The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉන්දියා දඟ පන්දු ප්‍රහාරය හමුවේ අසරණ වෙමින් ශ්‍රී ලංකාව දෙවැනි පරාජයත් ලබයි

T

The Leader Desk

July 29, 2024 • 9:40 AM

ඉන්දියා දඟ පන්දු ප්‍රහාරය හමුවේ අසරණ වෙමින් ශ්‍රී ලංකාව දෙවැනි පරාජයත් ලබයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වර්ෂාවෙන් බාධා පැමිණි තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉනිම කඩුලු 9 ට ලකුණු 161කට සීමා වුනා.
  • වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ වූයේ මිනිත්තු 45ක ප්‍රමාදයකින් පසුව.
  • සූර්යකුමාර් යාදව් විවිධත්වයෙන් යුත් පහර එල්ල කරමින් හයේ පහරක් සහ හතරේ පහර 4ක් සමග පන්දු 12කින් ලකුණු 26ක් රැස්කර ගෙන සිටියදී දැවී ගියේ පතිරණගේ පන්දුවට දසුන් ශානක වෙත උඩ පන්දුවක් ලබා දෙමින්.
  • පළමු තරගයේදී ලකුණු 40ක් වාර්තා කළ ආරම්භක පිතිකරු යශාස්වි ජයිස්වාල් ඊයේ දෙවැනි තරගයේද ආක්‍රමණශීලීව පිත්ත හසුරුවමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමග පන්දු 15කින් ලකුණු 30ක් රැස් කළා.
අකුරු ප්‍රමාණය (Font Size):


වර්ෂාවෙන් බාධා පැමිණි තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉනිම කඩුලු 9 ට ලකුණු 161කට සීමා වුනා. වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ වූයේ මිනිත්තු 45ක ප්‍රමාදයකින් පසුව. ඉන්දියා පිළිතුරු ඉනිමේ පන්දු තුනක් යවන විට නැවත වැසි පතිත වූ අතර නැවත තරගය ආරම්භ වූයේ ඩක්වර්ත්/ලුවිස් ක්‍රමවේදයට අනුව ඕවර 8කින් ලකුණු 78ක ඉලක්කයක් සමග. 

1 ae

දෙවැනි ඕවරයේදී මහීෂ් තීක්ෂණ විසින් මුළු ලකුණු 12දී සන්ජු සැම්සන් (0)ගේ කඩුල්ල බිඳිමින් හා මුළු ලකුණු 51දී මතීෂ පතිරණ 5 වැනි ඕවර ය යවමින් සූර්යකුමාර් යාදව් දවාලමින් ශ්‍රී ලංකාව යම් තරමක බලාපොරොත්තු ඇති කර ගත්තා. සූර්යකුමාර් යාදව් විවිධත්වයෙන් යුත් පහර එල්ල කරමින් හයේ පහරක් සහ හතරේ පහර 4ක් සමග පන්දු 12කින් ලකුණු 26ක් රැස්කර ගෙන සිටියදී දැවී ගියේ පතිරණගේ පන්දුවට දසුන් ශානක වෙත උඩ පන්දුවක් ලබා දෙමින්.

1 ad

 

පළමු තරගයේදී ලකුණු 40ක් වාර්තා කළ ආරම්භක පිතිකරු යශාස්වි ජයිස්වාල් ඊයේ දෙවැනි තරගයේද ආක්‍රමණශීලීව පිත්ත හසුරුවමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමග පන්දු 15කින් ලකුණු 30ක් රැස් කළා. හය වැනි වනිඳු හසරංගගේ පන්දුවට ශානක ට උඩ පන්දුවක් ලබා දෙමින් මුළු ලකුණු 65දී ජයිස්වාල් දැවී යන විට ඉන්දියාව ට ජයග්‍රහණය සඳහා තවත් අවශ්‍යව තිබුනේ ලකුණු 13ක් පමණයි.

හාඩික් පාණ්ඩ්‍යා හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමග පන්දු 9කින් නොදැවී ලකුණු 22ක් ලබා ගෙන ඉන්දියාව ජයග්‍රහණය කරා ගෙන ගියේ තරගයේ තවත් පන්දු 9ක් ඉතිරිව තිබියදී. ඕවර 6.3ක් ඇතුළත ඉන්දියාව කඩුලු 3ක් දැවී ලකුණු 81ක් රැස්කර ගෙන තරගය අවසන් කරන විට රිශාබ් පාන්ට් නොදැවී ලකුණු 2ක් ලබා ගෙන සිටියා.

 

1 ac

පළමු තරගයේදී මෙන්ම දෙවැනි තරගයේ ද ශ්‍රී ලංකා ඉනිම කඩා බිඳ වැටුනු අතර තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී ඉන්දියාව 2-0ක විස්සයි20 තරගමාලා ජයග්‍රහණයක් කරා ගෙන ගියේ රවි බිෂ්නොයි හා අක්සාර් පටල් යන දඟ පන්දු යවන්නෝ. මේ දෙදෙනා ඔවුන්ගේ ඕවර 8දී ලකුණු 56ක් පමණක් ලබා දෙමින් කඩුලු 5ක් බිඳ හෙලීමට සමත් වුනා. ආරම්භක වේග පන්දු යවන ආශ්ඩීප් සිං ඊයේ දෙවැනි තරගයේදී ද, පෙරේදා පළමු තරගයට සමාන පන්දු යැවීමක නිරත වෙමින් ඕවර  3ක් ඇතුළත ලකුණු 24කට කඩුලු 2ක් ලබා ගත්තා. මේ තරග දෙකේදී ශ්‍රී ලංකාව අවසාන ඕවර හයේදී ලකුණු 68කට කඩුලු 16ක් අහිමි කර ගෙන තිබෙනවා.

1 ab

 

පළමුව පන්දුවට පහර දීම සඳහා කැඳවනු ලැබූ ශ්‍රී ලංකාව ‘පවර් ප්ලේ’ ක්‍රීඩාවේදී වේගයෙන් ලකුණු රැස් කරමින් එක් කඩුල්ලක් දැවී ලකුණු 54ක් රැස් කළා. පැතුම් නිස්සංක හා කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරු යුගලය ලකුණු 26ක් රැස්කර ගෙන සිටියදී සිවු වැනි ඕවරයේදී මෙන්ඩිස් (10) දැවී ගියේ සිංගේ පන්දුවට බිෂ්නොයි අතට උඩ පන්දුවක් දෙමින්.

නිස්සංක හා කුසල් ජනිත් පෙරේරා ‘පවර් ප්ලේ’ ඕවරවලදී දැඩි අරමුණකින් යුතුව හතරේ පහර එල්ල කළා. සනත් ජයසූරියගේ පිතිකරණය සිහියට නංවමින් ක්‍රීඩා කළ කුසල් ජනිත් අර්ධ ශතකයක් වාර්තා කළේ පන්දු 31කින්.

 

1 aa

නිස්සංක හා කුසල් ජනිත් මුළු ලකුණු ප්‍රමාණය 80 දක්වා ඉහළ නංවමින් සිටියදී නිස්සංක 10 වැනි ඕවර යේදී බිෂ්නොයිගේ පන්දුවට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියා. පන්දු 24කට මුහුණ දුන් නිස්සංක හතරේ පහර 5ක් සමග ලකුණු 32ක් රැස් කළා. කමිඳු මෙන්ඩිස් හතරේ පහර 4ක් එල්ල කරමින් පන්දු 23කින් ලකුණු 26ක් ලබා ගෙන මුළු ලකුණු 130දී (ඕවර ය 16) දැවී ගිය අතර කුසල් ජනිත් ද ඊට පන්දු 5කට පසුව මුළු ලකුණු 139දී දැවී ගියා. පන්දු 34කට මුහුණ දුන් ඔහු ලබා ගත් ලකුණු 53 හතරේ පහර 6ක් සහ හයේ පහර 2කින් වර්ණවත් වී තිබුනා. නායක චරිත් අසලංක ලකුණු 14ක් ලබා ගෙන සිං ට ගොදුරු වූ අතර සෙසු පිතිකරුවන් බිෂ්නොයි හා පටල්ගේ පන්දු හමුවේ දැවී ගියා.

දෙපිල අතර තෙවැනි හා අවසාන T20 තරගය හෙට පැවැත්වෙන්නේ ද පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ.

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...