The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉමාන් කලීෆ් ඇගේ ගැහැනු සුන්දරත්වය ලොවට පෙන්වයි

T

The Leader Desk

August 17, 2024 • 11:33 AM

ඉමාන් කලීෆ් ඇගේ ගැහැනු සුන්දරත්වය ලොවට පෙන්වයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙවර ඇය සමාජ මාධ්‍යයේ සීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව සිටින්නේ බොක්සිං ප්‍රහාරවලින් නොව කාන්තාවක ලෙස ඇගේ සුන්දරත්වය ප්‍රදර්ශනය කරමින්.
  • මතභේදාත්මකව පැරිසියේදී දිනා ගත් රන් පදක්කම සමග කලීෆ් ඇයගේ ලස්සන ලොවට පෙන්වා තිබෙන්නේ ඇය පිරිමියෙක් බවට දොස් නැගූ අයට ‘කනේ පහරක්’ එල්ල කරමින්.
  • සමාජ මාධ්‍යයේ සටහන් කර ඇති එම වීඩියෝවේ කලී‌ෆ්, පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී චීනයේ Yang Liu පරදවා දිනා ගත් රන් පදක්කම ප්‍රදර්ශනය කරමින් සිනාවකින් මුව සරසාගෙන සිටිනවා.
  • “මම ඉපදුනේ ගැහැනියක් විදියට.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙවර ඇය සමාජ මාධ්‍යයේ සීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව සිටින්නේ බොක්සිං ප්‍රහාරවලින් නොව කාන්තාවක ලෙස ඇගේ සුන්දරත්වය ප්‍රදර්ශනය කරමින්.

මතභේදාත්මකව පැරිසියේදී දිනා ගත් රන් පදක්කම සමග කලීෆ් ඇයගේ ලස්සන ලොවට පෙන්වා තිබෙන්නේ ඇය පිරිමියෙක් බවට දොස් නැගූ අයට ‘කනේ පහරක්’ එල්ල කරමින්.

Khalif 4ඇය කළු පැහැති කමිසයක් පැළඳ කොණ්ඩය පිටුපසට ගැටගසා ගෙන කැමරාව දෙසට පහර එල්ල කරමින් සිටින අයුරු.

 

‘ඉන්ස්ටග්‍රෑම්’හි පෝස්ට් කර තිබෙන මන බඳන රූසපුවකින් යුත් අලුත් වීඩියෝවක කලීෆ් අලංකාරව සැරසී ඇය අමාරුවෙන් දිනා ගත් රන් පදක්කම ප්‍රදර්ශනය කරන්නේ ඉතාමත් ආකර්ෂණීය අයුරින්. වීඩියෝවෙන් පළමුව දිස්වන්නේ ඇය කළු පැහැති කමිසයක් පැළඳ කොණ්ඩය පිටුපසට ගැටගසා ගෙන කැමරාව දෙසට පහර එල්ල කරමින් සිටින අයුරු. ඉන්පසු තිරය යොමුවන්නේ ඇය ළා රෝස පැහැයෙන් යුත් මල් මල් සහිත සෘතුමය ඇඳුමක් පැළඳ ඊට ගැළපෙන කරාබුවලින් සහ ඇසැඳුන් හා තොල්පෙති පින්ක් පාටින් දිලිසෙන්නට හැඩකර ගෙන සිටින දසුනකට.


සමාජ මාධ්‍යයේ සටහන් කර ඇති එම වීඩියෝවේ කලී‌ෆ්, පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී චීනයේ Yang Liu පරදවා දිනා ගත් රන් පදක්කම ප්‍රදර්ශනය කරමින් සිනාවකින් මුව සරසාගෙන සිටිනවා.

 

Khalif 1කලී‌ෆ්, පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී චීනයේ Yang Liu පරදවා දිනා ගත් රන් පදක්කම ප්‍රදර්ශනය කරමින් සිනාවකින් මුව සරසාගෙන සිටිනවා.

“මම ඉපදුනේ ගැහැනියක් විදියට. මම ජීවත් වුනේ කාන්තාවක් විදියට. මම තරග කළේත් කාන්තාවක් විදියට. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා” යනුවෙන් 25 හැවිරිදි ඉමාන් කලීෆ් ඇයගේ ලිංගිකත්වය ප්‍රශ්න කළ විවේචකයන්ට කියා තිබුනා.


ඉමාන් කලීෆ් සංක්‍රාන්ති ලිංගික පුද්ගලයෙක් නෙවෙයි. ඇය උපන්නේ ගැහිනියක ලෙස. නමුත් ඇයට පිරිමි XY ක්‍රෝමසොම තිබෙන බවට චෝදනා එල්ල වී තිබෙනවා.

 

Khalif 5“මම ඉපදුනේ ගැහැනියක් විදියට. මම ජීවත් වුනේ කාන්තාවක් විදියට. මම තරග කළේත් කාන්තාවක් විදියට

සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...