The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මතභේදාත්මක බොක්සිං ක්‍රීඩිකාවන් දෙදෙනාම රන් දිනා ගනිති

T

The Leader Desk

August 11, 2024 • 1:53 PM

මතභේදාත්මක බොක්සිං ක්‍රීඩිකාවන් දෙදෙනාම රන් දිනා ගනිති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කාන්තා ෆෙදවේට් බොක්සිං තරගය ජය ගත්තා.
  • මේ අනුව, 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ස්ත්‍රී-පුරුෂ භාවයේ මතභේදයට මැදි වෙමින් ක්‍රීඩා ලෝකයේ දැඩි අවධානයට ලක්වූ බොක්සිං ක්‍රීඩිකාවන් දෙදෙනා ම ඔලිම්පික් රන් පදක්කම් දිනා ගැනීමට සමත්ව සිටිනවා.
  • මේ ක්‍රීඩිකාවන් දෙදෙනාගේ ශරීරවල පිරිමි ජාන තිබෙන බවට තීන්දු කරමින් ජාත්‍යන්තර බොක්සිං සංගමය පසුගිය වසරේ පැවති ලෝක බොක්සිං ශූරතාවලියෙන් ඔවුන් ඉවත් කළා.
  • වට තුනක් අවසානයේ ඇය ජයග්‍රාහිකාව ලෙස ඒකමතිකව තීරණය කෙරුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

කාන්තා ෆෙදවේට් බොක්සිං තරගය ජය ගත්තා.

මේ අනුව, 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ස්ත්‍රී-පුරුෂ භාවයේ මතභේදයට මැදි වෙමින් ක්‍රීඩා ලෝකයේ දැඩි අවධානයට ලක්වූ බොක්සිං ක්‍රීඩිකාවන් දෙදෙනා ම ඔලිම්පික් රන් පදක්කම් දිනා ගැනීමට සමත්ව සිටිනවා.

මේ ආන්දෝලනාත්මක බොක්සිං ක්‍රීඩිකාවන් දෙදෙනා ම රන් පදක්කම් දිනා ගත්තේ ඔවුන්ගේ විවේචකයන් රිදවමින්. මේ ක්‍රීඩිකාවන් දෙදෙනාගේ ශරීරවල පිරිමි ජාන තිබෙන බවට තීන්දු කරමින් ජාත්‍යන්තර බොක්සිං සංගමය පසුගිය වසරේ පැවති ලෝක බොක්සිං ශූරතාවලියෙන් ඔවුන් ඉවත් කළා. කෙසේ වෙතත්. එම සංගමයේ මූල්‍ය හා පාලන කටයුතු සම්බන්ධයෙන් උද්ගත වූ ගැටළු හේතුවෙන් ජාත්‍යන්තර බොක්සිං සංගමයට තිබූ පිළිගැනීම ජගත් ඔලිම්පික් කමිටුව විසින් අහෝසි කළා.

grgert

ඉන්පසුව, පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බොක්සිං තරග මෙහෙයවූ ඔලිම්පික් කමිටුව මේ ක්‍රීඩිකාවන්ට තරග කිරීමට අවස්ථාව ලබා දුන්නා.

විසිඅට හැවිරිදි ලින් ඊයේ රාත්‍රියේ රන් පදක්කම දිනා ගත්තේ පෝලන්තයේ විසි හැවිරිදි ජූලියා ෂෙරමෙටා (Julia Szeremeta) ට දිගට හරහට පහර දෙමින්. වට තුනක් අවසානයේ ඇය ජයග්‍රාහිකාව ලෙස ඒකමතිකව තීරණය කෙරුනා.

34453f
තරගය ජය ගැනීමෙන් පසුව ලින් දණින් වැටුනු අතර ඇගේ ප්‍රතිවාදිනිය නිහතමානීව ඇයට සුභ පැතුවා.

මෙය විශේෂිත සිදුවීමක් වූයේ මීට පෙර ලින් වෙතින් පරාජය වූ ප්‍රතිවාදිනියන් දෙදෙනා ම තරගයෙන් පසුව ඔවුන්ගේ දබරැඟිලි හරස් කර X සලකුණ ප්‍රදර්ශනය කළ බැවින්. ඔවුන් එමගින් දන්වා සිටියේ ඔවුන්ගේ ශරීරවල අඩංගුව තිබෙන්නේ කාන්තා ජාන මිස පිරිමි ජාන නොවන බව.

එහෙත් තරගයෙන් පරාජය වූ ක්‍රීඩාශීලී ෂෙරමෙටා නරඹන්නන්ට ප්‍රදර්ශනය කිරීම පිණිස තෝරා ගත්තේ හදවත හැඩයේ සලකුණ. ලින් කිහිප වතාවක්ම නරඹන්නන්ට හිස නමා ආචාර කර ඔවුන්ට ස්තූතිය පළ කර සිටියේ ඇගේ හදවතට ද ඇඟිල්ල දිග්කරමින්.

“මම අසීරුතාවට පත්වූ සහ මගේ හදවත බිඳවැටුනු අවුරුදු කීපයක්ම මට තිබුනා. නමුත් අවසානයේ මගේ සිහින සැබෑ වී තිබෙනවා” යනුවෙන් ලින් තරගයෙන් පසුව කියා සිටියා.

“මට හරිම සතුටුයි. මම මගේ රට වෙනුවෙන් බොක්සිං ඉතිහාසය නැවත ලියා තිබෙනවා.”

ප්‍රතිවාදිනියන් පමණක් නොව ඇගේ විවේචකයන් ද අභිබවා යාමට මේ ක්‍රීඩිකාවට හැකිවුනේ ඇය රන් පදක්කම් ත්‍යාගය කෙරෙහි පමණක් ම දැඩි අවධානය යොමු කර සිටි බැවින්.

cgfhtry45

“මම මගේ අවධානය යොමු කළේ තරගාවලිය ගැනයි. සුපිරි තරගකාරියක් කළ යුත්තේ එය යි” ලින් කියා සිටියා.

“තරගාවලිය අතරතුරත්, ඔලිම්පික් ක්‍රීඩා උළෙල අතරතුරදීත් මට එරෙහිව නැගුනු චෝදනා ගැන කතා කරනවා නම්... පිටතින් එන තොරතුරු නොලැබෙන පරිදි මම මගේ සියළුම සමාජ මාධ්‍ය වසා දැමුවා.”

“මම අවධානය යොමු කළේ මගේ තරගකාරිය වෙන්නේ කවුද, මගේ පුහුණුවීම හා තරගයේදී ජයග්‍රහණය සඳහා මගේ උපරිම ක්‍රීඩාව කරන්නේ කොහොමද  යන කාරණා ගැන පමණයි.”

කෙසේ වෙතත්, ලින් යූ-ටිංගේ සටන ඇය පැරිසියෙන් පිටව ගිය පසුවත් දිගටම පැවැත්වෙනු ඇත්තේ ඇයට එරෙහිව නැගූ ලිංගිකත්වයේ චෝදනා හා ඇයගේ වෛද්‍ය වාර්තා අනාවරණය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර බොක්සිං සංගමයට නඩු පැවරීමට තායිවානයේ ක්‍රීඩා බලධාරීන් සූදානම් වන බැවින්.

වයස අවුරුදු 13ක්ව සිටියදී බොක්සිං ක්‍රීඩාව ආරම්භ කළ ඉමාන් කලීෆ් හා ලින් යූ-ටිං යන රත්තරං කෙල්ලන්ව පරුෂකමේ දෙසතියකට තල්ලු කළ ජාත්‍යන්තර බොක්සිං සංගමය නිහඬ කිරීම සඳහා ජගත් ඔලිම්පික් කමිටුව සමග කරන සාකච්ඡා පැරිසියෙන් පසුවත් දිගටම පැවැත්වෙනු ඇත.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



සබැඳි ලිපි :
'අනෙක් කාන්තාවන් වගේම මමත් ගැහැනියක්' : රන් දිනාගත් කලීෆ් වෛර කරන්නන්ට කියයි
'මගේ දරුවා ගැහැනු ළමයෙක්' : ඉමාන් කලීෆ්ගේ පියා සාක්ෂි ඉදිරිපත් කරයි
ආන්දෝලනාත්මක ඇල්ජීරියානු බොක්සිං ක්‍රීඩිකාව ඔලිම්පික් පදක්කමක් සහතික කර ගනී
පිරිමි ජාන සහිත කාන්තාවන් දෙදෙනෙක් නිසා රත්වන පැරිස් ඔලිම්පික් කාන්තා බොක්සිං වළල්ල
ඔබ ජෙන්ඩර් ෆෝබියා තත්වයකින් පෙලෙනවාද? - (චින්තන ධර්මදාස)
ඔලිම්පික් කාන්තා බොක්සිං වළල්ලේ මහා අවුලක්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මතභේදාත්මක බොක්සිං ක්‍රීඩිකාවන් දෙදෙනාම රන් දිනා ගනිති | The Leader