණ්ඩායම වෙනුවෙන්. දේශීය තරගාවලිය ආරම්භ කිරීමට ප්‍රමාද වුනේ ඒ නිසයි. ලීග් තරග වාරය සැප්තැම්බරයේ සිට ආරම්භ වනවා. මේ ගැන අපි FIFA සමග සාකච්ඡා කරගෙන යනවා. අපේ ඉලක්කය 2025 සාෆ් තරගාවලිය ජයග්‍රහණය කිරීමයි.”

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් වර්තමානයේ ජාතික කණ්ඩායම් හතරක් සූදානම් කරමින් සිටිනවා. ජ්‍යෙෂ්ඨ පිරිමි, ජ්‍යෙෂ්ඨ කාන්තා, අවුරුදු 17න් පහළ බාලක හා අවුරුදු 20න් පහළ බාලක එම ජාතික කණ්ඩායම්.

“රටේ පාපන්දු ක්‍රීඩාවට කිසිම දෙයක් නොකළ පුද්ගලයන් අද මාව විවේචනය කරනවා. ලංකාවේ සුපර් ලීග් ආරම්භ කළේ මමයි. චැම්පියන්ස් ලීගය තිබුනු තත්ත්වයෙන් ඉහළට ගෙනාවේ මමයි. ජාත්‍යන්තර තරගවලට මාර්ගය විවෘත කළේ මමයි. මට මඩ ගහන පුද්ගලයන් ලාංකික පාපන්දුවට කළේ මොනවාද කියා මම ඔවුන්ගෙන් අහන්න කැමතියි. කවුරු මොනවා කිවුවත්, කකුල් මාට්ටු දැම්මත් මම ශ්‍රී ලංකා පාපන්දුව ගෙනි යන්නේ හරි මාර්ගයේ” යැයි ජස්වර් උමාර් පාපන්දු සභාපතිවරයා සඳහන් කළා.

2026 වසර වන විට විදෙස් පාපන්දු ලීගයන්හි ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් යැවීමට තමා උත්සාහ කරන බව ද ඒ මහතා පැවසුවා.

කොළඹ - සිටි අභියෝග කුසලානය 2024

isdrw345

කොළඹ පාපන්දු ලීගය හා සිටි පාපන්දු ලීගය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සමග ඒකාබද්ධව සංවිධානය කරන ‘කොළඹ-සිටි අභියෝග කුසලානය 2024’ තරගාවලිය ජූලි 20 සිට අගෝස්තු 10 දක්වා පැවැත්වෙනවා.

සිටි ලීග් ක්‍රීඩාංගණයේදී සති අන්තයේ පැවැත්වෙන මේ තරගාවලිය බලගන්වන්නේ EXPO ආයතනය යි. කොළඹ පාපන්දු ලීගයේ හා සිටි පාපන්දු ලීගයේ දක්ෂතම කණ්ඩායම් හතර බැගින් කණ්ඩායම් අටක් මේ තරගාවලියට සහභාගි වනවා.

නිව් ස්ටාර්, චැලෙන්ජර්ස්, රත්නම් හා ඔ්ල්ඩ් බෙන්ස් කණ්ඩායම් කොළඹ පාපන්දු ලීගයෙන් තරග වදින අතර සිටි පාපන්දු ලීගයෙන් මාලිගාවත්ත යූත්, ජාවා ලේන්, රිනෝන් හා සෝන්ඩර්ස් කණ්ඩායම් තරග වැදීමට නියමිතයි.

රුපියල් මිලියන තුනක තෑගි මල්ලකින් යුත් මේ තරගාවලිය ක්‍රීඩා කෙරෙන්නේ පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට. තරගයේ අතිරේක කාලයක් නැති අතර ජය පැරදුමින් තොර අවසානයකදී ජයග්‍රාහකයින් තීරණය කරනු ඇත්තේ පෙනල්ටි ප්‍රහාරවලින්.

අදියර දෙකකින් පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව වටයේදී තරග අටක් ක්‍රීඩා කිරීමටයි නියමිත. ජයග්‍රාහකයින්ට රුපියල් මිලියනයක් පිරිනැමෙන අතර අනුශූරයින්ට හිමි වන ත්‍යාග මුදල රුපියල් ලක්ෂ පහක්. මීට අමතරව, තරගාවලියට සහභාගි වන සෑම කණ්ඩායමකටම රුපියල් දෙලක්ෂ පනස් දහස බැගින් පිරිනැමීමට සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

කණ්ඩායම්:

  • ‘ඒ’ කොටස - චැලෙන්ජර්ස්, මාලිගාවත්ත යූත්, නිව් ස්ටාර්, ජාවාලේන්
  • ‘බී’ කොටස - රත්නම්, රිනෝන්, ඔ්ල්ඩ් බෙන්ස්, සෝන්ඩර්ස්
  • අර්ධ අවසන් පූර්ව තරග සටහන:
  • චැලෙන්ජර්ස් - රත්නම්
  • මාලිගාවත්ත යූත් - රිනෝන්
  • නිව් ස්ටාර් - ඔ්ල්ඩ් බෙන්ස්
  • ජාවා ලේන් - සෝන්ඩර්ස්


සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...