The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මතභේදාත්මක බොක්සිං රන් පදක්කම්ලාභිනිය ට්‍රම්ප්, මස්ක් හා රෝලිං ට නඩු දමයි

T

The Leader Desk

August 14, 2024 • 4:54 PM

මතභේදාත්මක බොක්සිං රන් පදක්කම්ලාභිනිය ට්‍රම්ප්, මස්ක් හා රෝලිං ට නඩු දමයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යන පුද්ගලයන් නම් කරමින් මතභේදාත්මක ඔලිම්පික් බොක්සිං රන් පදක්කම්ලාභී ඉමාන් කලීෆ් සාපරාධී චෝදනාවක් ගොනු කර තිබෙනවා.
  • කලීෆ් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ඉතාලියේ අන්ජෙලා කරීනි තත්පර 46කින් පරාජය කිරීමෙන් පසුව සමාජ මාධ්‍ය හරහා අදහස් දැක්වූ ලොව ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනෙක් මේ චෝදනාවේ නම් කර තිබෙනවා.
  • ප්‍රංශ නීතියට අනුව මෙයින් අදහස් කෙරෙන්නේ නඩුව ගොනුකර තිබෙන්නේ නොදන්නා පුද්ගලයන්ට එරෙහිව බව.
  • කලීෆ් ට එල්ල වූ ප්‍රහාරවලින් වැඩි කොටසක් පැමිණියේ විශේෂයෙන් X/Twitter ඇතුළු සමාජ මාධ්‍ය හරහා.
අකුරු ප්‍රමාණය (Font Size):

යන පුද්ගලයන් නම් කරමින් මතභේදාත්මක ඔලිම්පික් බොක්සිං රන් පදක්කම්ලාභී ඉමාන් කලීෆ් සාපරාධී චෝදනාවක් ගොනු කර තිබෙනවා.

‘සයිබර් අවකාශයෙන් බරපතල කරදර හිරිහැර කිරීම’ මත මේ පැමිණිල්ල කර තිබෙනවා.

ඔලිම්පික් බොක්සිං රන් පදක්කමක් දිනා ගත් පළමු අරාබි හා අප්‍රිකානු කාන්තාව බවට පත්ව සිටින්නේ ඇල්ජීරියාවේ ඉමාන් කලීෆ්.

වීරවරියකගේ උණුසුම් පිළිගැනීමක් ලබමින් කලීෆ් ඇයගේ උපන් රට වන ඇල්ජීරියාව ට පා තැබීමෙන් දින කිහිපයකට පසුව ඇගේ නීතිඥ කණ්ඩායම විසින් මේ චෝදනාව ගොනු කර තිබෙනවා. කලීෆ් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ඉතාලියේ අන්ජෙලා කරීනි තත්පර 46කින් පරාජය කිරීමෙන් පසුව සමාජ මාධ්‍ය හරහා අදහස් දැක්වූ ලොව ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනෙක් මේ චෝදනාවේ නම් කර තිබෙනවා.

w45345f
නඩුව පවරා තිබෙන්නේ X සමාජ මාධ්‍ය වේදිකාවට එරෙහිව. ප්‍රංශ නීතියට අනුව මෙයින් අදහස් කෙරෙන්නේ නඩුව ගොනුකර තිබෙන්නේ නොදන්නා පුද්ගලයන්ට එරෙහිව බව. මෙමගින් සියළුම පුද්ගලයන්ට එරෙහිව පරීක්ෂණ පැවැත්වීමේ පුළුල් ඉඩක් පැමිණිලි පක්ෂයට ලැබෙනවා.

කලීෆ් ට එල්ල වූ ප්‍රහාරවලින් වැඩි කොටසක් පැමිණියේ විශේෂයෙන් X/Twitter ඇතුළු සමාජ මාධ්‍ය හරහා.

ජේ.කේ.රෝලිං ෆැන්ටසි කතුවරිය ඇයගේ මිලියන 14.2ක් වන අනුගාමිකයන් වෙත නිකුත් කළ එක් පණිවිඩයක කරීනි සමග කලීෆ්ගේ සටනේ ඡායාරූපයක් පළ කරමින්, පිරිමියෙකු වන කලීෆ් කාන්තාවකගේ හිසට ගැසූ පහරින් කාන්තාව අත්විඳින දැඩි වේදනාව දකිමින් සතුටු වූ බවට චෝදනා කළා.

“කාන්තා ක්‍රීඩාවන්ට පිරිමි අයිති නැහැ” යනුවෙන් පිහිනුම් ක්‍රීඩිකා Riley Gaines තැබූ පෝස්ටුවක් ඊලොන් මස්ක් විසින් බෙදා ගනු ලැබුවා.

lkserewr

බිලියනපති X අයිතිකරුවා එම පණිවුඩයට අනු-අත්සන තබා තිබෙන්නේ “නිසැකව ම” යනුවෙන් සටහන් කරමින්.

කලීෆ් හා කරීනි අතර පැවති තරගයේ ඡායාරූපයක් සමග ඩොනල්ඩ් ට්‍රම්ප් පෝස්ටුවක් තැබුවේ මෙසේ සඳහන් කරමින්: “මම පිරිමින්ව කාන්තා තරගවලින් ඉවත් කරනවා!”

hslkdf445

මේ පුද්ගලයන් පමණක් නොව අවශ්‍ය යැයි හැඟෙන ඔ්නෑම කෙනෙකුට එරෙහිව පරීක්ෂණ සිදුකරන ලෙසට පැමිණිල්ලෙන් ඉල්ලා සිටින බව පැරිසියේ සිටින කලීෆ්ගේ නිතිඥ Nabil Boudi ප්‍රකාශ කරනවා. “මේ නඩුව උසාවියට ගියොත්, ඔවුන්ට නඩුවට පෙනී සිටින්න සිදුවේවි.”

නඩුව ගොනුකර තිබෙන්නේ ප්‍රංශයේ වූව ද, එයින් විදේශයන් හි සිටින පුද්ගලයන් ඉලක්ක කළ හැකි බවත් පැමිණිල්ලේ නීතිඥවරුන්ට අනෙක් රටවල සහයෝගය ඉල්ලා සිටිය හැකි බවත් Boudi සඳහන් කරනවා.

ඉමාන් කලීෆ් පිළිබඳ අවධානය පුපුරා ගියේ කරීනි ට එරෙහි ඔලිම්පික් තරගයේ ආධිපත්‍ය පතුරුවමින් ඇය ලබා ගත් ජයග්‍රහණයෙන් පසුව. එම ජයග්‍රහණයෙන් පසුව ලෝක නායකයන් හා කීර්තිමත් පුද්ගලයන් ඇතුළුව බොහෝ පුද්ගලයන් කලීෆ්ගේ සුදුසුකම ප්‍රශ්න කළා. එසේත් නැත්නම් ඇය පිරිමියෙකු බවට අසත්‍ය ප්‍රකාශ සිදුකළා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මතභේදාත්මක බොක්සිං රන් පදක්කම්ලාභිනිය ට්‍රම්ප්, මස්ක් හා රෝලිං ට නඩු දමයි | The Leader