සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.
ඒ රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (26 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කරමිනි.
ඒ අනුව ඉරිදා (28 වැනිදා) පස්වරු 3.00 ට පැවැත්වෙන අවසන් මහ තරගයේදී ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව තරග බිමට පිවිසෙනු ඇත. ඉන්දියාව අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ පළමු අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශයට එරෙහිව කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කරමිනි.
ඒ රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (26 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කරමිනි.
ඒ අනුව ඉරිදා (28 වැනිදා) පස්වරු 3.00 ට පැවැත්වෙන අවසන් මහ තරගයේදී ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව තරග බිමට පිවිසෙනු ඇත. ඉන්දියාව අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ පළමු අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශයට එරෙහිව කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කරමිනි.
ජයග්‍රහණය සඳහා ලකුණු 141 ක පහසු ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජයග්‍රහණය සඳහා ලකුණු 141 ක පහසු ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එක් පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 7 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. මැද පෙළ පිතිකාරිණී අනුෂ්කා සංජීවනී පන්දු 22 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 24 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියාය.
නායකත්වයේ පිතිහරඹයක නිරත වූ චමරි අතපත්තු පන්දු 48 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 63 ක් රැස්කළාය.
ලකුණු 19 කට කඩුලු 2 ක් බිඳවැටී තිබියදී කවීෂා දිල්හාරි (17) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කදී ලකුණු 59 ක සම්බන්ධතාවක් ගොඩනැගූ චමරි, ඉන් නොනැවතී අනුෂ්කා සමග එක්ව පස්වැනි කඩුල්ල සඳහා පන්දු 29 කින් ලකුණු 42 ක්ද එක්කරමින් ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමුවාය.
නායකත්වයේ පිතිහරඹයක නිරත වූ චමරි අතපත්තු පන්දු 48 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 63 ක් රැස්කළාය.පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කාන්තා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 140 ක් ලබාගත්තේය. එහිදී ආරම්භක පිතිකාරිණියන් වූ ගුල් ෆෙරෝස් (25) සහ මුනීබා අලී (37) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 55 කදී ලකුණු 61 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.
පන්දු 34 කට මුහුණදුන් මුනීබා හතරේ පහර 5 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 24 කදී වාර්තා වූ ෆෙරෝස්ගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය. නායිකා නීඩා දාර් පන්දු 17 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 23 ක්ද, ෆාතිමා සානා පන්දු 17 කදී හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 23 ක්ද රැස්කරමින් පාකිස්තාන කාන්තා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
පාකිස්තාන කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 4 කට 140පාකිස්තාන කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 4 කට 140
(ගුල් ෆෙරෝසා 25, මුනීබා අලී 37, නිඩා දාර් 23, ආලියා රියාස් නොදැවී 16, ෆාතිමා සානා නොදැවී 23, උදේෂිකා ප්‍රබෝදනී 23/2, කවීෂා දිල්හාරි 30/2)
ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 19.5 කදී කඩුලු 7 කට 141
(චමරි අතපත්තු 63, කවීෂා දිල්හාරි 17, අනුෂ්කා සංජීවනී නොදැවී 24, සාදියා ඉක්බාල්)
(සටහන - ශානුක අරවින්ද)
(ඡායාරූප - ආසියානු ක්‍රිකට් සම්මේලනය අනුග්‍රහයෙනි)



