The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

'අනෙක් කාන්තාවන් වගේම මමත් ගැහැනියක්' : රන් දිනාගත් කලීෆ් වෛර කරන්නන්ට කියයි

T

The Leader Desk

August 10, 2024 • 4:51 PM

'අනෙක් කාන්තාවන් වගේම මමත් ගැහැනියක්' : රන් දිනාගත් කලීෆ් වෛර කරන්නන්ට කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පැරිස් ඔලිම්පික් කාන්තා වෙල්ටවේට් බොක්සිං රන් පදක්කම දිනා ගැනීමට ඊයේ රාත්‍රියේ සමත් වුනා.
  • කලීෆ්ගේ ඉතාලියානු ප්‍රතිවාදිනී අන්ජෙලා කරීනි (Angela Carini) තත්පර 46කින් පසුව ඔවුන්ගේ තරගයෙන් ඉවත්ව තමාට මීට පෙර කිසිවිටෙක මෙතරම් තදින් පහර වැදී නැති බව ප්‍රකාශ කළ අවස්ථාවේ පටන් ඉමාන් කලීෆ් ගෝලීය සංස්කෘතික යුද්ධයකට මැදිව සිටිනවා.
  • රන් පදක්කම දිනා ගත් ඇය මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ වඩාත්ම මතභේදාත්මක රන් පදක්කම්ලාභිනිය බවට පත්වන්නේ එබැවින්.
  • ඉමාන් කලීෆ් ඔලිම්පික් ශූරියක ලෙස කිරුළු පැළඳුවේ චීනයේ ලෝක බොක්සිං ශූරිය වන ලියු යං (Yang Liu) විනිසුරුවන්ගේ ඒකමතික තීරණයක් අනුව පරාජය කරමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

2024 පැරිස් ඔලිම්පික් කාන්තා වෙල්ටවේට් බොක්සිං රන් පදක්කම දිනා ගැනීමට ඊයේ රාත්‍රියේ සමත් වුනා.

xdfg45gf
කලීෆ්ගේ ඉතාලියානු ප්‍රතිවාදිනී අන්ජෙලා කරීනි (Angela Carini) තත්පර 46කින් පසුව ඔවුන්ගේ තරගයෙන් ඉවත්ව තමාට මීට පෙර කිසිවිටෙක මෙතරම් තදින් පහර වැදී නැති බව ප්‍රකාශ කළ අවස්ථාවේ පටන් ඉමාන් කලීෆ් ගෝලීය සංස්කෘතික යුද්ධයකට මැදිව සිටිනවා. රන් පදක්කම දිනා ගත් ඇය මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ වඩාත්ම මතභේදාත්මක රන් පදක්කම්ලාභිනිය බවට පත්වන්නේ එබැවින්.

ඉමාන් කලීෆ් ඔලිම්පික් ශූරියක ලෙස කිරුළු පැළඳුවේ චීනයේ ලෝක බොක්සිං ශූරිය වන ලියු යං (Yang Liu) විනිසුරුවන්ගේ ඒකමතික තීරණයක් අනුව පරාජය කරමින්.

අවසාන තරගයේදී 25 හැවිරිදි කලීෆ් ඇගේ චීන ප්‍රතිවාදිනිය සම්පූර්ණයෙන් පරාජය කළේ වට පහකින් සමන්විත සටනේ සෑම වටයක්ම සෑම විනිසුරුවරයෙකුගේ ම තීරණවලට අනුව ජය ගනිමින්. කලීෆ් අවසාන මහා තරගයට පිවිසියේ හංගේරියාවේ ඇනා ලූකා හේමරායි (Anna Luca Hamori) අර්ධ අවසන් පූර්ව තරගයේදී ද, තායිලන්තයේ Janjaem Suwannapheng අවසන් පූර්ව තරගයේදී ද අපහසුවකින් තොරව පරාජය කරමින්. ඒ තරග දෙක ඇය ජයග්‍රහණය කළේ ද විනිසුරුවන්ගේ ඒකමතික තීරණයෙන්.

ක්‍රීඩිකාවක ලෙස ඇගේ සුදුසුකම සම්බන්ධයෙන් එල්ල වූ ප්‍රහාර නිසා තමාගේ ඔලිම්පික් රන් ජයග්‍රහණයට විශේෂ රසයක් එක්වූ බව මීට වසරකට පෙර ජාත්‍යන්තර බොක්සිං සංගමය (IBA) විසින් ලෝක ශූරතාවලියෙන් ඉවත් කරනු ලැබූ කලීෆ් කියා සිටියා. ඔවුන් ඊට හේතු වශයෙන් දක්වා සිටියේ කලීෆ්ගේ ශරීරයේ පිරිමි ජාන තිබෙන නිසා ඇය කාන්තාවක ලෙස සැලකිය නොහැකි බව. එහෙත් මූල්‍ය හා පාලන කටයුතු විනිවිද භාවයකින් පවත්වා ගෙන යාමට නොහැකි වීමේ චෝදනාව මත IBA ට තිබෙන ජගත් ඔලිම්පික් කමිටුවේ (IOC) පිළිගැනීම ඔවුන් විසින් අහෝසි කිරීමෙන් පසුව කලීෆ් ට ඔලිම්පික් වරම් ලබා දීමට IOCය තීරණය කළා.

xt345f

“මේ තරගාවලියට සහභාගි වෙන්න මට හොඳටම සුදුසුකම් තියෙනවා” යනුවෙන් කලීෆ් ප්‍රකාශ කළා. “වෙනත් ඔ්නෑම කාන්තාවක් වගේ මමත් කාන්තාවක්.”

“මම උපන්නේ ගැහැනියක් විදියට. මම ජීවත් වුනේ කාන්තාවක් විදියට. මම තරග කළේ කාන්තාවක් විදියට. ඒ ගැන කිසිම සැකයක් නැහැ.”

ජාත්‍යන්තර බොක්සිං සංගමය තමාට අකමැති බවත් ඒ ඇයි ද කියා තමා නොදන්නා බවත් කලීෆ් කීවා.


කලීෆ් අවසන් සටනේදී ඇගේ ආධිපත්‍යය පවත්වා ගෙන ගියේ ඇල්ජීරියානු ආධාරකරුවන් ඔවුන්ගේ කොළ, සුදු හා රතු කොඩි වනමින් මහා හඬින් ඇයට සහයෝගය දක්වමින් සිටියදී.

තරගයේ ප්‍රතිඵලය ස්ථිර වූ විට, ලියු යං ද ඉදිරියට පැමිණ කලීෆ්ගේ අත ගුවනට එසවූයේ කරීනි ට එරෙහි ඇල්ජීරියානුවාගේ පළමු තරගයෙන් පසුව දක්නට ලැබුනු සිදුවීම්වලට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ දසුනක් ගෙන එමින්. ඉක්බිති අලුත් ශූරියව ඇගේ පුහුණුකරු විසින් කර මත තබා ගෙන බොක්සිං ක්‍රීඩාගාරය වටා ගෙන ගියා.

dt4534d
පසුගිය වසරේ ලෝක ශූරතාවලියේදී කලීෆ් මෙන්ම තරග තහනමට ලක්වූ අනෙක් ක්‍රීඩිකාව වන තායිවානයේ ලින් යූ-ටිං (Lin Yu-ting) ද ඇයගේ ෆෙදවේට් බොක්සිං අංශයෙන් අවසාන තරගයට සුදුසුකම් ලබා සිටින අතර පෝලන්තයේ Julia Szeremeta සමග ඇගේ අවසන් සටන පැවැත්වෙන්නේ අද රාත්‍රියේ. ලින් හා කලීෆ් වෛරී විවේචනයන්ට ලක්වීමට ඔවුන්ට තිබෙන පිරිමියෙකුට සමාන පෙනුමත් ප්‍රධාන හේතුවක්.

ඇල්ජීරියානු ජාතික ගීය වාදනය වීමෙන් පසුව ලින් සහ ලෝකඩ පදක්කම්ලාභිනියන් වන චීන තායිපේ හි Chen Nien-chin සහ තායිලන්තයේ Janjaem Suwannaphengගෙන් නැගුනු අත්පොළසනින් ඉමාන් කලීෆ්ගේ දෑස් කඳුලින් බරවුනා.

සාර්ථකත්වයේ සතුරන් විසින් තමාව විවේචනය කර ඇතැයි කලීෆ් පැවසුවා. “එයින් මගේ සාර්ථකත්වයට විශේෂ රසයක් එක්වුනා” යනුවෙන් ඇය ප්‍රකාශ කළා.

zdr325gff

“ජාත්‍යන්තර බොක්සිං සංගමය මාව හොඳට දන්නවා. මට කරන්න පුළුවන් දේ ගැන ඔවුන් දන්නවා. අවුරුදු ගණනාවක් තිස්සේ මම දියුණු වුනේ කොහොමද කියල ඒගොල්ලෝ දන්නවා. නමුත් හදිසියේම දැන් ඔවුන් මාව පිළිගන්නේ නැහැ.”

“ඔවුන් මට වෛර කරනවා. ඒ ඇයි කියල මම ඇත්තටම දන්නේ නැහැ.”

තමාගේ රන් පදක්කම සමග තමා එක පණිවිඩයක් ලෝකයට යවා ඇති බවත් “අභිමානය හා ගෞරවය අන් සියල්ලට වඩා උසස්” යන්න එම පණිවුඩය බවත් කලීෆ් සඳහන් කළා.

“මුළු මහත් ලෝකයට මම දෙන පණිවිඩය වන්නේ ඔවුන් ඔලිම්පික් ප්‍රතිපත්ති සමඟ බැඳී සිටිය යුතු බව හා ඔවුන් අනුන්ට හිරිහැර කිරීම වැළැක්විය යුතු බව යි” කලීෆ් පැවසුවා.

“මෙය ඔලිම්පික් වටිනාකමේ පණිවුඩය යි.”

“මිනිසුන්ට හිරිහැර කිරීම නතර කර ඔලිම්පික් ප්‍රඥප්තියට කැපවේවි කියා මම ප්‍රාර්ථනා කරනවා. අපි ඔලිම්පික් උළෙලට ඇවිත් ඉන්නේ ක්‍රීඩිකාවන් ලෙස තරග කරන්නයි. මෙවැනි ප්‍රහාර ඉදිරියේදී දක්නට නොලැබෙනු ඇතැයි මම අපේක්ෂා කරනවා!” යනුවෙන් ඇය කියා සිටියා.

එහෙත් ඉමාන් කලීෆ්ගේ පැතුම ඇයට නොලැබීමට ඉඩ තිබෙනවා. තරගයේ අවසාන සීනුව නාද වී මිනිත්තු කිහිපයක් ඇතුළත පුරාවෘත්ත ටෙනිස් ක්‍රීඩිකා මාටිනා නව්රතිලෝවා සමාජ මාධ්‍යයේ සටහනක් තබමින්, ‘ලැජ්ජයි IOC’ යනුවෙන් කියා සිටියා.

මේ අනුව පැහැදිලිව පෙනී යන්නේ මේ රන් පදක්කමෙන් මේ කතාව අවසන්‌ නොවන බව.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


සබැඳි ලිපි :
'මගේ දරුවා ගැහැනු ළමයෙක්' : ඉමාන් කලීෆ්ගේ පියා සාක්ෂි ඉදිරිපත් කරයි
ආන්දෝලනාත්මක ඇල්ජීරියානු බොක්සිං ක්‍රීඩිකාව ඔලිම්පික් පදක්කමක් සහතික කර ගනී

පිරිමි ජාන සහිත කාන්තාවන් දෙදෙනෙක් නිසා රත්වන පැරිස් ඔලිම්පික් කාන්තා බොක්සිං වළල්ල
ඔබ ජෙන්ඩර් ෆෝබියා තත්වයකින් පෙලෙනවාද? - (චින්තන ධර්මදාස)
ඔලිම්පික් කාන්තා බොක්සිං වළල්ලේ මහා අවුලක්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'අනෙක් කාන්තාවන් වගේම මමත් ගැහැනියක්' : රන් දිනාගත් කලීෆ් වෛර කරන්නන්ට කියයි | The Leader