The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉතිහාසය ආපසු හරවමින් සෙන් ගංගාවේ තුන්ප්‍රයාම තරග පැවැත්වෙයි

T

The Leader Desk

August 1, 2024 • 11:42 AM

ඉතිහාසය ආපසු හරවමින් සෙන් ගංගාවේ තුන්ප්‍රයාම තරග පැවැත්වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පිහිනීම සඳහා සෙන් ජලය ආරක්ෂිත නොවන බවට සැලකීමෙන් දිනකට පසුව එම ගංගාවේ තුන්ප්‍රයාම තරග පැවැත්වුනු ජූලි 31 වැනි දවස ‘ඓතිහාසික දිනයක්’ බව ප්‍රංශ අගනුවර නිලධාරීන් පවසනවා.
  • “තරග පැවැත්වීම පැරිසිය ට හා ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ‌මෙන්ම පරිසර විද්‍යාව හා පරිසරයට ද ඓතිහාසික දිනයක් බව හිටපු ප්‍රංශ ජාත්‍යන්තර රග්බි ක්‍රීඩක සහ ක්‍රීඩාව සහ ඔලිම්පික් උළෙල භාරව සිටින පැරිසියේ වර්තමාන නියෝජ්‍ය පුරපතිවරයකු වන පියා රෑබඩෑන් (Pierre Rabadan) ප්‍රකාශ කළා.
  • සෙන් ගංගාවේ තුන්ප්‍රයාම තරග පවත්වන බව අපි කීවේ අවුරුදු 10කට පෙර.
  • මොකද, අපි සාර්ථක වුනා.” සෙන් නදියේ ජලය නියම තත්ත්වයට නොතිබූ බවට පරීක්ෂණවලින් පෙන්නුම් කිරීමෙන් පසුව, පිරිමි තුන්ප්‍රයාම තරගය අඟහරුවාදා අහෝසි කෙරුනේ අන්තිම මොහොතේ.
අකුරු ප්‍රමාණය (Font Size):


පිහිනීම සඳහා සෙන් ජලය ආරක්ෂිත නොවන බවට සැලකීමෙන් දිනකට පසුව එම ගංගාවේ තුන්ප්‍රයාම තරග පැවැත්වුනු ජූලි 31 වැනි දවස ‘ඓතිහාසික දිනයක්’ බව ප්‍රංශ අගනුවර නිලධාරීන් පවසනවා.

 

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තුන්ප්‍රයාම තරග සෙන් ගංගාවේ පැවැත්වූ දවස ප්‍රංශය ට ඉතිහාසගතවන දිනයක්
පිරිමි හා කාන්තා තරග බදාදා උදේ ආරම්භක කළ හැකි බවට සෙන් ජලයේ පරික්ෂණවලින් පෙන්නුම් කළ අතර එම ප්‍රතිඵලය අවාසියේ සියළු ප්‍රවණතාවන්ට එරෙහිව පැරිස් නගරය මෙන්ම පිරිමි හා කාන්තා ඉසව්වල පදක්කම් දිනා ගත් ප්‍රංශ ක්‍රීඩකයන් ද ලබා ගත් ජයග්‍රහණයක් වුනා.

“තරග පැවැත්වීම පැරිසිය ට හා ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ‌මෙන්ම පරිසර විද්‍යාව හා පරිසරයට ද ඓතිහාසික දිනයක් බව හිටපු ප්‍රංශ ජාත්‍යන්තර රග්බි ක්‍රීඩක සහ ක්‍රීඩාව සහ ඔලිම්පික් උළෙල භාරව සිටින පැරිසියේ වර්තමාන නියෝජ්‍ය පුරපතිවරයකු වන පියා රෑබඩෑන් (Pierre Rabadan) ප්‍රකාශ කළා.

 

Paris / JO Paris 2024Paris IVe, le 18 juillet 2023Portrait de  Pierre Rabadan, adjoint chargé des JO à la mairie de Paris Photo LP / Fred DugitPierre Rabadan

“අපි මීට වසර කිහිපයක සිට විවේචනයන්ට ලක්ව සිටියා. අද උදේ ලබා දුන්නේ ඊට හොඳම ප්‍රතිචාරයයි. සෙන් ගංගාවේ තුන්ප්‍රයාම තරග පවත්වන බව අපි කීවේ අවුරුදු 10කට පෙර. අපි ඒක කළා.”

“එය ලොකු අභියෝගයක් වුනා. නමුත් අපට සැලැස්මක් තිබුනා. අපි ඒ සැලසුම අනුව ම ක්‍රියා කළා. අපි එහෙම කළ එක හොඳයි. මොකද, අපි සාර්ථක වුනා.”

 

සෙන් නදියේ ජලය නියම තත්ත්වයට නොතිබූ බවට පරීක්ෂණවලින් පෙන්නුම් කිරීමෙන් පසුව, පිරිමි තුන්ප්‍රයාම තරගය අඟහරුවාදා අහෝසි කෙරුනේ අන්තිම මොහොතේ. පෙර රාත්‍රියේ වැසි පතිත වීමෙන් පසුවත් තරග නැවත බදාදා පැවැත්වූයේ පිරිමි හා කාන්තා තුන්ප්‍රයාම ඉසව් සඳහා ජලය ‘සෑහෙන සතුටුදායක’ බවට නිර්දේශ වීමෙන් පසුව. ඔලිම්පික් තරග පැවැත්වෙන සෙන් ගංගාවේ ස්ථාන හතරකින් ලබා ගත් ජල සාම්පල පෙන්නුම් කළේ ඒවා බැක්ටීරියා සඳහා වන ජාත්‍යන්තර සීමාවට වඩා බොහෝ පහළින් තිබෙන බව.

 

සෙන් ජලයේ පිහිනීම තහනම් කර තිබූ වසර ශතකයට වඩා වැඩි කාලය තුළ සෙන් ගංගාව පාවිච්චි කෙරුනේ අපද්‍රව්‍ය පද්ධතියේ පිටාර ගැල්මක් ලෙසට
ඉහළ නගින උෂ්ණත්වය සහ හිරු එළිය සෙන් ජලයේ තත්ත්වය එක්වරම වෙනස් වීමට උපකාරයක් වූ බව රෑබඩෑන් කියනවා. “විශේෂයෙන් තරගකරුවන්ගේ සෞඛ්‍යය ඇතුළුව කිසිම කෙනෙකුගේ සෞඛ්‍යයත් එක්ක අපි සෙල්ලම් කරන්නේ නැහැ. මෙය ක්‍රීඩාවක් නෙවෙයි. එය විද්‍යාත්මක ක්‍රියා පද්ධතියක්. අපි එහි නියාමනයන් අනුගමණය කළා. මෙතන කිසිම කුමන්ත්‍රණයක් නැහැ. අපි ගනුදෙනු කරන්නේ සාධක සමගයි.”

සෙන් ජලයේ පිහිනීම තහනම් කර තිබූ වසර ශතකයට වඩා වැඩි කාලය තුළ සෙන් ගංගාව පාවිච්චි කෙරුනේ අපද්‍රව්‍ය පද්ධතියේ පිටාර ගැල්මක් ලෙසට බව නගර පරිපාලනය සඳහා පත්කර සිටින අපද්‍රව්‍ය, ශුද්ධ කිරීම හා සනීපාරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පුරපතිවරයකු වන Antoine Guillou කියනවා.

 

“අපද්‍රව්‍ය වහනය සඳහා වූ කාණුවක් ලෙසින් සෙන් නදිය සැලකුණු වසර සියයකට වැඩි ඉතිහාසය අපි ආපසු හරවා තිබෙනවා. එය අපට දැවැන්ත තෘප්තියක්. අපි ඔට්ටුවක් ඇල්ලුවා. අපි ඒක දිනුවා. සංකේතාත්මක රේඛාවක් අපි පසුකර තිබෙනවා” යනුවෙන් ඔහු සඳහන් කරනවා.


සෙන් ගංගාව ශුද්ධ කිරීමේ දීර්ඝ මෙහෙයුම සඳහා යුරෝ බිලියන 1.4ක මුදලක් වැයවී තිබෙනවා. 

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉතිහාසය ආපසු හරවමින් සෙන් ගංගාවේ තුන්ප්‍රයාම තරග පැවැත්වෙයි | The Leader