The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉමාන් කලීෆ් පිළිබඳ වාදය: බ්‍රිතාන්‍ය මාධ්‍යවේදිනියට හා නූපන් දරුවාට මරණ තර්ජන

T

The Leader Desk

August 16, 2024 • 10:37 AM

ඉමාන් කලීෆ් පිළිබඳ වාදය: බ්‍රිතාන්‍ය මාධ්‍යවේදිනියට හා නූපන් දරුවාට මරණ තර්ජන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනප්‍රිය ක්‍රීඩා වැඩසටහන් ඉදිරිපත් කරන්නියක හා මාධ්‍යවේදිනියක වන එංගලන්තයේ ලෝරා වුඩ්ස් (Laura Woods) ට හා ඇගේ නූපන් දරුවා ට සමාජ මාධ්‍ය ඔස්සේ මරණ තර්ජන එල්ල වී තිබෙනවා.
  • එතැන් සිට, තමාගේ නූපන් දරුවා ඉලක්ක කරගෙන මරණ තර්ජන කිහිපයක්ම ලැබී තිබෙන බවට මේ 37 හැවිරිදි ගැබිනි කාන්තාව X සමාජ මාධ්‍ය මගින් අනාවරණය කර තිබෙනවා.
  • “මගේ ම ලිංගිකත්වය ගැනත් ප්‍රශ්න කරමින් මගේ සේවාදායකයන්ට මාව රැකියාවෙන් අස්කරන ලෙසට කියා තිබෙනවා.
  • මම ගැබිනියක් නිසා මගේ ලිංගිකත්වය පිළිබඳ ඔවුන්ගේ ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් ලැබෙන්නට ඇතැයි මම සිතනවා.” තමාගේ නූපන් දරුවා ඉලක්ක කරගෙන මරණ තර්ජන කිහිපයක්ම ලැබී තිබෙන බවට මේ 37 හැවිරිදි ගැබිනි කාන්තාව X සමාජ මාධ්‍ය මගින් අනාවරණය කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනප්‍රිය ක්‍රීඩා වැඩසටහන් ඉදිරිපත් කරන්නියක හා මාධ්‍යවේදිනියක වන එංගලන්තයේ ලෝරා වුඩ්ස් (Laura Woods) ට හා ඇගේ නූපන් දරුවා ට සමාජ මාධ්‍ය ඔස්සේ මරණ තර්ජන එල්ල වී තිබෙනවා.

වුඩ්ස් ට මේ මරණීය තර්ජන එල්ල වී තිබෙන්නේ ඇය, ඔලිව බ්‍රවුන් විසින් The Telegraph පුවත්පතට ලියන ලද කාන්තා බොක්සිං ඔලිම්පික් රන් පදක්කම්ලාභී ඉමාන් කලීෆ් හා තායිවානයේ ලින් යූ-ටිං පිළිබඳ ලිපිය අගයමින් ඊට පිළිතුරු දීම හේතුවෙන්.

ඇල්ජීරියානු බොක්සිං ක්‍රීඩිකා ඉමාන් කලීෆ්
ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය මතුකළ එම ලිපියට ප්‍රතිචාර දක්වමින් වුඩ්ස්, “නියම ලිපියක් ඔලි” යනුවෙන් සටහනක් තැබුවා.

එතැන් සිට, තමාගේ නූපන් දරුවා ඉලක්ක කරගෙන මරණ තර්ජන කිහිපයක්ම ලැබී තිබෙන බවට මේ 37 හැවිරිදි ගැබිනි කාන්තාව X සමාජ මාධ්‍ය මගින් අනාවරණය කර තිබෙනවා.

“මම ඒ ලිපියට ප්‍රතිචාර දැක්වූ අවස්ථාවේ පටන් මටත් මගේ නූපන් දරුවාටත් බොහෝ මරණ තර්ජන ලැබී තිබෙනවා” යනුවෙන් TNT ක්‍රීඩා වැඩසටහන් ඉදිරිපත් කරන්නිය පවසනවා. “මගේ ම ලිංගිකත්වය ගැනත් ප්‍රශ්න කරමින් මගේ සේවාදායකයන්ට මාව රැකියාවෙන් අස්කරන ලෙසට කියා තිබෙනවා. මගේ නිවසට තර්ජනය කරනවා. මම ගැබිනියක් නිසා මගේ ලිංගිකත්වය පිළිබඳ ඔවුන්ගේ ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් ලැබෙන්නට ඇතැයි මම සිතනවා.”


addතමාගේ නූපන් දරුවා ඉලක්ක කරගෙන මරණ තර්ජන කිහිපයක්ම ලැබී තිබෙන බවට මේ 37 හැවිරිදි ගැබිනි කාන්තාව X සමාජ මාධ්‍ය මගින් අනාවරණය කර තිබෙනවා.


Love Island නමැති රිඇලිටි වැඩසටහනේ තරුවක් වන Adam Collard සමග විවාහ වී සිටින ලෝරා වුඩ්ස් ඔවුන්ගේ පළමු දරුවා අපේක්ෂාවෙන් සිටින බව පසුගිය ජූලි මාසයේදී ප්‍රසිද්ධියට පත්කළා.

තමාට සහ තමාගේ පවුල වෙත එල්ල කර තිබෙන තර්ජනවලට අමතරව අසභ්‍ය වචනවලින් යුත් තවත් විවිධ පණිවුඩ තමාට ලැබී තිබෙන බව ද ඇය කියා තිබෙනවා.

“මාව වර්ගවාදියෙක්, මම ස්ත්‍රී පුරුෂ භාවය නිසා වෙනස්කම් කරන්නෙක් හා මගේ මතයේ තදින් එල්බ සිටින්නෙක් ඇතුළු නොයෙකුත් අපහාසයන් මට එල්ල කර තිබෙනවා.”

 

tnt sports tv presenter laura 919500173Love Island නමැති රිඇලිටි වැඩසටහනේ තරුවක් වන Adam Collard සමග විවාහ වී සිටින ලෝරා වුඩ්ස් ඔවුන්ගේ පළමු දරුවා අපේක්ෂාවෙන් සිටින බව පසුගිය ජූලි මාසයේදී ප්‍රසිද්ධියට පත්කළා.
“මේ මාතෘකාව සම්බන්ධයෙන් කිසිම අවධානයක් මීට පෙර මම මතු නොකළේ ඇයි? කියා ඔවුන් මගෙන් ප්‍රශ්න කරනවා. ඊට පිළිතුර ඉහතින් සඳහන් වන බව ඔවුන් කියනවා.”

“පරීක්ෂණ ප්‍රතිඵලවල තවත් මිනිසෙකුගේ ආරක්ෂාවට බලපාන වෙනසක් තිබෙන විට ප්‍රශ්න ඇසීම සාධාරණයි. පිළිතුරු තවමත් පැහැදිලි නැහැ. පැහැදිලි වුනා නම් මේ මාතෘකාව අවසන් විය යුතුයි.”

 



සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉමාන් කලීෆ් පිළිබඳ වාදය: බ්‍රිතාන්‍ය මාධ්‍යවේදිනියට හා නූපන් දරුවාට මරණ තර්ජන | The Leader