ඇය එතැනින් පිටව ගියේ රන් පදක්කමට අමතරව ඇගේ ජීවන සහකරුවාගෙන් ලැබුනු දියමන්ති මුද්දක් ද සමග.
මේ අනුව, චීනයේ බැඩ්මින්ටන් සුපිරි ක්‍රීඩිකා Huang Ya Qiong පැරිස් අගනුවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රන් පමණක් නොව දියමන්තියක් ද දිනා ගත්තා.
Huang ඇයගේ බැඩ්මින්ටන් මිශ්‍ර යුගල සහකරු Zheng Siwei සමග 2024 ඔලිම්පික් පළමු බැඩ්මින්ටන් රන් පදක්කම දිනා ගැනීමෙන් පසුව ඇගේ පෙම්වතා වන Liu Yu Chen ඇය ඉදිරියේ දණක් වැටුනා.
පදක්කම් ප්‍රදානෝත්සවයෙන් පසුව Huang එනතුරු Liu නොඉවසිල්ලෙන් බලා සිටියේ මල් කළඹක් ද අතැතිව. ඈත තියා තමාට අත වනන ඔහු දුටු ඇය සිතුවේ ඔහු එසේ මග රැක සිටින්නේ තමා දිනූ රන් පදක්කම පිළිබඳව තමාට සුභ පතන්නට බවට. එහෙත් ඇය පුදුමයට පත් කරවමින් ඇය ඉදිරියේ දණක් වැටුනු ඔහු මුද්දක් එළියට ගෙන තමා සමග විවාහ වන ලෙසට ඇයට යෝජනා කළා.
“මේ යෝජනාව මට ඉතාම පුදුමයක් වන්නේ මම හිටියේ තරගයට සූදානම් වෙමින් නිසා”
සිද්ධියෙන් අන්දමන්ද වූ Huang ඇගේ ජීවන සහකරුවාගේ විවාහ යෝජනාවට “ඔව්” කීවා. Liu ද මේ ඔලිම්පික් උළෙලේදී චීනය නියෝජනය කරන බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක්. ඒ, පිරිමි යුගල ඉසව්වේ.
“මේ යෝජනාව මට ඉතාම පුදුමයක් වන්නේ මම හිටියේ තරගයට සූදානම් වෙමින් නිසා” යනුවෙන් ඇය තරගයෙන් පසුව භාෂා පරිවර්තකයෙකුගේ මාර්ගයෙන් වාර්තාකරුවන්ට කියා සිටියා.
“දියමන්ති මුද්දෙන් මම පුදුමයට පත්වුනා. අපි මේක සමරන්නේ කොහොමද කියල මම තාම හිතලා නැහැ.”
“අද මම ඔලිම්පික් ශූරියක්. ඊට අමතරව මම විවාහය ද ගිවිස ගත්තා. එය මා බලාපොරොත්තු නොවූ දෙයක්.”
“දියමන්ති මුද්දෙන් මම පුදුමයට පත්වුනා. අපි මේක සමරන්නේ කොහොමද කියල මම තාම හිතලා නැහැ.”
Huang සමග විවාහ ගිවිස ගත් Liu Yu Chen ට ද ප්‍රදර්ශනය කළ හැකි ඔලිම්පික් පදක්කමක් තිබෙනවා. ටෝකියෝ නුවර පැවති පසුගිය ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ඔහු බැඩ්මින්ටන් පිරිමි යුගල ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගත්තා.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



