The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ආරක්ෂක මුරකාවල් තර කරමින් ප්‍රංශ පොලිසිය මධ්‍යම පැරිසිය වසා දමයි

T

The Leader Desk

July 19, 2024 • 10:40 AM

ආරක්ෂක මුරකාවල් තර කරමින් ප්‍රංශ පොලිසිය මධ්‍යම පැරිසිය වසා දමයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මීට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ ලබන සතියේ සෙන් ගංගාවේ පැවැත්වෙන ඉතාමත් සංකීර්ණ ඔලිම්පික් සමාරම්භක උත්සවය යි.
  • සෙන් නදියේ කිලෝ මීටර් හයක පමණ (සැතපුම් හතරක්) දුරක පැවැත්වෙන සමාරම්භක උත්සව පෙරෙට්ටුව නිසා ගඟ පසෙකින් වන මධ්‍යම දිස්ත්‍රික්ක බ්‍රහස්පතින්දා බොහෝ වාහනවලට වසා දැමුනේ පෙරවරු 5.00 සිට.
  • නිවැසියන් හෝ හෝටල කාමර වෙන්කරවා ගෙන සිටින සංචාරකයන් වැනි ඕනෑම කෙනෙක් සෙන් ගංගා ඉවුරු දිගේ තිබෙන අධිකතම ආරක්ෂිත ‘අළු කලාපය’ට ඇතුළු වීමට නම් ඔවුන්ට QR කේතයකින් යුත් අවසර පත්‍රයක් අවශ්‍ය වනවා.
  • ජූලි 26 සිට අගෝස්තු 11 දක්වා පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා නරඹන්නන් මිලියන දහයක් පමණ පැමිණීමට පෙර ‘ආලෝකයේ නගරයේ’ පෙනුම වෙනස් වෙමින් තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

afd282f77fbbdd978c17b967a3e85b166863049e
මීට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ ලබන සතියේ සෙන් ගංගාවේ පැවැත්වෙන ඉතාමත් සංකීර්ණ ඔලිම්පික් සමාරම්භක උත්සවය යි.

 

සෙන් නදියේ කිලෝ මීටර් හයක පමණ (සැතපුම් හතරක්) දුරක පැවැත්වෙන සමාරම්භක උත්සව පෙරෙට්ටුව නිසා ගඟ පසෙකින් වන මධ්‍යම දිස්ත්‍රික්ක බ්‍රහස්පතින්දා බොහෝ වාහනවලට වසා දැමුනේ පෙරවරු 5.00 සිට.

 

නිවැසියන් හෝ හෝටල කාමර වෙන්කරවා ගෙන සිටින සංචාරකයන් වැනි ඕනෑම කෙනෙක් සෙන් ගංගා ඉවුරු දිගේ තිබෙන අධිකතම ආරක්ෂිත ‘අළු කලාපය’ට ඇතුළු වීමට නම් ඔවුන්ට QR කේතයකින් යුත් අවසර පත්‍රයක් අවශ්‍ය වනවා.

 



ජූලි 26 සිට අගෝස්තු 11 දක්වා පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා නරඹන්නන් මිලියන දහයක් පමණ පැමිණීමට පෙර ‘ආලෝකයේ නගරයේ’ පෙනුම වෙනස් වෙමින් තිබෙනවා.

නගරයේ ජනප්‍රිය ස්ථානවල තාවකාලික ක්‍රීඩාංගණ ඉදිකර තිබෙන අතර වාහන තදබදයේ අලුත් ම එකතු කිරීම වී තිබෙන්නේ ඔලිම්පික් VIP මං තීරුව.

 

3568hfhfjඋත්සවය වෙනුවෙන් ආරක්ෂක නිලධාරීන් 45,000ක් පමණ යොදවා තිබෙන අතර සොල්දාදුවන් හා පෞද්ගලික ආරක්ෂක ඒජන්තයින් දහස් ගණනකගේ සහාය ද ඔවුන්ට ලැබෙනවා.

පැරිස් මේට්රෝවේ බොහෝ දුම්රිය ස්ථාන බ්‍රහස්පතින්දා සිට ඔලිම්පික් සමාරම්භක උත්සවයට පසු දිනය වන තෙක් වසා දමා තිබෙනවා. ජූලි 26 උත්සවය වෙනුවෙන් ආරක්ෂක නිලධාරීන් 45,000ක් පමණ යොදවා තිබෙන අතර සොල්දාදුවන් හා පෞද්ගලික ආරක්ෂක ඒජන්තයින් දහස් ගණනකගේ සහාය ද ඔවුන්ට ලැබෙනවා.

මේ අතර, ඔලිම්පික් ගම්මානයේ පළමු ක්‍රීඩක පිරිස බ්‍රහස්පතින්දා පැමිණීමට නියමිතව තිබුනා.

 

Dans l'enceinte du quartier qui servira de village olympique cet été, situé à lembouchure de trois villes : Saint-Denis, Saint-Ouen et L'Ile St-Denis, le 25 janvier 2024.නිවාස සංකීර්ණ 40කින් පමණ සමන්විත මේ ඔලිම්පික් ගම්මානය
අඩු කාබන් කොන්ක්‍රීට්වලින් නිවාස ඉදි කිරීමේ තාක්ෂණය ප්‍රදර්ශනය කරමින් වැඩි උසක් නැති නිවාස සංකීර්ණ 40කින් පමණ සමන්විත මේ ඔලිම්පික් ගම්මානය වායු සමනයෙන් තොර ප්‍රදේශයක් බවට පත් කිරීම අරමුණ වී තිබුන ද නොයෙකුත් රටවල ඔලිම්පික් නියෝජිතයන් ඔවුන්ගේ ක්‍රීඩකයන්‌ වෙනුවෙන් පහසුවෙන් ගෙන යා හැකි වායු සමීකරණ යන්ත්‍ර 2,500ක් ඇනවුම් කර තිබෙන්නේ අධික උෂ්ණත්වය ඔවුන්ගේ ක්‍රීඩා දස්කම්වලට බලපානු ඇතැයි යන බියෙන්.

මහා බ්‍රිතාන්‍ය, අමෙරිකා එක්සත් ජනපදය, නවසිලන්තය, බ්‍රසීලය, ස්විට්සලන්තය යන ප්‍රධාන රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පළමු දිනයේදී ඔලිම්පික් ගම්මානයට පැමිණීමට නියමිතයි. ඔලිම්පික් ගම්මානය සම්පූර්ණයෙන් පිරුණු පසුව එය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9,000ක් ඇතුළුව පුද්ගලයින් 14,500කට සත්කාරකත්වය දක්වනු ඇති.


සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...