The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ආන්දෝලනාත්මක බොක්සිං රන් ක්‍රීඩිකාව යුද ගුවන්යානා ආරක්ෂාව මැදින් යළි මවුබිමට

T

The Leader Desk

August 15, 2024 • 3:23 PM

ආන්දෝලනාත්මක බොක්සිං රන් ක්‍රීඩිකාව යුද ගුවන්යානා ආරක්ෂාව මැදින් යළි මවුබිමට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එරට ජාතික ආඩම්බරය ප්‍රදර්ශනය කර තිබෙන්නේ හමුදා ශක්තිය පෙන්වමින්.
  • පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වී අගෝස්තු 13 වැනිදා යළි සියරට පැමිණි මේ දූපත් රාජ්‍යයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගනු ලැබුවේ ඔවුන් පැමිණි ගුවන්යානයට F-16 Viper fighter ජෙට් යානා විසින් ගුවනේදී දර්ශනීය ආරක්ෂාවක් සපයමින්.
  • ‘චීන තායිපේ’ නම යටතේ තරග වැදුනු තායිවාන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පැරිසියේදී විශිෂ්ට දස්කම් දක්වමින් රන් පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කම් පහක් ඇතුළුව ඔලිම්පික් පදක්කම් හතක් දිනා ගත්තේ ඔලිම්පික් ඉතිහාසයේ තායිවානයේ දෙවැනියට හොඳම දක්ෂතාව සටහන් කරමින්.
  • ක්‍රීඩකයින්ට ගෞරව දැක්වීම සඳහා ඔවුන් මවුබිමට පැමිණෙන කුලියට ගත් ගුවන්යානය පිරිවරා ඒම පිණිස F-16 fighter ජෙට් යානා තුනක් යොදවන ලෙසට ජනාධිපති Lai Ching-te නියෝග කර තිබුනා.
අකුරු ප්‍රමාණය (Font Size):
එරට ජාතික ආඩම්බරය ප්‍රදර්ශනය කර තිබෙන්නේ හමුදා ශක්තිය පෙන්වමින්.

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වී අගෝස්තු 13 වැනිදා යළි සියරට පැමිණි මේ දූපත් රාජ්‍යයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගනු ලැබුවේ ඔවුන් පැමිණි ගුවන්යානයට F-16 Viper fighter ජෙට් යානා විසින් ගුවනේදී දර්ශනීය ආරක්ෂාවක් සපයමින්.

‘චීන තායිපේ’ නම යටතේ තරග වැදුනු තායිවාන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පැරිසියේදී විශිෂ්ට දස්කම් දක්වමින් රන් පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කම් පහක් ඇතුළුව ඔලිම්පික් පදක්කම් හතක් දිනා ගත්තේ ඔලිම්පික් ඉතිහාසයේ තායිවානයේ දෙවැනියට හොඳම දක්ෂතාව සටහන් කරමින්.
stwetert

මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පැරිස් සාර්ථකත්වය හද සසල කරවන එකක් වූයේ විශේෂයෙන් කාන්තා බොක්සිං අවසාන තරගයේදී ලින් යූ-ටිංගේ රන් පදක්කම් ජයග්‍රහණය ඇල්ජීරියාවේ ඉමාන් කලීෆ්ගේ රන් ජයග්‍රහණය මෙන්ම ලෝකයාගේ විශේෂ අවධානයට යොමු වූ බැවින්. පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මේ බොක්සිං ක්‍රීඩිකාවන් දෙදෙනා ම ස්ත්‍රී-පුරුෂ භාවයේ උග්‍ර මතභේදයකට ලක්වුනා.

අභියෝග මධ්‍යයේ ලින්ගේ ජයග්‍රහණය තායිවානයේදී සමරනු ලැබුවේ මහත් උත්සවාකාරයෙන්. ඇගේ උපන් නගරය වන New Taipei City ලින් ට සහයෝගය දැක්වීම පිණිස විශාල සාදයන් පැවැත්වූවා.

ක්‍රීඩකයින්ට ගෞරව දැක්වීම සඳහා ඔවුන් මවුබිමට පැමිණෙන කුලියට ගත් ගුවන්යානය පිරිවරා ඒම පිණිස F-16 fighter ජෙට් යානා තුනක් යොදවන ලෙසට ජනාධිපති Lai Ching-te නියෝග කර තිබුනා.

ගුවන්යානය පසෙකින් උදේ අහසට සංඥා එළි නිකුත් කරමින් ජෙට් යානා පියාසර කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් තායිවාන ජාතික ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කර තිබෙනවා.

මේ සංදර්ශනයට සමාන දසුනක් 2021 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලින් පසුව ද තායිවාන ජනයාට දක්නට ලැබුනා. එහිදී ක්‍රීඩා උළෙල නිමවා යළි සියරට එන තායිවාන ක්‍රීඩකයන් සාදරයෙන් පිළිගැනීම පිණිස Mirage 2000-5 වර්ගයේ ජෙට් යානා හතරක් භාවිතා කෙරුනා.

ලින් යූ-ටිං ට අමතරව තායිවානයේ අනෙක් රන් පදක්කම දිනා ගත්තේ තමන්ගේ බැඩ්මින්ටන් පිරිමි යුගල ශූරතාව චීන කණ්ඩායමට එරෙහිව රැක ගත් Lee Yang හා Wang Chi-lin. මොවුන්ගේ ජයග්‍රහණ සහ ලෝකඩ පදක්කම් පහ තායිවානයේ විශිෂ්ට පැරිස් ඔලිම්පික් මෙහෙයුමක් වර්ණවත් කළා.

හෙට පැවැත්වෙන තායිවාන වීරයන්ගේ පෙළපාලියකින් ක්‍රීඩකයන්ට ගෞරවය දැක්වීමට නියමිතව තිබෙනවා.
 

 


සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආන්දෝලනාත්මක බොක්සිං රන් ක්‍රීඩිකාව යුද ගුවන්යානා ආරක්ෂාව මැදින් යළි මවුබිමට | The Leader