ක්ෂේත්‍රයට අමුත්තෙක් නෙවෙයි. විසි වසරක් පුරා ව්‍යප්ත වූ ඩිල්රෝයිගේ පළපුරුද්ද, පුහුණුකිරීම හා ක්‍රීඩාවේ නිරීක්ෂණය ඔහුගේ මේ ප්‍රධාන භූමිකාවට ගෙන එන්නේ විශේෂඥ කෘතහස්ත භාවයක්.
මේ අලුත් කාර්යභාරයේදී, ඩිල්රෝයි විසින් තරග නිලධාරීන්ගේ කටයුතු සංවිධානය අධීක්ෂණය කිරීම, නිලධාරීන්, පුහුණුකරුවන් හා ක්‍රීඩා නිරීක්ෂකයන්ගේ පරිපූර්ණ දත්ත සමුදායක් පවත්වා ගෙන යාම සහ අයවැය නියාමනයන් දැඩි ලෙස පිළිපැදීම සහතික කරනු ඇත. නාමයෝජනා හා පත්කිරීමේ ක්‍රියාවලිය කළමනාකරණය කිරීම, ක්‍රීඩා නිරීක්ෂණවලට සහාය වීම හා කණ්ඩායම් පුහුණුකරුවන් හා කළමනාකාරිත්වය සමග තරග විනිශ්චයේ හා නීති කටයුතුවලදී තීරණාත්මක සම්බන්ධතාව ලෙස ද ඒ මහතා කටයුතු කරනු ඇත.

මීට අමතරව, පිරිමි හා කාන්තා තරග නිලධාරීන් හා පුහුණුකරුවන් දියුණු කිරීමේදී වැදගත් කාර්යයක් ඉටු කිරීමට නියමිත ඩිල්රෝයි, ආසියානු රග්බි ප්‍රතිපත්ති හා වටිනාකම්වල නිරන්තර දියුණුව සහතික කිරීම පිණිස මාර්ග ගත පාඨමාලා හා සාකච්ඡා සංවිධානය කරනු ඇත.
ඩිල්රෝයි ප්‍රනාන්දුගේ රග්බි ගමන සංකේතවත් වී තිබෙන්නේ 1980 ගණන් මැද භාගයේ ශ්‍රී ලංකාවේ ජාතික රග්බි ක්‍රීඩකයෙකු ලෙස ඔහුගේ චමත්කාරජනක දිවියෙන්.

ක්‍රීඩකයෙකු ලෙස පිටියෙන් සමුගැනීමෙන් පසුව ඔහු දේශීය හා ජාත්‍යන්තර මට්ටමෙන් පිටියේ තරග විනිසුරුවෙක්, පුහුණුකරුවෙක් හා තරග කොමසාරිස්වරයෙක් ලෙස කළ සේවය ඉතා විශිෂ්ටයි. ඔහු ආසියානු රග්බි තරගාවලියන්හි පූර්ණ කොටසක් බවට පත්වූයේ තරග විනිසුරුවෙක්, තරග නිලධාරීන්ගේ පුහුණුකරුවෙක් හා ක්‍රීඩා කුසලතා නිරීක්ෂකයෙක් ලෙස කටයුතු කරමින්. ගෝලීය වශයෙන් රග්බි ක්‍රීඩාවට ඔහුගේ දායකත්වය අවධාරණය කරමින් රටවල් 20කට වැඩි ප්‍රමාණයකට ලෝක රග්බි සම්මේලනයේ පිළිගත් පාඨමාලාවන් ඔහු විසින් පිළිගැන්වීම ඩිල්රෝයිගේ ජාත්‍යන්තර පළපුරුද්දට ඇතුළත් වන තවත් විශේෂත්වයක්.
ඩිල්රෝයි ප්‍රනාන්දු ඉසිලූ විවිධ ගෞරවනීය තනතුරු අතර ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමයේ සභාපති, ඉසිපතන විදුහලේ රග්බි සභාපති හා සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. රග්බි සභාපති යන මුල් පුටු ද වනවා. පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා, ආසියානු ක්‍රීඩා හා නොයෙකුත් රග්බි ඒසියාඩ් තරගාවලියන් ඇතුළු ජාත්‍යන්තර තරගාවලියන් ගණනාවකගේ සාර්ථකත්වයට ඔහුගේ නායකත්වය හා සංවිධාන හැකියාවන් උපකාරී වී තිබෙනවා
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com