සිදුවී තිබෙන බවට වාර්තා වනවා.
ජපානයේ සත්සාමාජික රග්බි ක්‍රීඩකයෙකුගේ කාමරයෙන් ඔහුගේ මඟුල් මුද්ද, මාලය හා මුදල් සොරකම් කර ඇතැයි පැවසෙනවා.
ආජන්ටිනා ඔලිම්පික් පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ බඩු සොරකම් කර තිබෙන බව එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Javier Mascherano දන්වා තිබෙනවා.
මේ සිද්ධීන් පිළිබඳව පොලිසියට වාර්තා කර ඇතැයි ‘2024 පැරිස්’ ප්‍රකාශක Anne Descamps සඳහන් කරනවා.
“අපි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා ඔවුන්ගේ නියෝජිතයන්ට අපේ උපරිම සහයෝගය ලබා දෙනවා. ඔලිම්පික් ගම්මානය ඉතාම ආරක්ෂිත ප්‍රදේශයක්” යනුවෙන් ඇය සහතික වී තිබෙනවා.
“ආරක්ෂක කැමරා 180කට වැඩි ප්‍රමාණයක් එහි සවිකර තිබෙනවා. ගම්මානය ක්‍රීඩකයන්ට ආරක්ෂිත තැනක් බවට පත් කරන්න අපි කැපවී සිටිනවා.”
අක්කර 128.5ක ප්‍රදේශයක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14,000කට නවාතැන් පහසුකම් සපයනු ඇතැයි අපේක්ෂා කෙරෙන ඔලිම්පික් ගම්මානයට ආරක්ෂක නිලධාරීන් කොපමණ සංඛ්‍යාවක් යොදවා තිබෙනවාද යන්න පිළිබඳව සංවිධායකයන් ප්‍රකාශ කර නැහැ.
ගම්මානය අසල පොලිස් ස්ථානයක් ද ඉදිකර තිබුන ද ඇත්ත වශයෙන් ම කිසිම පොලිස් නිලධාරියෙක් ඔලිම්පික් ගම්මානය ඇතුළේ නැහැ.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



