The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

'මගේ දරුවා ගැහැනු ළමයෙක්' : ඉමාන් කලීෆ්ගේ පියා සාක්ෂි ඉදිරිපත් කරයි

T

The Leader Desk

August 5, 2024 • 4:33 PM

'මගේ දරුවා ගැහැනු ළමයෙක්' : ඉමාන් කලීෆ්ගේ පියා සාක්ෂි ඉදිරිපත් කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සම්බන්ධයෙන් ඇයගේ පියා වන ඕමාර් කලීෆ් (Omar Khelif) දැන් නියම තතු හෙළි කර තිබෙනවා.
  • ඉමාන් කලීෆ් ට එරෙහිව පැවති තරගය අත්හැරීමට තීරණය කළ අන්ජෙලා කරීනි ඉතාලි ක්‍රීඩිකාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඕමාර් කලීෆ් කියා සිටියේ එම තරගයේදී තමාගේ දුව කරීනි ට වඩා ශක්තියෙන් හා දක්ෂතාවෙන් වැඩි තරගකාරියක්ව සිටි බවයි.
  • කාන්තාවක ලෙස ඇල්ජීරියානු බොක්සිං ක්‍රීඩිකාවගේ අනන්‍යතාව තහවුරු කිරීම පිණිස 1999 මැයි 2 දිනැති ලේඛන ද පියා ඉදිරිපත් කර තිබෙනවා.
  • තමාගේ දියණිය පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙන් රන් පදක්කමක් ගෙන එනු දැකීම තමාට අවශ්‍ය බවට ඕමාර් පවසන්නේ ඔහුගේ දුව අස්ථායී කිරීම ඉලක්ක කර ගත් විවේචකයන් හා දූෂමාන ආරංචි හෙළා දකිමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

සම්බන්ධයෙන් ඇයගේ පියා වන ඕමාර් කලීෆ් (Omar Khelif) දැන් නියම තතු හෙළි කර තිබෙනවා.


xdgw4t5345
“මගේ දරුවා ගැහැනු ළමයෙක්. ඇයව හදා වඩා ගත්තේ ගැහැනු ළමයෙක් විදියටයි. ඇය ශක්තිමත් දැරියක්. මම එයාව උස් මහත් කළේ වෙහෙස වෙලා වැඩ කරන හා නිර්භීත කෙනෙක් වෙන්නයි. වැඩ කරන්නත් පුහුණු වෙන්නත් එයාට දැඩි අධිෂ්ඨානයක් තියෙනවා” ඕමාර් කලීෆ් Sky News සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබෙනවා.


ඉමාන් කලීෆ් ට එරෙහිව පැවති තරගය අත්හැරීමට තීරණය කළ අන්ජෙලා කරීනි ඉතාලි ක්‍රීඩිකාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඕමාර් කලීෆ් කියා සිටියේ එම තරගයේදී තමාගේ දුව කරීනි ට වඩා ශක්තියෙන් හා දක්ෂතාවෙන් වැඩි තරගකාරියක්ව සිටි බවයි.

“ඉතාලි ජාතික ප්‍රතිවාදිනියට මගේ දුවව පරද්දන්න බැරිවුනේ මගේ දුව ශක්තිමත්ව සිටි අතර අනෙක් ක්‍රීඩිකාව ලාමකව සිටි නිසයි” ඔහු කියා සිටිනවා.

කාන්තාවක ලෙස ඇල්ජීරියානු බොක්සිං ක්‍රීඩිකාවගේ අනන්‍යතාව තහවුරු කිරීම පිණිස 1999 මැයි 2 දිනැති ලේඛන ද පියා ඉදිරිපත් කර තිබෙනවා.

තමාගේ දියණිය පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙන් රන් පදක්කමක් ගෙන එනු දැකීම තමාට අවශ්‍ය බවට ඕමාර් පවසන්නේ ඔහුගේ දුව අස්ථායී කිරීම ඉලක්ක කර ගත් විවේචකයන් හා දූෂමාන ආරංචි හෙළා දකිමින්.

xdfwrsfg“ඔවුන් සියළු දෙනාම වැරදි බවට බොක්සිං වළල්ලේදී ඔප්පු කරන ලෙසට මම මගේ දුවට කියනවා. රන් පදක්කම දිනා ගනිමින් ඇය ඇල්ජීරියාව ට හා අරාබි රටවලට ගෞරවයක් ගෙන දෙනු ඇතැයි මම ප්‍රාර්ථනා කරනවා” යනුවෙන් ඔහු සඳහන් කළේ තමාගේ දියණිය අනෙකුත් ක්‍රීඩිකාවන්ට ප්‍රබල ආදර්ශයක් බවට හඳුන්වමින්.


“මම ස්ත්‍රියක්...මම ඉදිරියට පවතින්නේත් ස්ත්‍රියක් විදියටයි” අවම වශයෙන් ඔලිම්පික් ලෝකඩ පදක්කමක් ස්ථිර වූ ඇගේ අර්ධ අවසන් පූර්ව තරගයෙන් පසුව කලීෆ් කියා සිටියේ කඳුළු සලමින්.

“මම ගැහැනියක් බව හා ඉදිරියටත් මම ගැහැනියක් කියා මුළු ලෝකෙටම ඇහෙන්න කෑගහලා කියන්න මට ඕන ” කඳුළු අතරින් ඉමාන් කලීෆ් කියා සිටියා.


මේ ඇල්ජීරියානු බොක්සිං ක්‍රීඩිකාව 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කමක් තහවුරු කරගෙන සිටිය ද, බොක්සිං වළල්ල තුළ ඇයගේ රංගනය ස්ත්‍රී - පුරුෂ භාවයේ මතභේදයට තිත තබා නැහැ.

ඉමාන් කලීෆ්ගේ සිරුරේ XY ක්‍රෝමසොම තිබෙන නිසා ඇය ‘ජීව විද්‍යාත්මකව කාන්තාවක්’ බවට හඳුන්වමින් ජාත්‍යන්තර බොක්සිං සංගමය ( IBA) ඇයව පසුගිය වසරේ ලෝක ශූරතාවලියෙන් ඉවත් කළා.

එහෙත් ජගත් ඔලිම්පික් කමිටුව මේ සම්බන්ධයෙන් IBA සමග එකඟ වී නැති අතර ඔවුන් කලීෆ් ට හා XY ක්‍රෝමසොම තිබෙන තායිවානයේ ලින් යූ-ටිං නමැති තවත් බොක්සිං ක්‍රීඩිකාවකට ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභගි වීමේ වරම් ලබා දී තිබෙනවා.

ඇල්ජීරියානු ක්‍රීඩිකාවගේ පියා ඔහුගේ නිහඬතාව බිඳිමින් ලේඛන ඉදිරිපත් කර තිබෙන්නේ මේ විවාදය තවදුරටත් දිග්ගැස්සෙමින් තිබියදී.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

සබැඳි ලිපි :

ආන්දෝලනාත්මක ඇල්ජීරියානු බොක්සිං ක්‍රීඩිකාව ඔලිම්පික් පදක්කමක් සහතික කර ගනී
පිරිමි ජාන සහිත කාන්තාවන් දෙදෙනෙක් නිසා රත්වන පැරිස් ඔලිම්පික් කාන්තා බොක්සිං වළල්ල
ඔබ ජෙන්ඩර් ෆෝබියා තත්වයකින් පෙලෙනවාද? - (චින්තන ධර්මදාස)
ඔලිම්පික් කාන්තා බොක්සිං වළල්ලේ මහා අවුලක්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...