The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඔලිම්පික් කාන්තා බොක්සිං වළල්ලේ මහා අවුලක්

T

The Leader Desk

August 2, 2024 • 11:56 AM

ඔලිම්පික් කාන්තා බොක්සිං වළල්ලේ මහා අවුලක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ ප්‍රතිවාදියා සමග සටන් කළ නොහැකි බවට පවසා තරගය ආරම්භ වී තත්පර 46ක් පමණක් ගතවෙද්දී ඉතාලියේ අන්ජෙලා කරීනි (Angela Carini) බොක්සිං වළල්ලෙන් ඉවතට ගොස් හඬා වැටීමෙන් පසුව පැරිස් ඔලිම්පික් බොක්සිං තරග බිමේ මහත් මතභේදයක් හටගෙන තිබෙනවා.
  • පිරිමියෙක් ද?...කාන්තාවක් ද?...කියා නිශ්චය කර ගත නොහැකි වීම හේතුවෙන් පසුගිය වසරේ කාන්තා ලෝක බොක්සිං ශූරතාවලියෙන් නුසුදුස්සෙකු ලෙස ඉවත් කර තිබියදීත් ඔලිම්පික් උළෙලේ තරග කිරීමට අවසර ලැබුනු බොක්සිං තරගකරුවන් දෙදෙනෙකුගෙන් කෙනෙකි කලීෆ්.
  • අනිර්දිෂ්ට ලිංගභේද සුදුසුකම් පරීක්ෂණයකින් අසමත් වීම හේතුවෙන් කලීෆ් 2023 ලෝක බොක්සිං ශූරතාවලියෙන් ඉවත් කෙරුනා.
  • දරුණු පහර කිහිපයකට ලක්වීමෙන් පසුව කරීනි බොක්සිං වළල්ලේ ඇගේ කොණට පැමිණ අත ඔසවා තමා තරගයෙන් ඉවත් වන බව දන්වා සිටියා.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ ප්‍රතිවාදියා සමග සටන් කළ නොහැකි බවට පවසා තරගය ආරම්භ වී තත්පර 46ක් පමණක් ගතවෙද්දී ඉතාලියේ අන්ජෙලා කරීනි (Angela Carini) බොක්සිං වළල්ලෙන් ඉවතට ගොස් හඬා වැටීමෙන් පසුව පැරිස් ඔලිම්පික් බොක්සිං තරග බිමේ මහත් මතභේදයක් හටගෙන තිබෙනවා.

පිරිමියෙක් ද?...කාන්තාවක් ද?...කියා නිශ්චය කර ගත නොහැකි වීම හේතුවෙන් පසුගිය වසරේ කාන්තා ලෝක බොක්සිං ශූරතාවලියෙන් නුසුදුස්සෙකු ලෙස ඉවත් කර තිබියදීත් ඔලිම්පික් උළෙලේ තරග කිරීමට අවසර ලැබුනු බොක්සිං තරගකරුවන් දෙදෙනෙකුගෙන් කෙනෙකි කලීෆ්. අනිර්දිෂ්ට ලිංගභේද සුදුසුකම් පරීක්ෂණයකින් අසමත් වීම හේතුවෙන් කලීෆ් 2023 ලෝක බොක්සිං ශූරතාවලියෙන් ඉවත් කෙරුනා.

 

මහත් ආන්දෝලනයක් හටගත් ඊයේ තරගයේදී කලීෆ්ගේ පළමු පහරින් කරීනිගේ නිකට ආවරණය කර තිබූ පටිය ඉවත් වූ අතර නිකට ට එල්ල වූ දෙවැනි පහරින් ඇගේ කොට කලිසම ලෙයින් තෙත් වුනා. දරුණු පහර කිහිපයකට ලක්වීමෙන් පසුව කරීනි බොක්සිං වළල්ලේ ඇගේ කොණට පැමිණ අත ඔසවා තමා තරගයෙන් ඉවත් වන බව දන්වා සිටියා. දණින් වැටී හඬා වැටුනු ඇය ඇල්ජීරියානුවා ජයග්‍රාහිකාව බවට තීරණය කිරීමෙන් පසුව කලීෆ් ට අතට අත දීම ප්‍රතික්ෂේප කළා. 

66abae6a2800005300de2c6fතමා තරගයෙන් ඉවත් වූයේ පෙර කිසිම දවසක නොදැනුනු තරමේ හයියකින් තමාට පහර වැදුනු නිසා බවත් තමාගේ නාසය බිඳී ඇතැයි බියක් හටගෙන තිබෙන බවත් කරීනි කියා සිටියා. 

“මම ඉන්නේ මහත් කම්පාවකින්” යනුවෙන් ඇය කීවා. “මම බොක්සිං වළල්ලට ගියේ මගේ පියාට ගෞරව කිරීමටයි. මම රණ ශූරියක් කියල මිනිස්සු බොහෝ වතාවක් මට කියල තියෙනවා. නමුත් මම තරගය නැවැත්තුවේ මගේ ශරීරය සෞඛ්‍ය ගැන හිතලයි. මට කවදාවත් එච්චර ශක්තිමත් පහරක් වැදිලා නැහැ.”

ඉතාලියේ නේපල්ස් නුවරින් එන 25 හැවිරිදි කරීනි තවදුරටත් මෙසේ කියා සිටියා: “මම බොක්සිං වළල්ලට ආවේ ගහ ගන්නයි. මම සටන අත්හැරියේ නැහැ. නමුත් එක පහරක් පමණට වඩා රිදුනා. ඒ නිසා දැන් ඇති කියා මම හිතා ගත්තා. මම පිටව යන්නේ මගේ හිස කෙළින් තියාගෙනයි.”

“අවුරුදු ගණනාවක පළපුරුද්දක් තිබිලත්, දෙවැනි පහරෙන් පස්සෙ, මට මගේ නහයේ ඉතාම ලොකු වේදනාවක් දැනුනා. මම දැන් ඇති කියලා හිතා ගත්තේ මට තවදුරටත් මේ තරගය අවශ්‍ය නොවී තිබුනු නිසායි. නහයට වැදුනු පහරෙන් පස්සෙ මට තරගය අවසන් කරන්න බැරි වුනා. ඒ නිසා ඒ තරගය නැවැත්වූ එක වඩා හොඳයි.”

 

g the Womens 66kg c

“මම දැන් ඉන්නේ ඉතාම කලකිරුනු මනසකින්. මොකද, මම සටන්කාරියක් නිසා. ඔවුන් මට ඉගැන්නුවේ රණ ශූරියක් වෙන්නයි. මම සැමවිටම උත්සාහ කළේ ගෞරවාන්විත ලෙස හැසිරෙන්නයි. මම හැමවිටම මගේ රට නියෝජනය කර තිබෙන්නේ පක්ෂපාතීව. මේ පාර මට ඒක කරන්න බැරිවුනේ මට තවදුරටත් සටන් කරන්න බැරිවුනු නිසායි. මගේ ඉදිරියෙන් සිටි පුද්ගලයා කවුරු වුනත්, මට ඒ ගැන උනන්දුවක් තිබුනේ නැහැ. තිබුනු කලබලය කුමක් වුනත්, මට උවමනා කළේ දිනන්න විතරයි. මට ඕන කළේ මගේ ඉදිරියේ සිටින පුද්ගලයාට මුහුණ දී සටන් කරන්නයි.”

වේලාසනින් ම තරගයෙන් ඉවත් වූවා නම් තත්ත්වය මීට වඩා හොඳ වීමට ඉඩ තිබුනා නොවේදැයි නැඟුනු ප්‍රශ්නයකට කරීනාගේ පිළිතුර වූයේ මෙයයි: “මම ලේසියෙන් පසුබසින කෙනෙක් නෙවෙයි. අපි දෙන්නා තරග කරන්නේ නැහැ කියල ඔවුන් දැන්වූවත්, මම කවදාවත් ඒක පිළිගන්නේ නැහැ. මට තියෙන්නේ රණ ශූරියකගේ මානසිකත්වයක්. මේ වතාවේ මට ඒක කරගන්න බැරිවුනා. මට මගේ නහයේ, සාමාන්‍ය තරමට වඩා ලොකු වේදනාවක් දැනුනා. දැන් ඇති කියා මම හිතාගත්තා.''

“මෙය මට පරාජයක් නෙවෙයි. මම හිතන විදියට, කෙනෙක් බොක්සිං වළල්ලට ගියොත් ඒක ම එයා ලැබූ ජයග්‍රහණයක්. මම මෙහෙ ඇවිත් ඉන්නේ තීන්දු දෙන්න නෙවෙයි. මේක සාධාරණ ද? අසාධාරණ ද? කියන්න මට අයිතියක් නැහැ. මම කළේ මට පවරපු කාරිය. මගේ ඔළුව කෙළින් තියා ගෙන ඉවත් වෙන්න මට පුළුවන් වුනා. මම පරිණත කාන්තාවක්. මට තවදුරටත් යමක් කරගෙන යන්න බැහැ කියල දැනුනොත්, ඒක පරාජය බාර ගැනීමක් නෙවෙයි. එය ‘දැන් ඇති’ කියල කියන්න පුළුවන් තරමේ අභිමානයක් තිබීමයි. මම දිනනවා කියල විශ්වාසයක් මට තිබුනා. මම හිටියේ අවධානයෙන් හා සන්සුන්ව. නමුත් නහයට වැදුනු ඒ පහරවල් හරියට රිදුනා. ‘දැන් ඇති’ කියල මම කියා ගත්තා.”

p0jfwfsy
කලීෆ් ට ඔලිම්පික් තරගවලට සහභාගි වීමට ඉඩ නොදිය යුතුව තිබුනේද යන්න තීරණය කිරීම තමාට අයත් දෙයක් නොවන බව කරීනි කියා සිටියේ, “මම මට අයිති දේ කළා” යනුවෙන් පවසමින්.

තරගය ජය ගැනීමෙන් පසුව කලීෆ් මෙසේ ප්‍රකාශ කළා: “මම මෙහෙ ඇවිත් ඉන්නේ රන් පදක්කම දිනන්නයි. මම ඔ්නම කෙනෙක් එක්ක ගහ ගන්නවා. මම ඔවුන් සියළු දෙනාත් එක්ක සටන් කරනවා.”

කාන්තාවන් හා බාලිකාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් සටන් කරන එක්සත් ජාතීන්ගේ විශේෂ පුද්ගලයෙකු වන Reem Alsalem මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ සැලකිලිමත් වීම මෙසේ දක්වා සිටියා.

“අන්ජෙලා කරීනි ඇයට දැනුන හැඟීම අනුගමණය කරමින් හරි විදියට, ඇගේ ශරීරයේ ආරක්ෂාවට මුල් තැන දුන්නා. නමුත් ඇයත් අනෙක් ක්‍රීඩිකාවනුත් ඔවුන්ගේ ලිංගිකතාව මත මේ ශාරීරික හා මානසික ප්‍රචණ්ඩත්වයට නිරාවරණය නොකළ යුතුව තිබුනා.”

ඉතාලියේ අගමැතිනිය වන Giorgia Meloni ද මීට පක්ෂව කතා කරමින්, “ස්වභාවික පිරිමි ජාන ලක්ෂණ තිබෙන තරගකරුවන් කාන්තා තරගාවලියන්ට ඇතුළු නොකළ යුතු බවයි මම හිතන්නේ. මගේ දෘෂ්ටියට අනුව එය දෙදෙනා ම සමාන තත්ත්වයේ සිටි තරගයක් වුනේ නැහැ” යනුවෙන් පැවසුවා.


කලීෆ් සහ තායිවානයේ ලින් යූ-ටියුං (Lin Yu-ting) ට ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තා අංශයේ තරග කිරීමට අවසර ලබා දීම පිළිබඳව මේ තරගයට පෙර සිට ම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) දෝෂාරෝපණයට ලක්ව සිටියා.

මේ සටන්කරුවන් දෙදෙනා පසුගිය වසරේ ලෝක ශූරතාවලියට නුසුදුස්සන් ලෙස සලකමින් ඔවුන් තරගාවලියෙන් ඉවත් කෙරුනේ, “මේ දෙදෙනාට XY ක්‍රෝමසොම තිබෙන බවට DNA පරීක්ෂණවලින් තහවුරු වී තිබෙන බැවින් ඔවුන් තරගාවලියෙන් ඉවත් කළා” යනුවෙන් ජාත්‍යන්තර බොක්සිං සංගමයේ (IBA) සභාපති Umar Kremlev ප්‍රකාශ කරමින්. XY යනු පිරිමින්ගේ ක්‍රෝමසොම සංයෝජනය වන අතර කාන්තාවන්ගේ ශරීරයේ තිබෙන්නේ XX සංයෝජනය යි.

imu67u
එහෙත් IOCය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මේ බොක්සිංකරුවන් දෙදෙනා ම වසර කිහිපයක් තිස්සේ කාන්තා අංශයෙන් ජාත්‍යන්තර බොක්සිං තරගාවලියන්හි ක්‍රීඩා කර තිබෙන බව.

“මීට කළින් තිබුනු ඔලිම්පික් බොක්සිං තරගාවලියන්ට අනුව, ක්‍රීඩකයන්ගේ ස්ත්‍රී - පුරුෂ බව හා වයස සලකනු ලබන්නේ ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර මතයි” එම නිවේදනයේ සඳහන්.

2023 වසරේ පැවති ලෝක ශූරතාවලිය මැද දී IBA ඔවුන්ගේ ලිංගභේදය සඳහා තිබූ නීති වෙනස් කිරීමේ තීරණය පිළීබඳව IOCය විසින් IBA ට චෝදනා කර තිබෙනවා. 

“මේ තරගකරුවන් දෙදෙනාට එරෙහිව වර්තමානයේ ඇතිව තිබෙන අර්බුදයට මුල මේ පදනම් රහිත තීරණය යි. එම තීරණය ගෙන තිබෙන්නේ, විශේෂයෙන් මේ ක්‍රීඩිකාවන් දෙදෙනා වසර ගණනාවක් පුරා ඉහළ ම පෙලේ තරගවලට ක්‍රීඩා කර තිබෙන බව සැලකිල්ලට ගත් විට, හරියාකාර ක්‍රමවේදයකට අනුව නෙවෙයි.”

කෙසේ වෙතත්, මේ පිළිබඳ දැඩි අවධානයක් බොක්සිං හා ඊට වඩා පුළුල් ක්‍රීඩා ප්‍රජාව තුළ ඇතිව තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ බොක්සිං නායිකා Caitlin Parker ඇගේ බිය පළකර තිබෙන්නේ ඇයගේ කණ්ඩායමේ ක්‍රීඩිකාවක් කලීෆ් තරග වදින කිලෝග්‍රෑම් 66 බර පංතියේ ම තරග වැදීමට නියමිතව තිබෙන බැවින්. “මෙවැනි ක්‍රීඩිකාවන්ට වීශේෂයෙන් සටන් ක්‍රීඩාවල තරග කිරීමට ඉඩ ලබා දීම ගැන මම එකඟ වෙන්නේ නැහැ” යනුවෙන් ඔස්ට්‍රේලියානු නායිකාව කියනවා. “එය ඉතාමත් අනතුරුදායක විය හැකියි.”

පසුගිය වසරේ පැවති ලෝක බොක්සිං ශූරතාවලියේ අවසාන තරගයට මොහොතකට පෙර නුසුදුස්සෙකු ලෙස ඉවත් කිරීම ලොකු කුමන්ත්‍රණයක තමා ගොදුරක් වීමක් බවට කලීෆ් පවසා තිබෙනවා.

සමහර විදෙස් මාධ්‍ය ආයතනවල පදනම් විරහිත ප්‍රචාරයන් යොදා ගනිමින් තමන්ගේ විශිෂ්ට ක්‍රීඩිකාව ආචාර සම්පන්න නොවන ආකාරයෙන් ඉලක්ක කර ගැනීම හා ඇයට කෙරෙන දුෂ්ටකම තරයේ හෙළා දකින බව ඇල්ජීරියානු ඔලිම්පික් කමිටුව (COA) ප්‍රකාශ කර තිබෙනවා. “ඇගේ පුද්ගල විශේෂතාවට හා අභිමානවත් බවට කරන මෙවැනි ප්‍රහාර ඉතාමත් අසාධාරණයි. විශේෂයෙන් ඇය දැන් ඇගේ ක්‍රීඩා දිවියේ මුදුනට පිවිසීමට මේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී සූදානම් වෙමින් සිටින බැවින්. අපේ ශූරිය ආරක්ෂා කිරීම පිණිස  අවශ්‍ය සෑම පියවරක් ම අපි ගෙන තිබෙනවා.”

n9l
ඉමාන් කලීෆ් යනු ජාත්‍යන්තර බොක්සිං සංගමයේ 2022 ලෝක ශූරතාවලියේ රිදී පදක්කමක් දිනා ගත් සාර්ථක ආධුනික ක්‍රීඩිකාවක්. ඒ සංගමය ම පසුගිය වසරේ ශූරතාවලියෙන් ඇයව ඉවත් කළේ ඇගේ රන් පදක්කම් තරගයට මොහොතකට පෙර. ඇයගේ ශරීරයේ ටෙස්ටොස්ටරෝන් නමැති ප්‍රධාන පුරුෂ හෝමෝනයේ මට්ටම වැඩි වීම ඇයව ඉවත් කිරීමට හේතුව බව ඔවුන් කියා තිබුනා.

අන්ජෙලා කරීනි තරගය අත්හැර ඔලිම්පික් කාන්තා බොක්සිං වළල්ලෙන් ඉවත්ව යාමෙන් පසුව කලීෆ් සහ ලින් යූ-ටියුං කෙරෙහි මෙතෙක් නොතිබුනු අවධානයක් දැන් යොමුව තිබෙනවා. කිලෝග්‍රෑම් 57 බර පංතියේ ඉහළින් ම ශ්‍රේණිගතව සිටින ලින් 2018 හා 2022 වසරවල පැවති IBA ලෝක ශූරතා ජයග්‍රහණය කළ ද, එම පාලක සංගමය පසුගිය වසරේදී ඇගේ ලෝකඩ පදක්කම අහෝසි කළේ ඇය බයෝරසායනික පරීක්ෂණයකදී අනිර්දිෂ්ට සුදුසුකම් අවශ්‍යතාවන් සපුරා ගැනීමට අසමත් වූ බව පවසමින්.

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඔලිම්පික් කාන්තා බොක්සිං වළල්ලේ මහා අවුලක් | The Leader