The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලොව ශ්‍රේෂ්ටතම මැරතන් ක්‍රීඩකයා වාහනයකින් අවසන් රේඛාවට යයි

T

The Leader Desk

August 14, 2024 • 11:01 AM

ලොව ශ්‍රේෂ්ටතම මැරතන් ක්‍රීඩකයා වාහනයකින් අවසන් රේඛාවට යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තරගයේ කිලෝමීටර් 31කින් පසුව නතර වූ ඔහු ඒ මොහොතේ අන්තිමට තරග වදිමින් සිටි මොන්ගෝලියාවේ Ser-Od Bat-Ochir ට තමා පසුකර යාමට අවස්ථාව ලබා දුන්නා.
  • Tamirat Tola ඉතියෝපියාවේ 22 හැවිරිදි Tamirat Tola පැය 2යි මිනිත්තු 6යි තත්පර 26ක ඔලිම්පික් වාර්තාගත කාලයකින් තරගය ජයග්‍රහණය කළා.
  • ඔහු තරගය අවසන් කළේ බෙල්ජියමේ Bashir Abdi ට වඩා තත්පර 21කට කළින්.
  • තරගයේ කිලෝමීටර් 20 සලකුණෙන් පසුව තමාට කොන්දේ වේදනාවක් දැනුනු බව කී මේ මැරතන් ධාවකයා ඔහුගේ අනාගතය පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළේ නැහැ.“මගේ අනාගතය කොහොම වේවිද කියල කියන්න මම දන්නේ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):


තරගයේ කිලෝමීටර් 31කින් පසුව නතර වූ ඔහු ඒ මොහොතේ අන්තිමට තරග වදිමින් සිටි මොන්ගෝලියාවේ Ser-Od Bat-Ochir ට තමා පසුකර යාමට අවස්ථාව ලබා දුන්නා.

රියෝ හා ටෝකියෝ නගරවල පැවති පසුගිය ඔලිම්පික් ක්‍රීඩා උළෙල දෙකේදීම රන් පදක්කම් දිනා ගත් මැරතන් ධාවනයේ පුරාවෘත්තයක් වන මේ ක්‍රීඩකයා තරගය මැදදී අවසාන රේඛාවට විරුද්ධ දිසාවට මුහුණලා සිටගෙන සිටි දර්ශනයෙන් පැරිසිය කම්පාවට පත්වුනා.

 

තරගය නරඹමින් සිටි සෙනඟ චියර් කරමින් හා අත්පොළසන් දෙමින් ඔවුන්ගේ ආදරය පළ කරමින් සිටියදී, මාර්ගය දිගේ පේලි ගැසී සිටි ක්‍රීඩා ලෝලීන්ට තමාගේ පාවහන්, මේස් හා තරග අංකය සඳහන් පටිය බාර දුන් කිප්චොගේ විඩාපත්ව ඔලිම්පික් වෑන් රථයක් ඇතුළට නොපෙනී ගියේ පුරාවෘත්ත ක්‍රීඩකයෙකුගේ අවසාන ඔලිම්පික් දසුනක් මවමින්.

kipකිප්චොගේ ඉලක්ක කරගෙන සිටියේ ඓතිහාසික පිට පිට තෙවැනි ඔලිම්පික් රන් පදක්කමත් දිනා ගැනීමට

තිස්නව වියේදී තම ක්‍රීඩා දිවිය සිහින අවසානයකින් සනිටුහන් කිරීමේ අපේක්ෂාවෙන් පසුවූ කිප්චොගේ අන්තිමට ඔහුගේ වර්ණවත් මැරතන් දිවිය අවසන් කළේ තමාගේ ක්‍රීඩා පාවහන් ක්‍රීඩා ලෝලියෙකුට ලබා දෙමින්. 

වසර 2018 සිට 2023 දක්වා ලෝක වාර්තාව උසුලාගෙන සිටි කිප්චොගේ ඉලක්ක කරගෙන සිටියේ ඓතිහාසික පිට පිට තෙවැනි ඔලිම්පික් රන් පදක්කමත් දිනා ගැනීමට. නමුත් ඉදිරි තරගකරු පොකුරට වඩා මිනිත්තු අටකින් පමණ පසුබෑමකට ලක්වීමෙන් පසුව තරගයෙන් ඉවත් වීමට ඔහු තීරණය කළා.

 

tola678Tamirat Tola

ඉතියෝපියාවේ 22 හැවිරිදි Tamirat Tola පැය 2යි මිනිත්තු 6යි තත්පර 26ක ඔලිම්පික් වාර්තාගත කාලයකින් තරගය ජයග්‍රහණය කළා. ඔහු තරගය අවසන් කළේ බෙල්ජියමේ Bashir Abdi ට වඩා තත්පර 21කට කළින්. කෙන්යාවේ Benson Kipruto ලෝකඩ පදක්කම හිමිකර ගත්තා.

“මේක තමයි මගේ නරක ම මැරතන් තරගය. මම කිසිම තරගයක DNF එකක් (did not finish - තරගය අවසන් කළේ නැහැ) කරලා නැහැ. මේක තමයි ජීවිතේ..” යනුවෙන් කිප්චොගේ පැවසුවා.

තරගයේ කිලෝමීටර් 20 සලකුණෙන් පසුව තමාට කොන්දේ වේදනාවක් දැනුනු බව කී මේ මැරතන් ධාවකයා ඔහුගේ අනාගතය පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළේ නැහැ.“මගේ අනාගතය කොහොම වේවිද කියල කියන්න මම දන්නේ නැහැ. ඊළඟ මාස තුනේදී මම ඒ ගැන කල්පනා කරනවා. මට තවමත් ඔ්න කරන්නේ මැරතන් තරග කිහිපයක් දුවන්නයි” කිප්චොගේ කියා සිටියා.

බොහෝ කාලයක් පුහුණු වුනත් දිනෙක මෙය සිදුවිය හැකි බව ඔහු කීවා.

 

kipchමේක හරියට බොක්සිං වගෙයි. ඔබ මාස පහක් පුහුණු කඳුවරකට ගිහින් හිටියත් තරගයේදී තත්පර දෙකෙන් බිම වැටෙන්න පුළුවන්
“මේක හරියට බොක්සිං වගෙයි. ඔබ මාස පහක් පුහුණු කඳුවරකට ගිහින් හිටියත් තරගයේදී තත්පර දෙකෙන් බිම වැටෙන්න පුළුවන්.”

“නමුත් ජීවිතය දිගටම ගලා යාවි.”

තරගය පැවති පැරිසියේ කඳු සහිත දුෂ්කර මාර්ගයෙන් තමා බිඳ නොවැටුනු බව ඔහු පැවසුවා.

“කිලෝමීටර් 20දී පමණ මට මගේ කොන්දේ අමාරුවක් දැනුනා. තරගය අවසන් නොකර එයින් පිටවෙන්න ඔ්න කියල මම ඒ වෙලාවෙ තීරණය කළා.”

“තරග මාර්ගයේ තිබෙන කඳුවලින් මට කිසිම බාධාවක් වුනේ නැහැ. මාව නතර කළේ වේදනාවයි. දිගටම දුවන්න කියල අනෙක් තරගකරුවන් මට කීවා. නමුත් මට වේදනාවක් තියෙන නිසා ඒක කරන්න බැහැ කියා මම ඔවුන්ට කීවා.”

“ඔවුන්ගෙන් ලැබුනු ආදරය හා ගෞරවය මට දැනුනා” යනුවෙන් තරගය අවසන් කිරීමට නොහැකි වූ තරගකරුවන් දස දෙනාගෙන් කෙනෙකු වූ එලියඩ් කිප්චොගේ සඳහන් කළා.

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...