The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

වැන්ඩසේ - අසලංක ඉන්දියාව වනසති

T

The Leader Desk

August 5, 2024 • 5:17 AM

වැන්ඩසේ - අසලංක ඉන්දියාව වනසති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පැවැති දෙවැනි එක්දින තරගයේදී ඉන්දියානුවන් හමුවේ ලකුණු 32 ක පහසු ජයක් අත්කර ගත්හ.
  • ලකුණු 241 ක ඉලක්කයක් කරා ගිය ඉන්දියානුවෝ ඕවර 42.2 කදී ලකුණු 208 කට දැවී ගියහ.
  • එය වසර තුනකට පසුව ඉන්දියානුවන් හමුවේ ලබාගත් එක්දින ජයග්‍රහණයක් වූ අතර තරග 7 කට පසුව ලබාගත් පළමු එක්දින ජයග්‍රහණයද වෙයි.
  • එක්දින තරග 23 කදී සිය හොඳම පන්දු යැවීම වාර්තා කළ ජෙෆ්රි වැන්ඩසේ, ලකුණු 33 කට කඩුලු 6 ක් දවාගනිමින් ඉන්දිය පිතිහරඹයේ කොඳු නාරටිය එහෙම පිටින්ම විනාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

පැවැති දෙවැනි එක්දින තරගයේදී ඉන්දියානුවන් හමුවේ ලකුණු 32 ක පහසු ජයක් අත්කර ගත්හ.

තරගාවලියේ පළමු තරගය ලකුණු සමවීමෙන් අවසන් වූ බැවින්, මෙම තරගාවලියේදී තමන්ව පරාජය කළ නොහැකි ස්ථානයකට ශ්‍රී ලංකා කණ්ඩායම පිවිස සිටී.

ලකුණු 241 ක ඉලක්කයක් කරා ගිය ඉන්දියානුවෝ ඕවර 42.2 කදී ලකුණු 208 කට දැවී ගියහ. එය වසර තුනකට පසුව ඉන්දියානුවන් හමුවේ ලබාගත් එක්දින ජයග්‍රහණයක් වූ අතර තරග 7 කට පසුව ලබාගත් පළමු එක්දින ජයග්‍රහණයද වෙයි.

454353347 905306104967840 5936968315333972409 n

එක්දින තරග 23 කදී සිය හොඳම පන්දු යැවීම වාර්තා කළ ජෙෆ්රි වැන්ඩසේ, ලකුණු 33 කට කඩුලු 6 ක් දවාගනිමින් ඉන්දිය පිතිහරඹයේ කොඳු නාරටිය එහෙම පිටින්ම විනාශ කළේය. එය ඉන්දියාවට එරෙහිව එක්දින තරගයකදී සිව්වැනි හොඳම පන්දු යැවීමයි. ඉන්දියාව හමුවේ කළ හොඳම එක්දින පන්දු යැවීමේ වාර්තාව වසර 2000 දී ලකුණු 30 කට කඩුලු 7 ක් දවාගත් මුත්තයියා මුරලිදරන් සතුව පවතී.


වැන්ඩසේ විරාම ගත් සැණින් ඉන්දියානුවන් ගල ග්‍රහයෙන් ගෙන බිම හෙළු චරිත් අසලංක, ලකුණු 20 කට කඩුලු 3 ක් දවාගත්තේය.

පළමු එක්දින තරගයේදීත් ලකුණු 100 කට කඩුලු 7 ක් අහිමි කරගත් ඉන්දියානුවෝ ඊයේ  තරගයේදී ලකුණු 111 කට කඩුලු 10 ම අහිමි කරගත්හ. එම කඩුලු 10 න්, අර්ශ්දීප් සිංගේ දුවද්දී දැවී යාම හැරුණු විට ඉතිරි කඩුලු 9 ම වැන්ඩසේ සහ අසලංක විසින් බෙදා ගන්නා ලදහ.

 

453867750 905346261630491 7287130769738700745 nපළමු එක්දින තරගයේදීත් ලකුණු 100 කට කඩුලු 7 ක් අහිමි කරගත් ඉන්දියානුවෝ ඊයේ  තරගයේදී ලකුණු 111 කට කඩුලු 10 ම අහිමි කරගත්හ.

රෝහිත් ෂර්මා පන්දුවට පහර දුන්නේ පන්දු යවන්නන්ගේ ආත්ම විශ්වාසය බිංදුවටම ඇද දමමිනි.

කමිඳු මෙන්ඩිස්ගේ පන්දුවක් ‘ඩීප් පොයින්ට්’ කලාපයට ඉහළින්, හතරේ සීමාවෙන් එපිටට යැවූ රෝහිත් පන්දු 29 කින් සම්පූර්ණ කළ අර්ධ ශතකයට හතරේ පහර 5 ක් සහ දැවැන්ත හයේ පහර 3 ක් ඇතුළත් විය. එහෙත් කිසිම අවස්ථවකදී අනවශ්‍ය අවදානමක් ගනිමින්, බොළඳ පහර ගැසීමට යාමෙන් රෝහිත් වැළකී සිටියේය.

රෝහිත් ෂර්මා පිටියේ සිටියදී හතරේ සීමාව ඔහුගේ දෙපා මුලට පැමිණියාක් මෙන් විය. ලකුණු 64 කට දැවීගිය රෝහිත් ෂර්මාගේ ඉනිම හතරේ පහර 5 කින් සහ හයේ පහර 4 කින් සමන්විත වූවද, ඉන්දීය නායකයාගේ දැවී යාමෙන් පසුව ඉනිම කඩා වැටිණ.

 

454048509 905345098297274 7887120128215589805 nපන්දු 6 කින් ලකුණු 11 ක් ලබා සිටි කෝලි හත්වැනි පන්දුව පා ආවරණයේ වද්දාගත්තේය.

රෝහිත්ගේ දැවී යාමෙන් පසුව විරාට් කෝලි පැමිණියේ තරගය ඉක්මනින් ඉවර කිරීමේ අපේක්‍ෂාවෙනි. පන්දු 6 කින් ලකුණු 11 ක් ලබා සිටි කෝලි හත්වැනි පන්දුව පා ආවරණයේ වද්දාගත්තේය. කෝලි දැවී ගිය බව විනිසුරු රවීන්ද්‍ර විමලසිරි තීන්දු කළද එය විතීවි වෙත යොමුකළ පිතිකරුවා තමන්ගේ කඩුල්ල රැකගත්තේය.

නොදැවීම සම්බන්ධයෙන් විනිසුරුවරයා හා වාද කිරීමට චරිත් අසලංකට කරුණු තිබූ නමුත් ඒවායින් ඵලක් නොවීය. කෙසේ වෙතත් එයින් ඕවර දෙකකට පමණ පසුව කෝලිගේ ඉනිම ලකුණු 14 කට අවසන් කිරීමට ජෙෆ්රි වැන්ඩසේට හැකිවිය.

එන්න එන්නම වැඩිවන පීඩනය හමුවේ අක්ෂර් පතෙල් සහ වොෂිංටන් සුන්දර් එක්ව ශ්‍රී ලාංකිකයන්ගේ නලලත රැළි නංවද්දී, අක්ෂර් පතෙල්ගෙන් ලැබුණු උඩපන්දුව විශිෂ්ට ලෙසින් රැකගත් චරිත් අසලංක, එතැන් සිට ලකුණු 23 ක් ඇතුළත තම කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය.

 

453987671 905062594992191 555841676849065018 nකාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීම තෝරාගත් නමුත් පළමු තරගයේදී මෙන්ම ඊයේ තරගයේදීත් ලකුණු 200 ශ්‍රී ලංකා පිතිකරුවන්ට අසීරු ඉලක්කයක් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීම තෝරාගත් නමුත් පළමු තරගයේදී මෙන්ම ඊයේ තරගයේදීත් ලකුණු 200 ශ්‍රී ලංකා පිතිකරුවන්ට අසීරු ඉලක්කයක් විය. 45 වැනි ඕවරය නිමාවන විටත් පුවරුවේ සටහන් වූයේ ලකුණු 196 කි.

දුනිත් වෙල්ලාලගේ (39), කමිඳු මෙන්ඩිස් (40) සහ අකිල ධනංජය (15) තිදෙනා කළ ධෛර්යවත් සටනකින් පසු කඩුලු 9 කට ලකුණු 240 ක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. අවසන් ඕවර 5 න් ලකුණු 44 ක් එකතු කරගත් මෙම පිතිකරුවෝ තිදෙනා ලකුණු 240 ක් කරා කණ්ඩායම කැඳවාගෙන ගියහ.


වමතින් දඟ පන්දු යවන්නකු ලෙසින් සිටියදීම, තමන්ට කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයා වීමේ වගකීම බාරගත හැකිබව වෙල්ලාලගේ ඊයේද කදිමට කියා දුන්නේය.

අක්ෂර් පතෙල්ගේ 9 වැනි ඕවරයෙන් ලකුණු 12 ක් උදුරාගත් කමිඳු මෙන්ඩිස් සහ වෙල්ලාලගේ දෙදෙනා එතැන් සිට ශ්‍රී ලංකා ඉනිමට ජවය එන්නත් කළහ. ඕවර 45 ක් පුරා වෙව්ලමින් සිටියද අවසන් ඕවර 5 දී ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 12-3-9-12 සහ 8 ක් වශයෙනි. මේ අතරවාරයේදී කඩුලු 3 ක් දැවී ගිය නමුත් ශ්‍රී ලංකා පිලට අවශ්‍ය ඉලක්කය කරා පිතිකරුවෝ ආසන්න වී සිටියහ.

වෙල්ලාලගේ, කමිඳු මෙන්ඩිස් සහ අකිල ධනංජය තිදෙනා පෙන්නුම් කර දුන්නේ තට්ටු අල්ලමින් සිටියහොත් එන්න එන්නම හිරවන බවත්, අභීතව පිතිහරඹයට යන්නේ නම් පන්දු යවන්නන්ගේ ඔද තෙද සිඳ ලකුණු ලබාගත හැකි බවත්ය. එහෙත් ඒ සත්‍යය තේරුම් ගන්නා විට ඉන්දු - ලංකා තරගාවලියේ තරග 5 ක් අවසන් වී ඉතිරිය තරගයකට සීමා වී තිබිණ.

ඉනිමේ පළමු පන්දුවේදීම පැතුම් නිස්සංක දැවී ගිය බැවින් ශ්‍රී ලංකා ඉනිමට ලැබුණේ භයංකාර ආරම්භයකි.

විස්සයි-20 තරගාවලියේදී 79, 32 සහ 26 ක් ලෙසින් ලකුණු ලබාගත් පැතුම් නිස්සංක, සිකුරාදා පැවැති පළමු එක්දින තරගයේදීත් ලකුණු 56 ක් ලබාගත්තේය. මෙම තරගාවලියේ නිස්සංක අසාර්ථක වූ පළමු අවස්ථාව මෙයයි.

 

453855911 905346168297167 5002621144804230761 nඅවිශ්ක ප්‍රනාන්දු (40) සහ කුසල් මෙන්ඩිස් (30) දෙදෙනා එක්ව පන්දු 101 කදී ලකුණු 74 ක් එක්කළහ.

කෙසේ වෙතත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු (40) සහ කුසල් මෙන්ඩිස් (30) දෙදෙනා එක්ව පන්දු 101 කදී ලකුණු 74 ක් එක්කළහ. කුසල් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නැංගුරම දමාගෙන සිටි අතර අවිශ්ක ලකුණු සොයා ගියේය. ඉනිම ආරම්භයේදීම කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවා දැවී ගොස් සිටි බැවින් අතිරේක අවදානමක් නොගෙන දෙදෙනා පන්දුවට පහර දුන්හ.

මෙන්ඩිස් ලකුණු 10 ක් ලබා සිටියදී අක්ෂර් පතෙල්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ බව විනිසුරු පෝල් රයිෆල් මහතා තීරණය කළද, එය විතීවි ක්‍රමවේදය වෙත යොමුකළ පිතිකරුවා තම කඩුල්ල රැකගත්තේය. මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දු අතර සම්බන්ධතාව එතැන් සිට තවත් ලකුණු 26 කින් ඉදිරියට ගියේය.

26 වැනි ඕවරය නිමාවේදීත් තිබුණේ ලකුණු 106 කි. කඩුලු 7 ක් අතැතිව තිබූ හෙයින් නිර්භය පියවරක් ගත් සධීර සමරවික්‍රම ආක්‍රමණයට පිළිපන් නමුත් ලකූණු 14 කට ඔහුගේ ඉනිම නිමා විය. ලකුණු 25 ක් ඇතුළත සධීර, ජනිත් ලියනගේ සහ චරිත් අසලංක තිදෙනාම දැවී ගියද වෙල්ලාලගේ සහ කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිම ගොඩගත්හ.


පන්දු 68 කින් ලකුණු 72 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ වෙල්ලාලගේ සහ කමිඳු මෙන්ඩිස් දෙදෙනා අතර සම්බන්ධතාව බිඳී යන විට ශ්‍රී ලංකා පිල 200 සීමාව පැනගෙන සිටියේය. මෙන්ඩිස් සහ අකිල ධනංජය අතර පැවැති ලකුණු 31 ක සම්බන්ධතාව වෙනුවෙන් වැයවූයේ පන්දු 22 කි.


( kelimandala.lk - දමින්ද විජේසූරිය)

advertisment

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වැන්ඩසේ - අසලංක ඉන්දියාව වනසති | The Leader