The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මඟුල් මුද්ද නැතිකර ගත් ඔලිම්පික් ක්‍රීඩකයා බිරිඳගෙන් සමාව අයදියි

T

The Leader Desk

July 31, 2024 • 9:52 AM

මඟුල් මුද්ද නැතිකර ගත් ඔලිම්පික් ක්‍රීඩකයා බිරිඳගෙන් සමාව අයදියි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ටම්බේරි (Gianmarco Tamberi) ඔහුගේ බිරිඳගෙන් සමාව අයැද තිබෙනවා.
  • ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැගත් බෝට්ටුව සෙන් ගංගාවේ යාත්‍රා කරද්දී එහි සිට ඉතාලි ජාතික ධජය වනමින් සිටියදීයි 32 හැවිරිදි මේ ලෝක ශූරයාගේ ඇඟිල්ලෙන් මඟුල් මුද්ද ලිස්සා ගොස් තිබෙන්නේ.
  • තමාගේ බර කිලෝ ගණනකින් අඩු වීම හා මැඩලිය නොහැකි උද්යෝගය නිසා මේ අත්වැරැද්ද සිදුවූ බව ඔහු පවසනවා.
  • එම මුද්ද දැන් සදහටම ‘ආදරයේ නගරයේ’ ගඟ පතුලේ තිබෙනු ඇතැයි ඔහු සඳහන් කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ටම්බේරි (Gianmarco Tamberi) ඔහුගේ බිරිඳගෙන් සමාව අයැද තිබෙනවා.

ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැගත් බෝට්ටුව සෙන් ගංගාවේ යාත්‍රා කරද්දී එහි සිට ඉතාලි ජාතික ධජය වනමින් සිටියදීයි 32 හැවිරිදි මේ ලෝක ශූරයාගේ ඇඟිල්ලෙන් මඟුල් මුද්ද ලිස්සා ගොස් තිබෙන්නේ.

 ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැගත් බෝට්ටුව සෙන් ගංගාවේ යාත්‍රා කරද්දී එහි සිට ඉතාලි ජාතික ධජය වනමින් සිටියදීයි

“මට හරිම කනගාටුයි ආදරියේ, මට හරිම දුකයි” යනුවෙන් ඔහු ‘ඉන්ස්ටග්‍රෑම්’හි සටහනක් තබා තිබෙන්නේ ඔහුගේ බිරිඳ කියාරා බොන්ටෙම්පි ටම්බේරි (Chiara Bontempi Tamberi) ට වෙන් කළ පෝස්ටුවක.

තමාගේ බර කිලෝ ගණනකින් අඩු වීම හා මැඩලිය නොහැකි උද්යෝගය නිසා මේ අත්වැරැද්ද සිදුවූ බව ඔහු පවසනවා.

 istagram
“එය සිද්ධ වෙන්න තිබුනු දෙයක් නම්, මට මේ මුද්ද නැතිවෙන්න තිබුනා නම්, ඒක සිදුවුනු මීට වඩා හොඳ තැනක් ගැන මට හිතා ගන්න බැහැ” යනුවෙන් ඔහු ලියා තිබෙනවා. එම මුද්ද දැන් සදහටම ‘ආදරයේ නගරයේ’ ගඟ පතුලේ තිබෙනු ඇතැයි ඔහු සඳහන් කරනවා.

මේ අවාසනාව ‘කාව්‍යමය’ එකක් බව කියන ජන්මර්කෝ, බිරිඳගේ මඟුල් මුද්දත් සෙන් ගංගාවට විසිකළ යුතු බවට යෝජනා කර තිබෙනවා.

weeding ring

“එවිට ඒ මුදු දෙක හැමදාම එකට ඉඳීවි. එහෙම වුනාම, අපේ ගිවිසුම් අලුත් කර නැවත කසාද බඳින්න අපට තවත් එක් අවස්ථාවක් ලැබේවි” ඔහු කියා සිටිනවා.
සිය සැමියාගේ සමාව අයැදින වදන්වලට යටින් කියාරා මෙසේ ලියා තිබෙනවා. “මේ සිදුවීම රොමැන්ටික් දෙයක් බවට පත් කරන්න පුළුවන් ඔයාට විතරයි.”


Untitled design1722188398 0දෙදෙනා විවාහ වී සිටින්නේ 2022 සැප්තැම්බරයේ සිට.
දෙදෙනා විවාහ වී සිටින්නේ 2022 සැප්තැම්බරයේ සිට.

මුද්ද ඇඟිල්ලෙන් ගැලවී බවුන්ස් වෙමින් බෝට්ටුවෙන් පිටතට වැටී ගංගාවේ නොපෙනී ගොස් තිබෙන්නේ ටම්බේරි තෙවතාවක් ඔලිම්පික් පදක්කම් දිනූ Arianna Errigo ට පසෙකින් සිට ඉතාලියේ කොඩිය වනමින් සිටියදී.

ඔහු මේ සිදුවීම විස්තර කර තිබෙන්නේ “සැමදා නොමැකී තිබෙන ස්වල්ප වේලාවක්” ලෙසින්.

temberi ‘වෙළඳ ලකුණ’ මෝස්තරය වන බාගෙට කැපූ රැවුලක් සමග ජන්මර්කෝ ටම්බේරි

ටම්බේරි මීට කළින් පුවත් සිරස්තල මැවුවේ 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී කටාර් දේශයේ Mutaz Essa Barshim සමග උස පැනීමේ රන් පදක්කම බෙදා ගත් අවස්ථාවේ. එම තරග බිමේදී මේ දෙදෙනා ම දැක්වූ මීටර් 2.37 දක්ෂතාවට වඩා උසක් පැනීමට උත්සාහ නොකිරීමට දෙදෙනා ගිවිස ගත්තා.

සිය ‘වෙළඳ ලකුණ’ මෝස්තරය වන බාගෙට කැපූ රැවුලක් සමග 2011 වසරේ සිට තරගවලට සහභාගි වෙමින් ජන්මර්කෝ ටම්බේරි මීට කළින් ද තමන් වෙත අවධානය යොමු කර ගෙන තිබුනා.

සටහන :


(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...