කණ්ඩායම සමත් විය.
ඒ ඊයේ පැවැති තරගයෙන් තායිලන්ත කණ්ඩායම පරාජය කරමින් කඩුලු 10ක ජයක් වාර්තා කරමිනි.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම තරගය ආරම්භ වුණි.
පළමුව පන්දුවට පහරදීමට කාසියේ වාසිය හිමි කරගත් තායිලන්ත කණ්ඩායම තීරණය කළේ ය.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අපරාජිතව අවසන් පූර්ව වටයට පිවිසීමට ඊයේ (24) ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා කණ්ඩායම සමත් විය.
ඔවුන්ගේ පළමු කඩුළු 2 ලකුණු 16ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සමත් වුණි.
කවීෂා දිල්හාරි ලකුණු 13ට කඩුළු 2කි.
තායිලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ නැනපත් කොන්චරූන්කායි නොදැවී ලකුණු 47ක් රැස් කළා ය.
තායිලන්ත කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 93කි.
නායක චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න ලකුණු 94ක ඉලක්කයකින් ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භ කළෝ ය.
නායක චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න ලකුණු 94ක ඉලක්කයකින් ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භ කළෝ ය.
ඔවුන් දෙදෙනා එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යන ලදි.
තායිලන්ත පන්දු යවන්නියන්ට කිසිදු කඩුල්ලක් ලබා නොදෙමින් ඔවුන් දෙදෙනා නියමිත ඉලක්කය පසු කළේ පන්දුවාර 11යි පන්දු 3ක් පමණක් වැය කරමිනි.
චමරි අතපත්තු නොදැවී ලකුණු 49ක් රැස් කළා ය. විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 39කි.
2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග මේ වන විට අවසන් අදියරට පැමිණ ඇත.
ආසියානු කුසලාන කාන්තා තරගාවලියේ අවසන් පුර්ව තරග ජුලි මස 26 වැනිදා සහ අවසන් මහ තරගය ජුලි මස 28 වැනිදාත් පැවැත්වීමට නියමිතව තිබේ.
ලබන සිකුරාදා (ජුලි 26) අවසන් පුර්ව තරගයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදී කණ්ඩායම බවට පකිස්ථානය තේරී පත් වීමට ඉඩ තිබේ.
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සම්පුර්ණයෙන්ම නොමිළේ නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව
එම තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කළහොත් 6 වන වරටත් ආසියානු කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වනු ඇත.
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සම්පුර්ණයෙන්ම නොමිළේ නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමිකර දී ඇත.



