The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පැරිස් ඔලිම්පික්: මාධ්‍ය හැඳුනුම් පත් ඉල්ලීම් රැසක් ප්‍රතික්ෂේප වෙයි

T

The Leader Desk

July 22, 2024 • 4:14 PM

පැරිස් ඔලිම්පික්: මාධ්‍ය හැඳුනුම් පත් ඉල්ලීම් රැසක් ප්‍රතික්ෂේප වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාධ්‍යවේදීන් ඉදිරිපත් කළ අයැදුම් පත් විශාල සංඛ්‍යාවක් ප්‍රංශ ආරක්ෂක සේවාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
  • පැරිස් ඔලිම්පික් උළෙලේ හැඳුනුම් පත් සඳහා ඉදිරිපත් කෙරුනු අයැදුම් පත් 4,000කට වැඩි ප්‍රමාණයක් ප්‍රතික්ෂේප කර තිබෙන්නේ ඔත්තු බැලීම හා සයිබ ප්‍රහාර පිළිබඳව සැලකිලිමත් වෙමින්.
  • ප්‍රංශ බලධාරීන් විසින් මේ දක්වා ඔලිම්පික් හැඳුනුම් පත් ඉල්ලීම් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂා කර තිබෙන අතර පුද්ගලයන් 4,340 දෙනෙකුව ප්‍රතික්ෂේප කර ඇතැයි ප්‍රංශයේ බාරකාර අභ්‍යන්තර කටයුතු ඇමති Gerald Darmanin ප්‍රකාශ කරනවා.
  • මේවායින් සමහරක් ප්‍රතික්ෂේප වී තිබෙන්නේ රැඩිකල් ඉස්ලාමීය සබඳතා තිබීම හෝ විදෙස් ඔත්තුකරුවන් බවට ඇතිව තිබෙන සැකයන් මත.
අකුරු ප්‍රමාණය (Font Size):

මාධ්‍යවේදීන් ඉදිරිපත් කළ අයැදුම් පත් විශාල සංඛ්‍යාවක් ප්‍රංශ ආරක්ෂක සේවාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පැරිස් ඔලිම්පික් උළෙලේ හැඳුනුම් පත් සඳහා ඉදිරිපත් කෙරුනු අයැදුම් පත් 4,000කට වැඩි ප්‍රමාණයක් ප්‍රතික්ෂේප කර තිබෙන්නේ ඔත්තු බැලීම හා සයිබ ප්‍රහාර පිළිබඳව සැලකිලිමත් වෙමින්.

ප්‍රංශ බලධාරීන් විසින් මේ දක්වා ඔලිම්පික් හැඳුනුම් පත් ඉල්ලීම් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂා කර තිබෙන අතර පුද්ගලයන් 4,340 දෙනෙකුව ප්‍රතික්ෂේප කර ඇතැයි ප්‍රංශයේ බාරකාර අභ්‍යන්තර කටයුතු ඇමති Gerald Darmanin ප්‍රකාශ කරනවා. මේවායින් සමහරක් ප්‍රතික්ෂේප වී තිබෙන්නේ රැඩිකල් ඉස්ලාමීය සබඳතා තිබීම හෝ විදෙස් ඔත්තුකරුවන් බවට ඇතිව තිබෙන සැකයන් මත.

ඔත්තු බැලීමේ බිය හෝ වෙනත් වෘත්තියක් භාවිතා කරමින් හැඳුනුම් පත් ලබා ගැනීමට උත්සාහ කරන ඔත්තු සේවා නිලධාරීන් බවට සැලකිලිමත් වීම මත ප්‍රතික්ෂේප කෙරුනු අයදුම් පත් සංඛ්‍යාව සියයකට ආසන්න බව වාර්තා වනවා.

“ඔවුන් පැමිණෙන්නේ බොහෝ විට ප්‍රහාරයන් සිදු කිරීමට නෙවෙයි. නමුත් බුද්ධි සේවය හා සම්ප්‍රදායික ඔත්තු බැලීමට අමතරව, සයිබ ප්‍රහාර දියත් කිරීම පිණිස ඔවුන් පරිගණක ජාලයන්ට ඇතුළු වන්න අවස්ථාව ලබා ගැනීමේ හැකියාව තිබෙනවා” යනුවෙන් Darmanin සඳහන් කරනවා.

මේ පුද්ගලයින් මාධ්‍යවේදීන් හෝ තාක්ෂණික කාර්ය මණ්ඩලයේ අය ලෙස අයැදුම් කර ඇති බවත් ඔවුන්ගේ උපන් රට රුසියාව හා බෙලරුසියාව බවත් පවසන Darmanin ඒ අතර තවත් රටවල් ද තිබෙන බවට කියා සිටියේ ඒවා නම් නොකරමින්.

“උදාහරණයක් ලෙස, ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආවරණය කිරීමට පැමිණෙනවා යැයි කියන ‘මාධ්‍යවේදීන්’ විශාල සංඛ්‍යාවක් අපි ප්‍රතික්ෂේප කළා. අනෙක් පැත්තෙන්, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට සේවය කරන රුසියානුවන්ගේ පැමිණීම අපි පිළිගත්තා. අපි ක්‍රියාත්මක කරන්නේ කලින් පරෙස්සම් වීමේ ප්‍රතිපත්තිය යි” ඔහු පැවසුවා.

රුසියානු මාධ්‍යවේදීන්ට ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා මාධ්‍ය හැඳුනුම් පත් ලබා ගැනීමට අවසර ලබා දී තිබෙන අතර ඔවුන් දැනටමත් ප්‍රංශ අගනුවරට පැමිණ සිටිනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පැරිස් ඔලිම්පික්: මාධ්‍ය හැඳුනුම් පත් ඉල්ලීම් රැසක් ප්‍රතික්ෂේප වෙයි | The Leader