The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

නිරෝෂන් දික්වැල්ලට යළි ක්‍රිකට් තරග තහනමක්

T

The Leader Desk

August 17, 2024 • 5:17 AM

නිරෝෂන් දික්වැල්ලට යළි ක්‍රිකට් තරග තහනමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (අගෝස්තු 16 වැනිදා) නිවේදනය කළේය.
  • එම අත්හිටුවීම වහාම ක්‍රියාත්මක වන අතර නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මකවනු ඇත.
  • ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2024 තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය විසින් ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට අදාළව එම පරීක්ෂණය පවත්වන ලද බව ද අදාළ නිවේදනයේ දැක්වෙයි.
  • තහනම් ද්‍රව්‍යවල බලපෑමෙන් ක්‍රිකට් ක්‍රීඩාව නිදහස්ව පවතින බව සහතික කිරීම අරමුණු කරගනිමින් ලෝක තහනම් උත්තේජක විරෝධී නියෝජිතායතනයේ (WADA) මාර්ගෝපදේශවලට අනුකූලව ක්‍රීඩා අමාත්‍යාංශයේ සහයෝගයෙන් එම පරීක්ෂණය කළ බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (අගෝස්තු 16 වැනිදා) නිවේදනය කළේය.

එම අත්හිටුවීම වහාම ක්‍රියාත්මක වන අතර නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මකවනු ඇත.

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2024 තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය විසින් ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට අදාළව එම පරීක්ෂණය පවත්වන ලද බව ද අදාළ නිවේදනයේ දැක්වෙයි.


0dd32000 5bd0 11ef b2d2 cdb23d5d7c5b.png

 

තහනම් ද්‍රව්‍යවල බලපෑමෙන් ක්‍රිකට් ක්‍රීඩාව නිදහස්ව පවතින බව සහතික කිරීම අරමුණු කරගනිමින් ලෝක තහනම් උත්තේජක විරෝධී නියෝජිතායතනයේ (WADA) මාර්ගෝපදේශවලට අනුකූලව ක්‍රීඩා අමාත්‍යාංශයේ සහයෝගයෙන් එම පරීක්ෂණය කළ බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.


පිරිසිදු හා සාධාරණ ක්‍රීඩාවක් සඳහා වූ කැපවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතිශයින් වැදගත් බවත්, ඕනෑම චෝදනාවක් සහ උල්ලංඝනය කිරීමක් බරපත ලෙස සලකනු ලබන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

වසරක ජාත්‍යන්තර තරග තහනමක් මාස 6ක දේශීය තරග තහනමක්

 

dikwalla2021 ජුනි මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ, එංගලන්ත තරග සංචාරය තුළදී ජෛව ආරක්ෂිත බුබුල බිඳ දැමීම හේතුවෙන් නිරෝෂන් දික්වැල්ලට මීට පෙර චෝදනා එල්ල විය.

 

2021 ජුනි මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ, එංගලන්ත තරග සංචාරය තුළදී ජෛව ආරක්ෂිත බුබුල බිඳ දැමීම හේතුවෙන් නිරෝෂන් දික්වැල්ලට මීට පෙර චෝදනා එල්ල විය.

දික්වැල්ල ඇතුළු ක්‍රීඩකයින් තිදෙනෙකුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එම චෝදනාව සම්බන්ධයෙන් වසරක ජාත්‍යන්තර තරග තහනමක්, මාස 6ක දේශීය තරග තහනමක් සහ දඩ මුදලක් පැනවීමට කටයුතු කෙරුණි.

කෙසේ වුවත් ඔවුන්ට එරෙහිව පනවා තිබු ජාත්‍යන්තර තරග තහනම සහ දේශීය තරග තහනම 2022 වසරේ ජනවාරි මස 07 වැනිදා ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුව මීට පෙර තීරණය කළේය.



(BBC සිංහල සේවය)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...