The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

සෙන් නදී ජල දූෂණයෙන් ඔලිම්පික් තුන්ප්‍රයාම ඉසව්වට බාධා

T

The Leader Desk

July 29, 2024 • 5:12 AM

සෙන් නදී ජල දූෂණයෙන් ඔලිම්පික් තුන්ප්‍රයාම ඉසව්වට බාධා 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහෙත්, තව දුරටත් සෙන් නදී ජල පරිසරය දූෂිතව පවතින්නේනේ නම්, තුන්ප්‍රයාම ඉසව්වේ පිහිනුම් අංශ අවලංගු කර ද්විප්‍රයාම ඉසව්වක් ලෙස පැවැත්වෙනු ඇත. (සටහන : හර්ෂ උදයකාන්ත) (BBC Sport ඇසුරිණි) මූලාශ්‍ර : Triathlon swim training scrapped because of pollution.
අකුරු ප්‍රමාණය (Font Size):


පසුගිය පැය 48 ඇතුලත ප්‍රංශ අගනුවර, පැරිසිය වෙත ඇද හැලුණු වර්ෂාපතනයත් සමග සෙන් නදියේ ජලය, තව දුරටත් පිහිනුම් ක්‍රීඩක සෞඛ්‍යට හිතකර නොවන බවට ඔවුන් විසින් තීරණය කර තිබේ. 

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සෞඛ්‍යය ප්‍රමුඛස්තානහිලා සැලකෙන බව මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක සඳහන්ය. 

 

70198bb0 4ca2 11ef ad51 353a9b8c8a88

ලෝක තුන්ප්‍රයාම ජාත්‍යන්තර ෆෙඩරේෂණය (international federation, World Triathlon) පෙරේදා (27) සිදු කළ මූලික ජල නිදර්ශක පරික්ෂාවේදී සෙන් නදිය, එම තරග ඉසව්ව සඳහා නුසුදුසු බවට තීරණය කළේය. 

එහෙත්, මීළඟ පැය 48 දක්වා ලබා දී ඇති කාලගුණ අනාවැකි පරිදි, සෙන් නදී ජල පරිසරය යථා තත්වයට පත්වන ආකාරයට සාපේක්ෂව ජුලි 30 වනදාට යෙදී ඇති තරග ඉසව්ව, සෙන් නදියේ පැවැත්වීම පිලිබඳ අවසන් තීරණය ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

 



අනපේක්ෂිතව ඇද හැලුණු වර්ෂාවත් සමග, පිරිපහදු නොකළ අපද්‍රව්‍ය සෙන් නදී ජල පෘෂ්ඨයට එක්වීමෙන් මෙම අයහපත් තත්වය උද්ගතව තිබේ. 

තත්වය මුළුමනින්ම පහව නොගියහොත්, තරග ඉසව්ව අගෝස්තු 1 සහ 2 යන දිනවලදී පැවැත්වීමට යෝජිතය. එහෙත්, තව දුරටත් සෙන් නදී ජල පරිසරය දූෂිතව පවතින්නේනේ නම්, තුන්ප්‍රයාම ඉසව්වේ පිහිනුම් අංශ අවලංගු කර ද්විප්‍රයාම ඉසව්වක් ලෙස පැවැත්වෙනු ඇත. 

(සටහන : හර්ෂ උදයකාන්ත)

(BBC Sport ඇසුරිණි)  

මූලාශ්‍ර : 
Triathlon swim training scrapped because of pollution


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...