උන් පළමු පංතියේ ගමන් කරන්නේ උන්ටම වෙන්වූ විදෙස් ගමන් බලපත්‍ර, ගුවන් යානය තුළ ආහාර සමග යානය නතර වන කාලය තුළ කෙළිදෙළෙන් පසුවීමේ අවස්ථාව ද ලබා ගනිමින්.
නවසිලන්තය ට eventing හා dressage යන අශ්වාරෝහක ඉසව් දෙකේ තරග වදින අශ්වයන් හතරක් සිටිනවා. අමතර අශ්වයන් කිහිප දෙනෙක් යුරෝපයේ සූදානමින් තබා තිබෙනවා.
නවසිලන්තය ට eventing හා dressage යන අශ්වාරෝහක ඉසව් දෙකේ තරග වදින අශ්වයන් හතරක් සිටිනවා
නවසිලන්ත අශ්වයන් වැඩි දෙනෙක් අශ්ව ට්‍රක් රථවලින් එංගලන්තයේ සිට ගමන් කරද්දී එක් අමතර අශ්වයෙක් අමෙරිකාවේ සිට පැරිසිය දක්වා ම යන්නේ ගුවන් යානයෙන්.
උඩින් ගියත් බිමින් ගියත් මේ චාරිකාව ඉතා දීර්ඝ එකක්. උන් මුල සිට අග දක්වා මේ සංචාරයේ යෙදෙන්නේ බෙහෙත් මගින් නිදිගන්වා නොවන අතර සංචාරක කාලය අතරතුර උන්ට කෑම පිණිස පිදුරු අප්‍රමාණව සපයා දී තිබෙනවා.
අශ්වයන් සංචාරය කරන්නේ තරග පැවැත්වෙන රටේ ම සිට නම්, උන් ගමන් කරනු ඇත්තේ ඉතාමත් සැප පහසු ට්‍රක් රථවලින්.
මේ වාහන අශ්වයන් ගෙන යාම සඳහා ම හොඳින් සැලසුම් කළ ට්‍රක් රථ. ඒවායේ සවිකර තිබෙන පංකා මගින් සීතල වායුව ඇතුළට ගෙන හුමාලය එළියට ගන්නවා. මේ සමහර ට්‍රක් රථවල තිබෙන බොත්තම තද කළ විට අශ්වයන් ගමනේ යෙදී සිටියදීම උන්ට වතුර ලබා දෙනවා. එබැවින් උන් ගමන් කරන්නේ ඉතාම සැප පහසුවෙන්.
සමහර අශ්වයන්ට බොහෝ දුර ගමන් කිරීමේ හැකියාව තිබෙනවා
මාර්ගයෙන් ගමන් කරද්දී ගමන නතර කෙරෙන අවස්ථා කිහිපයක් තිබෙන්නට ඉඩ තිබෙනවා. පැය දොළහක ගමනක් යනු දීර්ඝ සංචාරයක් වන බැවින් එක වරකට ඊට වඩා වැඩි දුරක් යාමට යොමු වන්නේ නැහැ. අශ්වයා ට අනුව ගමන නතර කෙරෙනවා. සමහර අශ්වයන්ට බොහෝ දුර ගමන් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා උන් සමග දීර්ඝ සංචාරයක යෙදෙන්න පුළුවන්. අනෙක් අශ්වයන් සමග යන විට, ගමන මඳකට නතර කර පැය තුනකට පමණ වරක් උන්ව ට්‍රක් රථයෙන් ඉවතට ගත යුතු වනවා. එවිට ටික දුරක් වටේ ඇවිදින උන් පාද දිග හැරගැනීමෙන් පසුව යමක් ආහාරයට ගන්නවා.
අශ්වයන් ජාත්‍යන්තරව ගුවනින් ගමන් කරන විට එම ක්‍රියාවලිය මඳක් සංකීර්ණ වනවා.
අශ්වයන් ජාත්‍යන්තරව ගුවනින් ගමන් කරන විට එම ක්‍රියාවලිය මඳක් සංකීර්ණ වනවා.
පිදුරු මෙට්ටයක තබන උන්ව ඉන්පසු කුටියකට ගාල් කර එය බඩුතොග ප්‍රවාහනය කරන ගුවන් යානයේ පිටුපසට පටවනවා. අශ්වයන් තුනකට මේ එක් කුටියක සිටිය හැකියි.
නවසිලන්ත අශ්වාරෝහක කණ්ඩායමේ එක් අශ්වයෙක් අමෙරිකාවේ දකුණු කැරලයිනා හි සිට ගමන් කරන්නේ මේ අන්දමට.
අශ්වයන් ගමන් කරන්නේ අස්ගොව්වන් හෝ උන්ව හැසිරවීම පිණිස ගුවන් සමාගම විසින් ලබා දෙන පළපුරුදු පුද්ගලයන් සමග.
අශ්වයන් සංචාරය කරන්නේ තරග පැවැත්වෙන රටේ ම සිට නම්, උන් ගමන් කරනු ඇත්තේ ඉතාමත් සැප පහසු ට්‍රක් රථවලින්.
අශ්වයන් ට ම වෙන්වූ පාස්පෝට් තිබෙන අතර ඒවා සාමාන්‍යයෙන් මිනිසුන්ගේ විදෙස් ගමන් බලපත්‍රවල ප්‍රමාණයට වඩා හතර පස් ගුණයකින් විශාලයි. එහි මයික්‍රො චිපයක් තිබෙන අතර එය ස්කෑන් කිරීමෙන් අශ්වයා සහ උගේ සලකුණු නිවැරදිව හඳුනා ගත හැකියි. එහි අශ්වයා ට දුන් එන්නත්වල විස්තර ද අඩංගු වී තිබෙනවා.
අශ්වයන් වෙනුවෙන් ද ‘ඉකොනොමි’, ‘බිස්නස්’ හා ‘ෆස්ට් ක්ලාස්’ යනුවෙන් ගමන් කළ හැකි පංති තිබෙනවා.
අශ්ව කුටියක් ගත් විට, ‘ඉකොනොමි’ පංතිය යනු වෙන් කෙරෙන බිත්ති සමග කුටි තුනක්. ‘ප්‍රමියම් ඉකොනොමි’ පංතියේ කුටි දෙකයි. ‘බිස්නස්’ පංතියේ ගමන් කරන විට මුළු පෙදෙස අයිති වෙනවා.
අශ්වයන් වෙනුවෙන් ද ‘ඉකොනොමි’, ‘බිස්නස්’ හා ‘ෆස්ට් ක්ලාස්’ යනුවෙන් ගමන් කළ හැකි පංති තිබෙනවා.
ගුවන් යානය තුළ ආහාර විකල්පයන් සාමාන්‍යයෙන් මූලික ඒවායි. එම ආහාර ෆයිබවලින් පොහොසත්. ධාන්‍ය බිස්කට් හෝ කුකීස් අශ්වයන්ට ලැබෙන්නේ නැහැ.
අශ්වයන් යනු නිතර නිතර කෙටි කෑම කන සත්වයන් වන බැවින් දිනකට පැය 20ක් පමණ ආහාරයට ගැනීම පිණිස පිදුරු සපයා දී තිබෙනවා.
සෑම අශ්වයෙකුටම එක සමානව සැලකිය යුතු වූවද ඔලිම්පික් අශ්වයන්ට ඊට වඩා වැඩි සැලකිල්ලක් උන්‌ගේ ආහාර වෙනුවෙන් දැක්විය යුතු වනවා. අශ්ව ගාලේ උන් ගත කරන කාලය, ඉස්තාලයේ ඌ ගත කරන කාලය හා උන්ව ගෙන යාමට ගත වන කාලය පිළිබඳව ඉතාමත් විස්තරාත්මකව සටහන් කරගෙන ඒ පිළිබඳව විමසිලිමත් විය යුතු වනවා.
කිලෝග්‍රෑම් 500ක් බර සතෙක් ලෝකයේ එක පැත්තක සිට අනෙක් පැත්තට ගෙන යාම පහසු කාර්යයක් නෙවෙයි.
කිලෝග්‍රෑම් 500ක් බර සතෙක් ලෝකයේ එක පැත්තක සිට අනෙක් පැත්තට ගෙන යාම පහසු කාර්යයක් නෙවෙයි. නවසිලන්තයේ සිට යුරෝපයට යන එන අශ්ව ගුවන් ටිකට් පතක මිල ඩොලර් 100,000ක් පමණ වනු ඇතැයි පැවසෙනවා.
නවසිලන්ත අශ්වාරෝහක කණ්ඩායමේ අශ්වයන් පැරිසිය ට පැමිණෙනු ඇත්තේ උන් තරග කිරීමට ආසන්නව තිබියදී. Eventing තරගාවලිය ජූලි 27 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙන අතර Dressage තරගාවලිය ඇරඹෙනු ඇත්තේ ජූලි 30.
තරගය ඉතාමත් ආසන්නව තිබියදී පමණක් අශ්වයන් ගෙන්වා ගන්නේ එවිට උන්ට දිගු ගුවන් ගමනකින් පසු ඇතිවන විඩාව (ජෙට් ලැග්) නොදැනෙන නිසා.
Eventing තරගාවලිය ජූලි 27 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙන අතර Dressage තරගාවලිය ඇරඹෙනු ඇත්තේ ජූලි 30.
අශ්වයන්ට මේ විඩාව දැනෙන්නේ ප්‍රමාද වී බවට පැවසෙනවා. උන් සුවපහසුව ගුවනේ ගමන් කර තිබෙන්නේ නම් සති තුනක් යන තුරු උන්ට ඒ විඩාව දැනෙන්නේ නැහැ. ගුවන් ගමනේ විඩාව අශ්වයන්ට දැනෙන්නේ සති තුනේ සිට මාස තුනක් දක්වා කාලය අතරතුර.
අශ්වයන්ට ගුවන් ගමනක විඩාව දැනෙන්නේ නම්, උන් ගුවන් ගමනක අනෙකුත් රෝග ලක්ෂණත් අත්විඳිනවාද? උන්ගේත් කන් අගුළු වැටෙනවාද?
ගුවන් ගමන් නිසා කන් අගුළු වැටුනු අශ්වයන් ගැන කිසිම කෙනෙක් දන්නේ නැහැ. කවුරුත් ඒ ගැන උන්ගෙන් අසා නැහැ.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



