The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පලස්තීන ක්‍රීඩකයෝ: 'ඔලිම්පික් උළෙලට පැමිණීම ම අප ලැබූ ජයග්‍රහණයක්'

T

The Leader Desk

July 26, 2024 • 2:48 PM

පලස්තීන ක්‍රීඩකයෝ: 'ඔලිම්පික් උළෙලට පැමිණීම ම අප ලැබූ ජයග්‍රහණයක්'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැවැන්ත ජයග්‍රහණයක් බව පලස්තීනුවන් පවසන්නේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ වීමට සතියකටත් අඩු කාලයක් ඉතිරිව තිබියදී.
  • “පදක්කමක් ලැබුනත් නැතත්, අපි දැනටමත් දිනලා” යනුවෙන් ඔලිම්පික් සමාරම්භක උත්සවයේදී පලස්තීන කණ්ඩායමේ ජාතික ධජය ගෙන යාමට නියමිත පිහිනුම් ක්‍රීඩක Yazan Al Bawwab ප්‍රකාශ කරනවා.
  • ඒ නිසා අපි පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පැමිණ සිටීම ම අපි ලැබූ ජයග්‍රහණයක්.” පසුගිය ඔක්තෝබර් මස 7 වැනිදා දකුණු ඊශ්‍රායලය ට කඩා වැදුනු පලස්තීනයේ හමාස් සංවිධානය පුද්ගලයන් 1,200ක් මරා දමා 250කට වැඩි පිරිසක් ප්‍රාණඇපකරුවන් ලෙස ගාසා තීරයට පැහැර ගෙන ගියා.
  • ඊට ප්‍රතිචාරයක් ලෙස ඊශ්‍රායල හමුදාවන් විසින් හමාස් සංවිධානයේ පාලනය යටතේ තිබෙන ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 39,000ක් පමණ මිය ගොස් තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

දැවැන්ත ජයග්‍රහණයක් බව පලස්තීනුවන් පවසන්නේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ වීමට සතියකටත් අඩු කාලයක් ඉතිරිව තිබියදී.

පලස්තීන ඔලිම්පික් කණ්ඩායම බොක්සිං, ජූඩෝ, ටයිකොන්ඩෝ, ඉලක්කයට වෙඩි තැබීම සහ පිහිනුම් ඉසව්වල තරග කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙකුගෙන් සමන්විත වන අතර පදක්කම් දිනා ගැනීම අතින් ඔවුන්ට තිබෙන්නේ ඉතාමත් අඩු බලාපොරොත්තුවක්.

“පදක්කමක් ලැබුනත් නැතත්, අපි දැනටමත් දිනලා” යනුවෙන් ඔලිම්පික් සමාරම්භක උත්සවයේදී පලස්තීන කණ්ඩායමේ ජාතික ධජය ගෙන යාමට නියමිත පිහිනුම් ක්‍රීඩක Yazan Al Bawwab ප්‍රකාශ කරනවා.

Yazan Al Bawwab
“අපි මෙහෙ ඇවිත් ඉන්නවා කියන සිද්ධිය. අපි මෙහෙ ඉන්නවා දකින්න ජනතාවට අවශ්‍ය නැහැ කියන කාරණාව. අපි ක්‍රීඩා කරනවා දකින්න ඔවුන්ට උවමනා නැහැ කියන කරුණ. අපි ජීවත් වෙනවා දකින්න ඔවුන්ට අවශ්‍ය නැහැ. පලස්තීනුවන් පවතිනවා දකින්න මිනිසුන්ට ඔ්න නැහැ. ඔවුන් පලස්තීන කොඩිය දිහා බලලා ඒක ඕන  නැහැ කියනවා. ඒ නිසා අපි පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පැමිණ සිටීම ම අපි ලැබූ ජයග්‍රහණයක්.”


පසුගිය ඔක්තෝබර් මස 7 වැනිදා දකුණු ඊශ්‍රායලය ට කඩා වැදුනු පලස්තීනයේ හමාස් සංවිධානය පුද්ගලයන් 1,200ක් මරා දමා 250කට වැඩි පිරිසක් ප්‍රාණඇපකරුවන් ලෙස ගාසා තීරයට පැහැර ගෙන ගියා. ඊට ප්‍රතිචාරයක් ලෙස ඊශ්‍රායල හමුදාවන් විසින් හමාස් සංවිධානයේ පාලනය යටතේ තිබෙන ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 39,000ක් පමණ මිය ගොස් තිබෙනවා. ඊශ්‍රායල් භටයන් 326ක් ගාසා හි මිය ගොස් තිබෙන බව ඊශ්‍රායලය කියනවා.

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සූදානම් වීමේදී, පලස්තීන ක්‍රීඩකයන්ට පුහුණුව වීම පිණිස අවස්ථාව සලසා දෙමින් කුවේට්, කටාර්, ලිබියාව හා ඊජිප්තුව ඇතුළු අරාබි රටවල් සහයෝගය දක්වා තිබෙනවා.

2023 වසරේ ඔක්තෝබරයේ යුද්ධය ආරම්භ වූ තැන් පටන් පලස්තීනයේ ක්‍රීඩකයන්, තරග විනිසුරුවන් හා ක්‍රීඩා නිලධාරීන් 300කට වැඩි පිරිසක් ඝාතනය කර තිබෙන අතර ගාසා තීරයේ තිබූ සියළුම ක්‍රීඩා මධ්‍යස්ථාන විනාශ කර ඇතැයි පලස්තීන ක්‍රීඩා නිලධාරීන් සඳහන් කරනවා.

“මම මේක කලිනුත් කියල තියෙනවා. ලෝකෙ ඉන්න වාසනාවන්තම කෙනෙකි මම” යනුවෙන් පිහිනුම් ක්‍රීඩිකා Valerie Tarazi කියනවා.

Valerie Tarazi
“මගේ රට වෙනුවෙන් තරග කිරීමටත් මගේ රට වෙනුවෙන් ජාතික කොඩිය එසවීමටත් මට අවස්ථාව ලැබී තිබෙනවා. මගේ හදවත තියෙන්නේ එයාලත් එක්ක. මම පිහිනුම් තටාකයට පනින හැම වෙලාවෙම මම කල්පනා කරන්නේ පලස්තීනයේ ජනතාව හා ඔවුන්ගේ හටන ගැන. මට උවමනා කරන්නේ මට පුළුවන් හොඳම විදියෙන් ඔවුන්ව නියෝජනය කරන්නයි!”


සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පලස්තීන ක්‍රීඩකයෝ: 'ඔලිම්පික් උළෙලට පැමිණීම ම අප ලැබූ ජයග්‍රහණයක්' | The Leader