මලල ක්‍රීඩාව පැත්තෙන් ගත්තාම, ඒ පැතුමට වඩා ඉලක්කයක් අද අරුණ දර්ශන ට තියෙනවා. ඒ අද තරඟය තත්පර 44.85 ට අඩුවෙන් අවසන් කිරීම. අවසන් තරඟයට ආවත් නැතත්, ඒ ඉලක්කය ජයගත්තොත් අරුණ දිනුම්!
2017 සුගතදාස ක්‍රීඩාංගනයේ දවසක කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ දී, කැඩිච්ච ස්පයික්ස් දෙකක් දාගෙන ජාතික වාර්තාවක් තිබ්බ අරුණ දර්ශන ගැන මම මුලින්ම ඇහුවේ, දැක්කේ ගුවන් හමුදාවේ වරුණ ගුණවර්ධන නිසයි.
මලල ක්‍රීඩා ජයග්‍රහණ කියන්නේ ජීවිත කාලයක කැපවීම. වරුණ මෙහෙම කිව්වා. ‘‘2017 කැඩ්ච්ච ස්පයික්ස් දෙකකින් අරුණ ජාතික ශුරතාව දිනනවා මම දකිනකොට, ලෝක ශුරයා කිරානි ජේම්ස්. වසර 8 කට පසුව එකම පිටියේ අරුණ දර්ශන කරට කර දුවනවා”

ලබන අවුරුද්දේ අරුණ ලෝක ශුරතා තරඟාවලිය දිනනවා දකින්න, අපි හැමෝමට ආසාවක් තියෙනවා. ඊලඟ ඔලිම්පික් පදක්කම ගන්නවා දකින්න ආසාවක් තියෙනවා. වැගත්ම දේ තත්පර 44.85!
2018 ෆින්ලන්තයේ මීට් එකට යන කොට අරුණට පුහුණු වෙන්න පිට්ටිනියක් තිබුණේ නෑ. නිදහස් චතුරඝ්‍රයේ ඇවිදින්න එන මිතුරෝ අරුණට අවශ්‍ය බොහෝ දේ සිංගප්පුරුවට ගිහින් ගෙනල්ලා දුන්නා. ක්‍රීඩා බලධාරීන් එක්ක, අපි ලොකු ගෝරියක පැටලුනා. තරඟයට පැය ගානක් තියෙලා, ෆින්ලන්තයට ගිහින් අරුණ එදා පැරදුණා.
අරුණ ට මෙච්චර කල් දුවන්න හමුවුනේම, ‘සී මට්ටමේ‘ මීටර් 400 තරඟකරුවන් එක්කම තමයි. පසුගියදා ‘බී ශ්‍රේණියේ‘ බහමාස් මීට් එකේ දුවන්න නොලැබුණා නම් (ඔහුට ලැබුණු බී ශ්‍රේණියේ එකම තරඟය) අරුණට පැරිස් ඔලිම්පික් යන්න බැරි වෙන්න තිබුණා.
අරුණ ට මාවත පෙන්වන්න දැනුම තියෙන විශේෂඥයෝ රැසක් අද ඉන්නවා.
සරළවට අද තරඟය තත්පර 44.85 කට වඩා අඩුවෙන් අවසන් කළොත් අරුණට එතැන් පටන් ‘ඒ ශ්‍රේණියේ‘ තරඟවදින්න නිදහස් සුදුසුකම ලැබෙනවා. ගොන්ෆ්‍රී තරඟ සුදුසුකම තමයි ලෝක මට්ටමේ පදක්කමකට පාර කියන්නේ. 2025 සැප්තෑම්බර් මාසයේ ජපානයේ ටෝකියෝ නුවර ලෝක මලල ක්‍රීඩා ශුරතාවයට පෙර එම අවස්ථාව ක්‍රීඩා දිවියට වැදගත්!
2018 ඉදන් අරුණ දකින, සොයන, බලන ගොඩාක් දෙනා ඉන්නවා. ඒ අය, අවුරුදු 6 ක්, අරුණ ඔලිම්පික් දුවනකල් බලාගෙන හිටියා. අද, ඒ හැමෝටම, රටටම විශේෂ දවසක්.
කොල්ලා අද ‘ඒ ශ්‍රේණියට‘ වැටුනොත් -- අද දිනුවත්, පැරදුනත් අහස තරමටම ආදරෙයි!
(රජිත් කීර්ති තෙන්නකෝන්)
ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු)
rajith_tennakoon@yahoo.com



