The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

රන් පදක්කමට ඉතා ළඟයි...ඒත් ග්‍රෑම්ස් සීයකින් දුරයි

T

The Leader Desk

August 8, 2024 • 11:52 AM

රන් පදක්කමට ඉතා ළඟයි...ඒත් ග්‍රෑම්ස් සීයකින් දුරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහෙත් ප්‍රථම වතාවට විනේශ් ෆෝගාට් (Vinesh Phogat) මෙවර පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී එය වෙනස් කළා.
  • නමුත් එදා මෙදා තුර ඉන්දියානුවෙක් සටන් කිරීමට නියමිතව තිබූ ලොකුම තරගය පැවති දිනයේදී විනේෂ්ගේ බර තරගයේ නිර්දේශිත කිලෝග්‍රෑම් 50 බරට වඩා ග්‍රෑම්ස් 100ක් වැඩි වී තිබීම හේතුවෙන් ඇයව තරගයෙන් ඉවත් කළා.
  • කුරිරු දෛවය ඇයට සරදම් කළේ තරාදියේ බර 50.1kg ලෙස සටහන් කරමින්.
  • මෙතෙක් ඉන්දියානුවෙක් පැමිණි විශිෂ්ටතම සටනක් අභියසදී ඔලිම්පික් පදක්කමකට ග්‍රෑම්ස් 100ක් පමණක් ඈතින් සිට ජීවිත කාලය පුරාවට තිබූ සිහිනයක් බොඳ කරගත් මේ ක්‍රීඩිකාවට කුමක් සිතෙන්නට ඇද්ද?
අකුරු ප්‍රමාණය (Font Size):
එහෙත් ප්‍රථම වතාවට විනේශ් ෆෝගාට් (Vinesh Phogat) මෙවර පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී එය වෙනස් කළා.
 
නමුත් එදා මෙදා තුර ඉන්දියානුවෙක් සටන් කිරීමට නියමිතව තිබූ ලොකුම තරගය පැවති දිනයේදී විනේෂ්ගේ බර තරගයේ නිර්දේශිත කිලෝග්‍රෑම් 50 බරට වඩා ග්‍රෑම්ස් 100ක් වැඩි වී තිබීම හේතුවෙන් ඇයව තරගයෙන් ඉවත් කළා. මේ අනුව, ඔලිම්පික් රන් පදක්කමක් දිනා ගැනීමට තිබූ වටිනා අවස්ථාව මධ්‍යම ප්‍රමාණයේ කෙසෙල් ගෙඩියක බරක් නිසා විනේෂ් ෆෝගාට් ට අහිමිව ගියේ මුළු ඉන්දියානු ඔලිම්පික් කඳවුර ම මහත් විස්මයටත් කම්පාවටත් පත් කරමින්.
88340කුරිරු දෛවය ඇයට සරදම් කළේ තරාදියේ බර 50.1kg ලෙස සටහන් කරමින්.  
කුරිරු දෛවය ඇයට සරදම් කළේ තරාදියේ බර 50.1kg ලෙස සටහන් කරමින්. තරගයට සහභාගි වන ක්‍රීඩිකා ලැයිස්තුවේ ඇගේ නමට ඉදිරියෙන් දිස්වූයේ DQ (නුසුදුසුයි) යනුවෙන්.

මෙතෙක් ඉන්දියානුවෙක් පැමිණි විශිෂ්ටතම සටනක් අභියසදී ඔලිම්පික් පදක්කමකට ග්‍රෑම්ස් 100ක් පමණක් ඈතින් සිට ජීවිත කාලය පුරාවට තිබූ සිහිනයක් බොඳ කරගත් මේ ක්‍රීඩිකාවට කුමක් සිතෙන්නට ඇද්ද? ඇයට දැනෙන හැඟීම වෙනත් කිසිම කෙනෙකුට දැනෙන්නේ නැහැ. ඒ වේදනාව වෙනත් කිසිවෙකුට දරා ගෙන ඉන්න බැහැ. ඒ වේදනාව විඳ දරාගත යුත්තේ ඇය විසින් ම තනිවමයි.

රත්තරං වෙනුවෙන් සටන් කිරීම සඳහා නියමිත බර ප්‍රමාණයට පිවිසීම පිණිස කොණ්ඩය පවා කපා ඉවත් කර ගෙන සිටි විනේශ් ෆෝගාට් රන් පදක්කම සඳහා තරගය ආරම්භ වීමට පැය ගණනාවකට පෙර සිදුකළ බර කිරීමේදී කිලෝග්‍රෑම් 50 සීමාව ග්‍රෑම් 100කින් ඉක්මවා ගොස් තිබීම‌ හේතුවෙන් තරගයෙන් ඉවත් කිරීම නිසා මුළු ඉන්දියානු කඳවුර ම කම්පනයෙන් ඇළලී ගියා.
 
 9o 9අවසාන තරගයේ ෆෝගාට් තරග කිරීමට නියමිත සිටියේ අමෙරිකාවේ Sarah Ann Hildebrandt සමග.
 
අවසාන තරගයේ ෆෝගාට් තරග කිරීමට නියමිත සිටියේ අමෙරිකාවේ Sarah Ann Hildebrandt සමග. ඉන්දියානු ක්‍රීඩිකාව ඇගේ තරග තුනකට පෙර අඟහරුවාදා නිර්දේශිත බර ප්‍රමාණයේ සිටියද තරග නීතිවලට අනුව ඊයේ උදේ නැවත වතාවක් බර කිරීමකට ලක්විය යුතුව තිබුනා. තමාගේ බර අඩුකර ගැනීමේ උත්සාහයක් ලෙස ෆෝගාට් රැය පහන් වනතුරු දුවමින් හා උඩ පනිමින් (ස්කිපිං) සිට ඇතත් අවසානයේ ඇය ග්‍රෑම්ස් සියයකින් අසමත් වුනා.
ol9o‘ඉන්දියාවේ සිංහ ධේනුව’
 
මල්ලවපොර තරගකරුවන් සාමාන්‍යයෙන් තරග වදින්නේ ඔවුන්ගේ ස්වභාවික බර ට වඩා අඩු බර පංතියක. බර අඩුකර ගැනීමේ ක්‍රියාවලියේදී ඔවුන්ගේ ආහාර හා වතුර බීම සීමා කෙරෙන අතර උදේ බර කිරීම සිදුවන තෙක් ව්‍යායාමවල යෙදෙමින් හා උණුසුම් කාමරවල සිටිමින් දහඩිය පිට කරයි. මේ දැඩි ක්‍රමවේදයන් සියල්ල ෆෝගාට් වෙනුවෙන් භාවිතා කර තිබෙන්නේ ඇයගේ හිසකෙස් ද කපා ඉවත් කරමින්. එහෙත් අවසානයේ එයින් කිසිම ඵලක් සිදුවූයේ නැහැ. 

‘ඉන්දියාවේ සිංහ ධේනුව’ යන අන්වර්ත නාමයෙන් හැඳින්වෙන මේ මල්ලවපොර ක්‍රීඩිකාවගේ ඉතාමත් අසාමාන්‍ය සිදුවීම නිසා තමාගේ බලාපොරොත්තු නැතිවීම පිළිබඳව ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි සමාජ මාධ්‍යයේ සටහනක් තබා තිබෙනවා. 
 
58 Vinesh Phogat‘ශූරයන් අතර ශූරියක්’ හා ‘ඉන්දියාවේ ආඩම්බරය’
 
‘ශූරයන් අතර ශූරියක්’ හා ‘ඉන්දියාවේ ආඩම්බරය’ ලෙසින් ෆෝගාට් හඳුන්වමින් මෝදි සමාජ මාධ්‍ය පණිවිඩයකින් ඇයට මෙසේ කියා තිබෙනවා. “අද ඔබට සිදුවූ පසුබෑම වේදනාකාරීයි. මට දැනෙන අපේක්ෂා සුන්වීමේ හැඟීම වචනවලින් කීමට හැකිවේවි කියා මම ප්‍රාර්ථනා කරනවා. ඔබ පහසුවෙන් ප්‍රකෘති තත්ත්වයට පත්වීමේ ප්‍රතිමූර්තියක් බව මම දන්නවා. නොබියව අභිගෝග බාර ගැනීම  සැමවිටම ඔබෙන් දක්නට තිබෙන ලක්ෂණයක්. ශක්තිමත්ව ආපසු එන්න! අපි සියළු දෙනාම ඔබ වෙනුවෙන් ඉන්නවා.”
කෙසේ වෙතත්, ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නුසුදුස්සෙකු වීමෙන් පසුව විනේෂ් ෆෝගාට් මල්ලවපොර තරග බිමෙන් ඇගේ සමුගැනීම නිවේදනය කර තිබෙන්නේ තවදුරටත් ක්‍රීඩාවේ සිටීමට තමාට ශක්තිය නැති බව පවසමින්. විසිනව හැවිරිදි මේ ක්‍රීඩිකාව ඇගේ සමුගැනීමේ තීරණය සමාජ මාධ්‍ය හරහා දන්වා සිටියේ ඇගේ මව වන ප්‍රේම්ලතා විනේශ් (Premlata Vinesh) මෙසේ අමතමින්.
 
2vt5අම්මේ, මල්ලවපොර ක්‍රීඩාව දිනුවා, මම පැරදුනා. කරුණාකර මට සමාවෙන්න.
“අම්මේ, මල්ලවපොර ක්‍රීඩාව දිනුවා, මම පැරදුනා. කරුණාකර මට සමාවෙන්න. ඔබේ සිහින හා මගේ ධෛර්යය ඇතුළු සියළු දේ කඩා වැටී තිබෙනවා. මට දැන් තවත් ශක්තියක් ඉතිරි වෙලා නැහැ. ඔබ සියළු දෙනාටම මම ණයගැතියි. මට සමාවෙන්න.”

ඔලිම්පික් අවසාන තරගයෙන් තමා ඉවත් කිරීමට එරෙහිව ක්‍රීඩා බේරුම්කාර උසාවියට ඇපෑලක් ඉදිරිපත් කරමින් සම රිදී පදක්කමක් තමාට පිරිනමන ලෙස ෆෝගාට් ඉල්ලා තිබෙනවා.
 
අවසන් පූර්ව තරගයේදී ෆෝගාට් ට පරාජය වූ කියුබානු මල්ලවපොර ක්‍රීඩිකා Yusneylis Guzman Lopez අවසාන තරගයේදී ෆෝගාට් නියෝජනය කරමින් අමෙරිකාවේ Hildebrandt සමග තරග කළා. අමෙරිකානු ක්‍රීඩිකාව තරගය ජය ගනිමින් රන් පදක්කම දිනා ගත් අතර ෆෝගාට් දැන් බලා සිටින්නේ ක්‍රීඩා බේරුම්කාර උසාවිය මගින් තමාව Lopez සමග සම රිදී පදක්කම්ලාභිනියක් කරනු ඇතැයි යන අපේක්ෂාවෙන්.
34v“2001 සිට 2024 දක්වා වූ මගේ මල්ලවපොර ක්‍රීඩාවට ආයුබෝවන්!”
 
තරගයෙන් ඉවත් කිරීමෙන් පසුව ෆෝගාට් දිනයේ වැඩි වේලාවක් ගත කළේ ඔලිම්පික් ගම්මානයේ තිබෙන බහු සේවා සපයන සායනයේ. ඒ, නියමිත බර ප්‍රමාණයට පැමිණීම පිණිස කුසගින්නේ සිටීම, බීම පානයෙන් වැළකී සිටීම හා එළිවනතුරු නිදි නැතිව දහඩිය පිටකිරීම ඇතුළුව ඇය විසින් ගනු ලැබූ ප්‍රබල ක්‍රියාමාර්ග නිසා හටගත් විජලනය හේතුවෙන්. 

ලෝක මල්ලවපොර ශූරතාවලියේ දෙවතාවක් ලෝකඩ පදක්කම් දිනා ගත් විනේශ් ෆෝගාට් ඇගේ සමාජ මාධ්‍ය පණිවුඩයේ වැඩිදුරටත් මෙසේ සඳහන් කර තිබෙනවා.

“2001 සිට 2024 දක්වා වූ මගේ මල්ලවපොර ක්‍රීඩාවට ආයුබෝවන්!”

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රන් පදක්කමට ඉතා ළඟයි...ඒත් ග්‍රෑම්ස් සීයකින් දුරයි | The Leader