The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

දුර්වර්ණ වූ ඔලිම්පික් පදක්කම් වෙනුවට අලුත් පදක්කම්

T

The Leader Desk

August 15, 2024 • 7:57 AM

දුර්වර්ණ වූ ඔලිම්පික් පදක්කම් වෙනුවට අලුත් පදක්කම් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔවුන් මෙසේ පොරොන්දු වී තිබෙන්නේ 2024 පැරිස් ඔලිම්පික් තරග බිමේ සිටින ඉහළම පෙලේ ක්‍රීඩකයෙක් තමාට ලැබුනු දුර්වර්ණ වූ පදක්කම පිළිබඳව කළ අනාවරණයෙන් ලජ්ජාවට පත්වීමෙන් පසුව.
  • නයිජා අමෙරිකාව වෙනුවෙන් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ස්කේට්බෝඩ් පිරිමි වීදී ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ ජූලි 29 වැනිදා.
  • පොත්ත වෙන්ව ගොස් තිබෙන එවැනි පදක්කම් වෙනුවට වෙනත් පදක්කම් ලබා දෙන බවට 2024 ඔලිම්පික් ප්‍රධානීන් දැන් පවසා තිබෙනවා පොත්ත වෙන්ව ගොස් තිබෙන එවැනි පදක්කම් වෙනුවට වෙනත් පදක්කම් ලබා දෙන බවට 2024 ඔලිම්පික් ප්‍රධානීන් දැන් පවසා තිබෙනවා.
  • පදක්කමක් දිනා ගත් ක්‍රීඩකයෙක් එම පදක්කම ලබා ගෙන දින කිහිපයක් ගතවෙද්දී ඊට හානි සිදුව තිබෙන අයුරු සඳහන් සමාජ මාධ්‍ය වාර්තාවක් පිළිබඳව ‘පැරිස් 2024’ සංවිධායකයන් දැනුවත්ව සිටින බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔවුන් මෙසේ පොරොන්දු වී තිබෙන්නේ 2024 පැරිස් ඔලිම්පික් තරග බිමේ සිටින ඉහළම පෙලේ ක්‍රීඩකයෙක් තමාට ලැබුනු දුර්වර්ණ වූ පදක්කම පිළිබඳව කළ අනාවරණයෙන් ලජ්ජාවට පත්වීමෙන් පසුව.

 

nyjaනයිජා හියුස්ටන්

අමෙරිකානු ස්කේට්බෝඩ් ක්‍රීඩක නයිජා හියුස්ටන් (Nyjah Huston) ලෝකඩ පදක්කමක් ලබා ගෙන සතියක් යාමට පෙර ඔහුගේ පදක්කම පොතු යන්නට පටන්‌ ගෙන තිබෙනවා. නයිජා අමෙරිකාව වෙනුවෙන් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ස්කේට්බෝඩ් පිරිමි වීදී ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ ජූලි 29 වැනිදා. කෙසේ වෙතත්, ‘ඉන්ස්ටග්‍රෑම්’හි රූප රාමුවක් ‘පෝස්ට්’ කරමින් මේ ක්‍රීඩකයා මල බැඳුණු පදක්කමේ කසිකබල් තත්ත්වය ඔහුගේ අනුගාමිකයන්ට අනාවරණය කර තිබෙනවා. තමන් ආශා කරන පදක්කමේ ඔපය නැතිව ගොස් එහි පොතු යමින් තිබෙන අයුරු එම රූපයේ දිස්වනවා.

AA1otLkG.imgපොත්ත වෙන්ව ගොස් තිබෙන එවැනි පදක්කම් වෙනුවට වෙනත් පදක්කම් ලබා දෙන බවට 2024 ඔලිම්පික් ප්‍රධානීන් දැන් පවසා තිබෙනවා

 

පොත්ත වෙන්ව ගොස් තිබෙන එවැනි පදක්කම් වෙනුවට වෙනත් පදක්කම් ලබා දෙන බවට 2024 ඔලිම්පික් ප්‍රධානීන් දැන් පවසා තිබෙනවා.

පදක්කමක් දිනා ගත් ක්‍රීඩකයෙක් එම පදක්කම ලබා ගෙන දින කිහිපයක්  ගතවෙද්දී ඊට හානි සිදුව තිබෙන අයුරු සඳහන් සමාජ මාධ්‍ය වාර්තාවක් පිළිබඳව ‘පැරිස් 2024’ සංවිධායකයන් දැනුවත්ව සිටින බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

“පැරිස් ඔලිම්පික් පදක්කම්වල නිෂ්පාදනය හා තත්ත්ව පාලනය ගැන වගකීම පවරා තිබෙන Monnaie de Paris ආයතනය සමග ඔලිම්පික් සංවිධායකයන් සමීපව කටයුතු කරමින් සිටිනවා. අදාළ පදක්කමට හානියක් වීමට හේතුව හා ඊට බලපෑ තත්ත්වයන් වටහා ගැනීම සඳහා අපි එම ක්‍රීඩාවට අයත් ජාතික ඔලිම්පික් කමිටුව සමග එක්ව ක්‍රියා කරනවා” යනුවෙන් ඔවුන් කියා සිටිනවා.

b6y654පැරිස් ඔලිම්පික් පදක්කම්වල නිෂ්පාදනය හා තත්ත්ව පාලනය ගැන වගකීම පවරා තිබෙන Monnaie de Paris ආයතනය  

පදක්කම් ලෝහයේ තත්ත්වය තමා මුලින් සිතාගෙන සිටි තරමට උසස් මට්ටමක නැති වීමට ඉඩ තිබෙන බවට අවධාරණය කරන හියුස්ටන් එහි තත්ත්වය දියුණු කරන ලෙසට ඉල්ලා සිටිනවා.

අයිෆල් කුළුනෙන් ලබා ගත් යකඩෙන් ඔප දමා මේ පදක්කම් තනා තිබෙන බවට ප්‍රකාශ වී ඇති බැවින් තමාගේ ලෝහ ත්‍යාගයේ තිබෙන මඳක් නොදිලිසෙන ගතිය හියුස්ටන් ට වැටහී යාම පුදුමයක් නෙවෙයි. 

“අලුතින් තියෙද්දී මේ පදක්කම්වලට විශිෂ්ට පෙනුමක් තියෙනවා” යනුවෙන් ඔහු පවසනවා.

 

usa house at paris 2024“අලුතින් තියෙද්දී මේ පදක්කම්වලට විශිෂ්ට පෙනුමක් තියෙනවා”

“නමුත් ඒක මගේ දහඩියත් එක්ක මගේ සමේ ගෑවී තිබීමෙන් පසුව හා මගේ මිතුරන්ට සතිඅන්තයේදී ඒක පළඳින්න අවස්ථාව ලබා දීමෙන් පසුව එහි තිබෙන්නේ පරණ පෙනුමක්.”

“ඒ පදක්කම් පැහැදිලිවම ඔබ සිතන තරමට උසස් තත්ත්වයේ ඒවා නෙවෙයි.”

“පදක්කමේ ඉදිරි පැත්තේ පවා ටිකක් පොතු යන්න පටන් ගෙන තියෙනවා. ඒ නිසා, ඔලිම්පික් පදක්කම්වල තත්ත්වය තව පොඩ්ඩක් නැංවීමට අවශ්‍ය බව මම හිතනවා.”

වෙනත් පෝස්ටුවකින් නයිජා හියුස්ටන් වැඩිදුරටත් මෙසේ කියා තිබෙනවා: “පදක්කමේ තියෙන්නේ හරියට ඒක යුද්ධෙට ගිහිං ආවා වගේ පෙනුමක්!”

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...